හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

    [FONT=&quot]කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. සමුද්‍රීය සේවා සපයන මාස්ටර් ඩයිවර්ස් (පෞද්.) සමාගමේකළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේද ඔහුය. හම්බන්තොට වරාය පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙන මෙවන් සමයක ඔහු හම්බන්තොට වරායේ උපත පිළිබඳව ඉරිදා ලක්බිමටකරනවිශේෂ අනාවරණයකි මේ.[/FONT]
    [FONT=&quot]
    Ariyasili.jpg
    [/FONT]

    [FONT=&quot]මොකක්ද ඔබට හම්බන්තොට එක්ක තියෙන ගනුදෙනුව?[/FONT]
    [FONT=&quot]මට හම්බන්තොට ගැන තිබුණු දැක්ම මිහිපිට හුස්ම ගන්න කිසිවෙකුට තිබුණේ නෑ. මේක මීට දශක හතර පහකට කලින් මම දැකපු හීනයක්. ඒ කාලේ හම්බන්තොට පුංචි ටවුමක් තිබුණේ. පාරවල්වල යන්න බයයි අලි. මේක පුරාණ මාගම්පුර රාජධානිය. එහි තිබූ ගොඩවාය වරාය ලෝප්‍රකට එකක්. ඒ ආශ්‍රිතව වරායක් හදන සිහිනය මා නිතර දුටුවා.[/FONT]
    [FONT=&quot]ඒ ඉතිහාසයත් වර්තමානයත් සම්බන්ධ වෙන්නෙ කොහොමද?[/FONT]
    [FONT=&quot]මේක මම නිකම්ම කටට ආවට කියන කතාවක් නෙමෙයි. අවුරුදු ගණනක් මං මේ ගැන විමර්ශන කළා. මාගම්පුරට නැවත යාම කියන මාතෘකාව ඔස්සේ මම ‍පොත් ලිව්වා. පුවත්පත් ලිපි ලිව්වා. අපේ ශිෂ්ටාචාරය කේන්ද්‍ර වුණේ මෙතැනට. අපේ ජීවනාලිය තිබුණේ මේ භූමියේ. ඇත්තම කතාව මහින්ද රාජපක්ෂවටත් රනිල් වික්‍රමසිංහටවත් මම නිකම්ම කියපු දෙයක් නෙමේ; මේ වරාය සංකල්පය. ඉතිහාසය අධ්‍යයනය කරලා මම විමර්ශනාත්මකව ඉදිරිපත් කළ සත්‍යයක් මේක. ඒ හින්දා තමයි මම කියන්නේ හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පත් මං කියලා.[/FONT]
    [FONT=&quot]ඔබ මොන වගේ යෝජනාවක්ද ඔවුන්ට කළේ?[/FONT]
    [FONT=&quot]හම්බන්තොට වරාය හැදිය යුත්තේ ඇයි, අපි නැවත මාගම්පුරට යා යුත්තේ ඇයි කියලා මම පත්තරවලට පිටු ගණන් ලිව්වා. දක්ෂිණ සංවර්ධන අධිකාරිය පුවත්පත් දැන්වීමක් පළ කළා දකුණ සංවර්ධනය කරන්න ඔබේ යෝජනා දෙන්න කියලා. ඒ වෙනකොට මම මේ වරායේ සැලසුම ඇඳලා ඉවරයි. මේක මම 1992දී විතර පටන් ගත්තෙ. හම්බන්තොට තනිකර ගලුයි වැලියි විතරක් තියෙන ‍පොළව.[/FONT]
    [FONT=&quot]ඉතින් ඔබ මොකද කළේ?[/FONT]
