නුගේගොඩ ගුවන් පාලම මත දී අද (20) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂය ට පත්ව තිබේ.
අනතුරින් තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ඇති බව වාර්තා වේ.
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා අනතුරින් මියගොස් තිබේ.
තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

watenma Colombo walata ena bus city outskirts wala nawattanna oni, etanin eha wenama bus tiyenna oni