හම්බන්තොට වරායට ජලය පිරවීම ඇරඹෙයි
මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායේ ද්‍රෝණියට ජලය පිරවීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ විය. වරායේ ජලය පුරවන අවස්ථාව නැරඹීම සඳහා ලක්ෂ ගණනක ජනතාවට අවස්ථාව ලබාදීමටත් වරාය පතුලට බැසීමේ විරල අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවරගෙන ඇති බව වාර්තා වේ.
උසින් මීටර් 21 වන හම්බන්තොට වරාය ජැටියේ මීටර් 17 ක් දක්වා උසට අද දිනයේ ජලය පිරවීමට නියමිතය. හම්බන්තොට වරාය පළමු අදියර යටතේ දියකඩන දෙකක් සහ භාණ්ඩ මෙහෙයවීමට සහ නෞකාවලට ඉන්ධන ලබාදීමට හැකිවන පරිදි පර්යන්ත දෙකක් ද ඉදිකර තිබෙන බව වරාය අධිකාරිය පවසයි.