    [FONT=&quot]මම මහින්ද රාජපක්ෂට රනිල් වික්‍රමසිංහට මම ඇඳපු සැලසුම් ඉදිරිපත් කළා. මගේ නැව් තුනක් අරන් ගිහින් පුංචි ධීවර වරාය අස්සෙ වැල්ලෙ ගිහින් මහින්ද රාජපක්ෂට පෙන්නුවා. මෙතන වරායක් හදන්න පුළුවන් කියලා. මම 96දී ලියපු ‍පොතට මම ලිව්වේ මා විසින් ජාතිය වෙනුවෙන් දායාද කරන ලද ත්‍යාගය කියලයි හම්බන්තොට වරාය ගැන. රාජපක්ෂ මහත්තයට ඒ ගැන කියද්දී කිව්වේ පිස්සු කියවන්න එපා විකී කියලයි දැං එයා වරයේ අයිතිකාරයා වගේ කතා කළාට.[/FONT]
    [FONT=&quot]මොකක්ද ඔබට මේ සා විසල් ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිබෙන පසුබිම?[/FONT]
    [FONT=&quot]මගේ ගම්පළාත ගාල්ලේ බද්දේගම, මම පාසල් ගියේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට, එහිදී මම වෛද්‍ය විද්‍යාලයට තේරුණා. නමුත් මම ඒ වෙද්දී ලංකාවේ ඉඳපු වේගවත්ම පිහිනුම්කරු. කිමිදුම් ශිල්පයත් මම ප්‍රගුණ කළා. වෛද්‍ය උපාධියට පයින් ගහලා කිමිදුම්කරුවෙක් වෙන සාහසික ක්‍රියාව මම නොබියව කළා.[/FONT]
    [FONT=&quot]ඊට පස්සේ ?[/FONT]
    [FONT=&quot]සිංගප්පූරුව බහලුම් වරායක් හදන්න හීනෙකින්වත් හිතපු නැති කා‍ලේ 1970දී මම කොළඹ වරායෙ බහලුම් පර්යන්තයක් හදන්න පටන් ගත්තා. ඒ සම්බන්ධයෙන් මා ගැන පුවත්පත්වල පවා ලිපි පළවුණා. මේක දැකපු බෙන්තොට හෝටලයේ සිටි ජර්මන් ජාතිකයෙක් කතා කළා ඔබ අපේ ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. ඔවුන් ඒ වනවිට සෞදි අරාබියේ විශාල බහලුම් පර්යන්තයක් හැදුවා. කිලෝමීටර් 3.75ක් දිග, මීටර් 20ගැඹුරු. ඒකෙ ඉදිකිරීම් කටයුතු ඇනහිටලා තිබුණේ. නමුත් ඒ වෙද්දී ආණ්ඩුවෙන් විශාල වැටුපක් සහිත රැකියාවක් මට හිමිව තිබූ නිසා මම එහි සේවය කළේ ටික කාලයයි. නමුත් ඒ සැලසුම්, වැඩසටහන් සියල්ල මම රැගෙන ආවා.[/FONT]
    [FONT=&quot]ඔබේ රැකියාවේ ස්වභාවය කුමක්ද?[/FONT]
    [FONT=&quot]මේක ඒ දවස්වල ආණ්ඩුවේ වැඩිම වැටුපක් ගෙවූ රැකියාව. කිමිදුම් නිලධාරි කියලා කිව්වේ. දැන් සමුද්‍රීය ඉංජිනේරු ලෙස හඳුන්වනවා. දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල විශේෂ පුහුණුවත් ලැබෙනවා. වසර දෙකක ශිෂ්‍යත්වයක් ලැබෙනවා. කුරුඳුවත්තේ බරපතළ මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් කිසි කරදරයක් නැතිව කසාද බැඳගන්න පුළුවන්. ඉතින් කවුරුවත් මේ රස්සාව අතහරින්න හිතන්නෙ නැහැ. මුහුද යට සියලුම කටයුතු කිරීමේ හැකියාව තමයි අපේ රැකියාවේ ස්වභාවය. දිය යට පෑස්සුම්, වෑද්දුම්, නැව් අලුත්වැඩියාව, වරාය තැනීම මේ ආදී සියලු කටයුතු පිළිබඳ අපි ප්‍රගුණ කළා.[/FONT]
    [FONT=&quot]
    Ariyasili1.jpg
    ආරියශීල වික්‍රමනායක, මහින්ද රාජපක්ෂට වරාය භූමිය පෙන්වමින්[/FONT]

