හමුදාවේ සම්පත් ගසා නොකව් !

හමුදාවේ සම්පත් ගසා නොකව් !

මෙහේ අපි ශතේ ශතේ එකතුකරලා රණවිරුවන්ට
සලකන්න දුක් විඳිනවා. එහේ මැට්ටෝ ඇමැට්ටෝ ගසාකනවා.මේවා සහගහන වැඩ !.
(අද දිවයින පුවතකි)
හමුදාවේ යකඩ හා පිත්තලවලින් ධනය උපයන්න එතුමා සූදානමක
යුද ගැටුම් පැවැති උතුර නැගෙනහිර පළාත්වල තිබෙන රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොග කුණු කොල්ලයට ගෙන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ලබාදීමට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු ගෝලයන් පිරිසක්‌ දැඩි උත්සාහයක නිරතව සිටින බව යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස එම පළාත්වල ඇති යුද හමුදාව සතු යකඩ හා පිත්තල තොගවල වටිනාකම රුපියල් කෝටි සියයකටත් අධික වන බවද පැවසේ.

මෙම යකඩ හා පිත්තල තොග නිසි ටෙන්ඩර් පටිපාටියකට අලෙවි කර රට වෙනුවෙන් ජීවිත කැප කළ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් යමක්‌ කිරීමට අවස්‌ථාව තිබියදී අදාළ ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙලෙස ඒවා කොල්ලකෑමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග කියා සිටී.

අදාළ යකඩ හා පිත්තල තොග ලබා ගතහොත් අත යටින් සුවිශාල ධනස්‌කන්ධයක්‌ උපයා ගැනීමට අවස්‌ථාව ලැබීම හේතුවෙන් ඇමැතිවරයා ඇතුළු ගෝලබාලයන් මෙසේ ඒවා කොල්ලකෑමට මාන බලන බවද කියති.
 

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    පරණ නිව්ස් එකක් බන්. මම දැක්කා මේක මාසෙකට විතර කලින් පත්තරේක තියෙනවා. දැන් ඕකුන් මේවා කොල්ලකාලත් ඇති. මොකාද මේ කාලකන්නි ඇමතියා ඇතතටම?
     
    පරණ නිව්ස් එකක් බන්. මම දැක්කා මේක මාසෙකට විතර කලින් පත්තරේක තියෙනවා. දැන් ඕකුන් මේවා කොල්ලකාලත් ඇති. මොකාද මේ කාලකන්නි ඇමතියා ඇතතටම?
    මම අද දිවයින පත්තරේ තිබිලයි මේක ගත්තේ. මාසයකටත් වඩා පරණ නිව්ස් එකක් වුනත්? තාම ගසාකෑම නැවතී නැති බවයි මෙයින් පෙනෙන්නේ.ඇමතියෙක්ද? උපදෙස් උතුමද? මොකා වුනත් මේවා අසාධාරනයි