හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි
හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී ඔහු සඳහන් කළේ "කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ බෑවේ. හම්බන්තොට නැව් නැති වුණාම ඒ නැව් ඒ වරායට හැරෙව්වා. මේ නිසා හැම වාහනයකම මිල ඉහළ ගියා. ඒ පාඩුව දරන්න වුණේ පාරිභෝගිකයාටයි. අපි නැවතත් තීරණයක් ගත්තා වාහන ගොඩබෑම කොළඹ වරායෙදි කරන්න." මේ අතර වරාය සේවකයන්ගේ විශ්‍රාම යන වයස 57 සිට 60 දක්වා වැඩි කර ඇති බවද ප්‍රකාශ කෙරුණා.
හම්බන්තොට වරාය චීනයට බදු දීම හේතුවෙන් කොළඹ වරායට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවත් එහි ප්රතිලාභ වරාය සේවකයින්ට ලබා දෙන බවත් මෙහි දී ප්‍රකාශ කෙරුණා.
Source: Neth News