    [FONT=&quot]කොහොම හරි ඔබේ හීනය සැබෑ කරමින් හම්බන්තොට වරාය ඉදිවුණා.[/FONT]
    [FONT=&quot]ඒක මහින්ද රාජපක්ෂ එකසැරේ කරපු ප්‍රාතිහාර්යයක් නමෛයි. මං මේකෙ බරපතළ අතීතයත් හෙව්වා. හාමුදුරුවරුන්ගෙන් පන්සල්වලින්, මහාචාර්ය මැන්දිස් රෝහණදීර, සූරියප්පෙරුම මහත්තයා එක්ක ගිහින් මේ ඉතිහාසය ගැන කතා කළා. පුරාණ ගොඩවාය වරාය තමයි මෙතන. මම එතන කිමිදිලා තියෙනවා. අඩි 126ක් යට තඹ සහ වීදුරු, මාබල් එක්ක ගිලුණු නැව් තියෙනවා. රෙදිවල ගැටගහපු කාසි ‍පොදි තියෙනවා. යකඩ තියෙනවා. දුටුගැමුණු රජ සමයේ යකඩ උණුකළ කෝව අපිට තිබෙනවා. මේ අපේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම තමයි මට අවශ්‍ය වුණේ.[/FONT]
    [FONT=&quot]වරාය සෑදීමේදී ඔබේ සැලසුම් ක්‍රියාත්මක වුණාද?[/FONT]
    [FONT=&quot]මං ඊට පෙර කිරින්ද ධීවර වරාය ඉදිකිරීමේදී ජපන් කොන්ත්‍රාත්කරුවෙක්ට වතුර යට ක්‍රියාවලින්ට දායකත්වය දුන්නා. කොළඹින් පාන්දර ගිහින් මම හම්බන්තොට තානායමෙන් තමයි උදේ කෑම ගන්නෙ. ඒ අතරෙ මම මිදුලෙ ඇවිදිමින් කල්පනා, කළා කඳු මුදුනට පේන මුහුදු තීරය දිහා බලාගෙන ඇයි මේකෙන් වැඩක් ගන්නෙ නැත්තෙ කියලා. මං මූද යට යන මනුස්සයා. මට පුදුම හිතුණා ඇයි සුද්දෝ ගාල්ලට, කොළඹට මුල්තැන දුන්නෙ මෙච්චර හොඳ තැනක් තියාගෙන කියලා. ඔවුන්ට ඕන වුණේ රට හදන්න නෙමේ අපේ සම්පත් ටික එංගලන්තෙට පටවගන්න විතරයි. කොහොම හරි මේක ඉදිවීම මට ප්‍රමාණවත්. ඒක රනිල් කළාද මහින්ද කළාද කියන දේශපාලන කාරණේ මට වැඩක් නෑ. ඒත් මම තවම දකින්නෙ ඒකෙන් සීයට පහක්වත් කරල නෑ කියලයි. අදටත් මම ඉන්නේ මේක ඇර වෙන සම්පතක් රටට නෑ කියන ස්ථාවරයේ.[/FONT]
    [FONT=&quot]ඔබේ සංකල්පය ගත්තට පස්සෙ ඔබව නොසලකා හැරි බවක් පේනවා?[/FONT]
    [FONT=&quot]මගේ හීනය අපේ පුරාණ සශ්‍රීක මාගම්පුර රාජධානිය නැවත ඉදිවීම. ඒක දේශපාලනික වෙන්න ඕන නෑ. ඒක ඇමෙරිකන්කාරයා හරි චීනා හරි කවුරු හරි සල්ලි යොදවලා කරනවානම් එච්චරයි. හැබැයි මං මේක යෝජනා කරද්දී දැන් මූලිකයෝ වගේ පේන සමහරු මූදවත් දැකල නෑ. මගේ 'රුහුණුපුර' නැව හදලා මම හම්බන්තොට වරාය විවෘත කරන වෙලාවෙ ගෙනිච්චා. ඒකෙ තිබුණෙ මාලදිවයිනට අපනයන කරන්න ගෙනියපු පැල්වත්ත සීනි සමාගමේ සීනි. ඒක අපිට කොයිතරම් ආඩම්බරයක්ද? ඒත් මගේ නැව ඇතුළු කරන්න දුන්නෙ නෑ. ඒක හැංගුවා. මේක තනි අයිතියට මගේ කියන්න සමහරුන්ට ඕන වුණා. [/FONT]
    [FONT=&quot]වරායට නැව් එන්න අවහිරයක් ලෙස විශාල ගලක් තිබෙන බව එකල කියවුණා.[/FONT]
    [FONT=&quot]මං මුහුද යට යන මිනිහා. මට වඩා කවුද දන්නෙ එතන ගැන. එහෙම කිසිම බාධාවක් තිබුණේ නෑ. මේක සිංගප්පූරුවට ගහන වරාය. මේක ලෝකෙ වටිනාම වරාය.[/FONT]
    [FONT=&quot]‍පෝක් සමුද්‍ර සන්ධියේ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය ක්‍රියාත්මක වුණොත් හම්බන්තොටින් වැඩක් නැහැ නේද?[/FONT]
    [FONT=&quot]ඒක පිස්සු කතාවක්. ඒ තරම් ඉක්මනට ඕක හාරන්න පුළුවන්ද? ඔයාල ‍පොඩි කාලෙ ඉඳන් ඔය කතාව අහල තියෙනවා නේද? තාම උදැල්ලක්වත් ගහල නෑ. කොච්චර හෑරුවත් ගංගානම් ගඟේ වැල්ලෙන් ඕක පිරෙනවා. [/FONT]
    [FONT=&quot]දැන් හම්බන්තොට වරාය හදලා චීනෙට බදුදීලත් ඉවරයි. අපි අද ගැන කතා කරමු.[/FONT]
    [FONT=&quot]මම කියන්නේ මේක කවුරු කළත් කළ යුතුම දෙයක්. රටට අත්‍යවශ්‍ය දෙයක්. ඇයි ඔබ ගෙයක් හැදුවොත් ඒක කුලියට දෙන්නෙ නැද්ද? මම මේ ඉන්න බිල්ඩිමත් රජයෙන් බද්දට ගත්ත එකක්. මේකට කරුණා කරලා දේශපාලනේ ගාවන්න එපා. මං එදා ඉඳන් විමල් වීරවංශට, නිහාල් ගලප්පත්තිට මේක පැහැදිලි කළා. මේක රටට අත්‍යවශ්‍ය දෙයක් බව. ඊළඟට මහින්දට, රනිල්ට, චන්ද්‍රිකාට මේ හැමෝටම. මේක තවමත් කරල තියෙන්නේ සීයට 5යි. ඉතුරු 95ත් කළහම තමයි මේක සම්පූර්ණ වෙන්නෙ. ඒක සුද්දා කළාද චීනා කළාද කියන ඒක නෙමේ වටින්නේ ඉක්මනින් නිර්මාණය වීමයි.[/FONT]
    [FONT=&quot]ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන මොකක්ද ඔබේ අදහස?[/FONT]
    [FONT=&quot]රැජිනගේ කාලෙ හදපු, අවුරුදු 69ක් පාවිච්චි නොකරපු ටැංකි ටිකත් තියාගෙන වංසෙ කබල් ගානවට වඩා හොඳ නැද්ද ඉන්දියාව වගේ රටකට ඒක කුලියට දීලා ආදායමක් ගන්න එක. ඉන්දියාව විශාල වශයෙන් තෙල් අවශ්‍ය රටක්. ඔවුන්ට මේක ගබඩාවක් කරගන්න දීම තුළ අපිට වෙන අවාසිය මොකක්ද?[/FONT]
    [FONT=&quot]මිහිරාන් කරුණාරත්න[/FONT]
    [FONT=&quot]ඡායාරූප - ප්‍රියන්ත ගමගේ[/FONT]
     
