හම්බයන්ගේ බේගල් මාට්ටු වෙයි
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය තුළ මෑත ප්රචණ්ඩ ක්‍රියා හට ගැනීමත් සමග ජනතාව නොමග යවන ආකාරයේ ඡායාරූප ලොව පුරා සමාජ ජාල තුළ පළ වෙමින් පවතී.රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමුව තිබේ.
ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වන රඛයින් ප්‍රාන්තය තුළ ගත් බව සඳහන් ඡායාරූප ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් සිය ෆේස්බුක් පිටු තුළ හුවමාරු (Share) කර ගන්නා ආකාරය දැක ගත හැක.රඛයින් ප්‍රාන්තයේ බහුතරය වන බෞද්ධ ප්‍රජාව සහ එහි වෙසෙන සුළුතර මුස්ලිම් ප්‍රජාව අතර දීර්ඝ කාලයක් පවතින පුරා මුල් බැස ගත් අවිශ්වාසය සහ විරෝධය අතීතයේ ද ප්රචණ්ඩ ක්‍රියාවලට හේතු වී තිබේ.
පසුගියදා එහි අලුතින් හට ගත් ප්රචණ්ඩ ක්‍රියාවල ගොදුරු බවට පත් වූ බෞද්ධ හෝ මුස්ලිම් ජනතාව යයි සඳහන් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලොව පුරා සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු වන්නේ එවන් පසුබිමකය.
රෝහින්ග්‍යා අර්බුදය හා සම්බන්ධ සටහනක් තුර්කියේ නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් විසින් පසුගිය අගෝස්තු 29 වෙනිදා සිය ට්විටර් ගිණුමේ පළ කරනු ලැබීය.මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව දියත් කර ඇති “වාර්ගික ශුද්ධය” අවසන් කිරීමට කටයුතු කරන මෙන් ඔහු සිය ට්විටර් පණිවුඩය හරහා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබිණි.එම ට්විටර් පණිවුඩය 1,600 වාරයක් යළි හුවමාරු (Retweet) වී තිබූ අතර තවත් 1,200 දෙනෙකු විසින් ඊට කැමැත්ත (Like) පළ කරනු ලැබ ඇති ආකාරය දැක ගත හැකි විය.ඒ සමග ට්විටර් පණිවුඩයේ ඇතුළත් වූ ඡායාරූපවල සත්‍යතාව පිළිබඳ විවේචන එල්ල වීමට පටන් ගත් අතර දින තුනකට පසු නියෝජ්‍ය අගමැති මෙහෙමට් ශිම්ෂෙක් එම සටහන සිය ට්විටර් ගිණුමෙන් මකා දමා තිබිණි
මොනවාද මේ ඡායාරූප?
දියේ පාවෙන මළසිරුරු දැක්වෙන පළමු ඡායාරූපයේ ආරම්භය සොයා ගැනීම තරමක් අපහසු වන අතර එය 2008 වසරේ හටගත් නාගීස් කුණාටුවෙන් මරණයට පත් පුද්ගලයන්ගේ ඡායාරූප යයි පවසමින් ඇතැම් මියන්මාර ජාතිකයෝ එය අභියෝගයට ලක් කළහ.තවත් සමහරෙක් කියා සිටියේ එය මියන්මාරයේ හටගත් ගංවතුරකට හසු වූ පුද්ගලයන්ගේ මළසිරුරු බවය.කෙසේ නමුත් එම ඡායාරූපය සෙසු වෙබ් අඩවි තුළ පසුගිය වසරේ දී පළව ඇති ආකාරය දැක ගත හැක.ඒ අනුව එම ඡායාරූපය රඛයින් ප්‍රාන්තයේ මෑත හටගත් ප්රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ නොවන බව පෙනෙන්නට තිබේ.
ගසකට තබා ගැට ගැසූ පුද්ගලයෙකුගේ මෘත දේහය ඉදිරියේ හඬා වැලපෙන කාන්තාවක දෙවෙනි ඡායාරූපයෙන් දැක්වේ.එය 2003 වසරේ ජුනි මාසයේ දී ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේ දී රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු විසින් ගනු ලැබ ඇති බව බීබීසී වෙත දැනගන්නට ලැබිණි.
සිය මවගේ මළ සිරුර ඉදිරියේ හඬා වැලපෙන බිලිඳුන් දෙදෙනෙකු දැක්වෙන තෙවෙනි ඡායාරූපය ගෙන ඇත්තේ 1994 ජුලි මාසයේ දී රුවන්ඩාවේදීය.
සිව්වෙනි ඡායාරූපයේ ආරම්භය සොයා ගැනීම තරමක් අපහසු නමුත් නේපාලයේ මෑත හටගත් ජල ගැලීම් හමුවේ විපතට පත් වූවන්ට ආධාර පතා පළ කළ වෙබ් පිටුවක එය දැක ගත හැක.
මේ අතර මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය යයි පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ වූ ඡායාරූප සහිත පළකිරීම විසිදහකට අධික වාරයක් යළි හුවමාරු වී ඇත.ඊට ප්‍රතිචාර දක්වා අදහස් පළ කර (Comment) ඇති පිරිස සියයකට අධිකය.කුඩා දරුවෙකු වෙත ගිනි අවියක් එල්ල කර සිටින ආකාරය දැක්වෙන පළමු ඡායාරූපය 2017 මාර්තු මාසයේ යේමනයේ සමාජ ජාල තුළ පළ වූ ඡායාරූපයක් බව දැන ගැනීමට හැකි විය.අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් යේමනයේ සමාජ ජාල තුළ දැඩි කෝපයක් පළ වූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී බීබීසී අරාබි සේවය කියා සිටියේය.