හම්බ විහිළු - 5 # Hot Dogs
'හොට් ඩෝග්' (Hot Dogs) සඳහා වෙනත් ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි විය හැකි බව මැලේසියාවේ පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැල් වෙත දන්වනු ලැබ තිබේ.
මැලේසියාවේ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක රජයේ ආයතනයක්වන ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉස්ලාමීය සංචාරකයන්ගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බවය.
'හොට් ඩෝග්' යන නාමය "ව්‍යාකූලතාවකට" හේතු විය හැකි බව පැවසූ ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී, 'ඉස්ලාම් ධර්මයට අනුව, සුනඛයා අපවිත්‍ර සතෙකු ලෙස සැලකෙනවා. එවැනි නමක් හා හලාල් සහතිකය අතර සම්බන්ධයක් පැවතිය නොහැකියි,' යැයි සඳහන් කළේය.
ජනතාව අතර ප්‍රචලිත 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ මැලේසියානු ශාඛා තුළ අලෙවිකරන 'Pretzel Dog' ආහාරයේ නම වෙනස් කරන තෙක් ඒ සඳහා ලබා දී තිබූ හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
එහි අලෙවි කෙරෙන 'Pretzel Dog' සඳහා 'Pretzel Sausage' යන නාමය භාවිතකිරීම "වඩාත් උචිත" බව ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී පවසයි.
එම තත්වය "සුළු ගැටලුවක්" වශයෙන් හඳුන්වන 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ නියෝජිතයකු කියාසිටියේ එහි නම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය සමාගමේ විරුද්ධත්වයක් නොමැති බවය.a

pau ban geri hambayonta kannath na puduma karumayak gewanne 