    • Like
    Reactions: Sudheera-H

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653

    දැන් ඉතින් keyboard එකෙන් රට ජාතියට මහා සේවාවක් කරන මහා බයිප්‍රේමීයෝ ටික මේ මනුස්සයටත් බනී. :lol::lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වරායෙ තාත්තත් කියනව නම් මේ වැඩේ උනා නම් හොඳයි කියල :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු......
    -මීට වද අගමැටි පොනිල්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    [FONT=&quot]මගේ හීනය අපේ පුරාණ සශ්‍රීක මාගම්පුර රාජධානිය නැවත ඉදිවීම. ඒක දේශපාලනික වෙන්න ඕන නෑ. ඒක ඇමෙරිකන්කාරයා හරි චීනා හරි කවුරු හරි සල්ලි යොදවලා කරනවානම් එච්චරයි. හැබැයි මං මේක යෝජනා කරද්දී දැන් මූලිකයෝ වගේ පේන සමහරු මූදවත් දැකල නෑ. මගේ 'රුහුණුපුර' නැව හදලා මම හම්බන්තොට වරාය විවෘත කරන වෙලාවෙ ගෙනිච්චා. ඒකෙ තිබුණෙ මාලදිවයිනට අපනයන කරන්න ගෙනියපු පැල්වත්ත සීනි සමාගමේ සීනි. ඒක අපිට කොයිතරම් ආඩම්බරයක්ද? ඒත් මගේ නැව ඇතුළු කරන්න දුන්නෙ නෑ. ඒක හැංගුවා. මේක තනි අයිතියට මගේ කියන්න සමහරුන්ට ඕන වුණා. [/FONT]
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    [FONT=&quot]මම කියන්නේ හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පත් මං කියලා.[/FONT]

    මේක දැක්කාම මතක් උනේ මේ කියමන :

    Success has many fathers, failure is an orphan
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    දැන් ඉතින් keyboard එකෙන් රට ජාතියට මහා සේවාවක් කරන මහා බයිප්‍රේමීයෝ ටික මේ මනුස්සයටත් බනී. :lol::lol::lol:
    :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle Port ekath mea vage develop kala nam godak useful vevi. Rumassala Mountain ekata giyama penava ,Nitharama sea eke ships yanava.Ariyasila Wikramanayaka Mahathath ,Galle vala nisa ,Obage money valin hari , Galle Harbor eka develop kaloth Godak useful vevi. World eke Lankavata vada Galle gana public vela thiyenava.
     
    :yes::)