හමුදා කදවුරට පැන මිය ගිය ත්‍රස්තයන්ට පහන&#3530

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හමුදා කදවුරට පැන මිය ගිය ත්‍රස්තයන්ට පහන&#3530

    ” හමුදා කදවුරටම බලෙන් පැන මිය ගිය ත්‍රස්තයන්ට පහන් පත්තු කරලා , රණවිරුවන්ට හමුදා කදවු‍රේදීම පොල් ගහයි ” දෙමළ ජාතික සංධානය උතුරේදී රණවිරුවන් හා ඇවිලෙයි .!





    කිලිනොච්චිය ප්‍රදේශයේදී හමුදා සෙබලුන් සහ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
    මෙම සිදුවීම සිදුව ඇත්තේ කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට බලහත්කාරයෙන් ඇතුළත් වීමට යාම නිසාය.
    යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසර ඉල්ලීමේදී එහි සිටි හමුදා නිලධාරින් කියා ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ අවසරය නැති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි.
    පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභාවේ ටී.කුරුකුලරාජා හා එස්.පසුපතිපිල්ලේ යන මන්ත්‍රීවරු ඊට විරුද්ධත්වය පළකොට ඇත.
    මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ ක‍ර තිබෙන අතර මන්ත්‍රීවරුන් යුද හමුදා නිලධාරීන්ට දෝෂාරෝපණය කොට තිබෙන බවද සදහන්.
    එම ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් පැමිණ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවත් පවසා තිබේ. පසුව මෙම පිරිස හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා පිටව ගොස් තිබෙන බව සදහන්.
    – Neth News



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    avatar53885_1.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ හමුදාවේ උන් මොනා කරනවද මන්ද වික්කාමසිංහ මහත්තයාගේ සහජීවන කාලේ :growl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ කාලේ ඕව පුදුම වෙන්න දෙයක් නෙවෙයි බං. කොන්දක් නැති උන් පාලකයො වුනම මෙහෙම ඇරල යන එක සාමාන්‍ය දෙයක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,927
    113
    ඔව් ඉතින් ඊලම හම්බුනේ නෑනේ දුක නිවාගන්නෙ පොල් ගහලා. පව් ඉතින්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඉස්සරත් ඔහොම කාලයක් තිබුනා. හමුදාව කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන හිටියා ඉහලින් එන අණ නිසා. ආයෙත් ඒ කාලේ උදා වෙලා. දැන් පොල් ගහල විතරක් නෙවෙයි එක්සත් ජාතීන්ටත් කියනවා. එතකොට පොනිල් උන්ගේ පැත්තට.
    දැන් ත්‍රස්තවාදීන් මහවිරුවෝ කියල පොනිලුත් පිලිගන්නවා. ඔන්න වෙනස.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    මේ කාලේ ඕව පුදුම වෙන්න දෙයක් නෙවෙයි බං. කොන්දක් නැති උන් පාලකයො වුනම මෙහෙම ඇරල යන එක සාමාන්‍ය දෙයක්
    :yes::yes::yes:
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉස්සරත් ඔහොම කාලයක් තිබුනා. හමුදාව කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන හිටියා ඉහලින් එන අණ නිසා. ආයෙත් ඒ කාලේ උදා වෙලා. දැන් පොල් ගහල විතරක් නෙවෙයි එක්සත් ජාතීන්ටත් කියනවා. එතකොට පොනිල් උන්ගේ පැත්තට.
    දැන් ත්‍රස්තවාදීන් මහවිරුවෝ කියල පොනිලුත් පිලිගන්නවා. ඔන්න වෙනස.

    :no::no::no::no::no::no: