ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_51f3fe4bdd.jpg


    (කාංචන කුමාර ආරියදාස)

    ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කළේය.

    කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්‍ෂිත කලාපයේ මෙය සිදුව තිබේ ,

    මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් සැඟවීමට දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ,

    බෝවතැන්න ජලාශ බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද 19 දින උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකිවුණා.

    මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලිසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන්නේ යැයි ඒ මහතා පැවසීය.

    කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වාණකින් ජලය පිටවන අතර අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්‍ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

    මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කළේය.

    image_7eeeb75ffb.jpg


    image_3ab5aaa88f.jpg


    image_ed9922aebe.jpg


    image_f8dd2198a9.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    වැවම උනත් ආයේ හදන්න පුළුවං වෙන්න නිධන් තැන්පත් කරන්නේ. ඔය තිබ්බ ඒව ගන්න පුළුවන් වැවේ වැඩ වලට අරගෙන ආයේ තියන්න ඕනි අනාගතයට.

    සිස්ටම් එකක් තිබ්බ නිසා තමා අවුරුදු 2000ක් තිබ්බේ එක දිගට.


    දැන් සිස්ටම් එකත් නෑ කල්ලතෝනි සිංහලුන් ටිකක් ඉතුරු වෙලා ඉන්නවා 🥺
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    වැවම උනත් ආයේ හදන්න පුළුවං වෙන්න නිධන් තැන්පත් කරන්නේ. ඔය තිබ්බ ඒව ගන්න පුළුවන් වැවේ වැඩ වලට අරගෙන ආයේ තියන්න ඕනි අනාගතයට.

    සිස්ටම් එකක් තිබ්බ නිසා තමා අවුරුදු 2000ක් තිබ්බේ එක දිගට.


    දැන් සිස්ටම් එකත් නෑ කල්ලතෝනි සිංහලුන් ටිකක් ඉතුරු වෙලා ඉන්නවා 🥺
    :yes:
    පරණ කතා වල තියෙන්නේ බං ධාතුසේන රජ්ජුරුවන්ගේ පුතා (කාශ්‍යප කුමාරයා) තාත්තව හිර කරලා වද දුන්නා කියලා නේ වස්තුව ගන්න. පස්සේ ධාතුසේන රජ්ජුරුවෝ වස්තුව පෙන්වන්න කියලා වැව ළඟට ගිහින් කලා වැව නේද පෙන්නුවා කියන්නේ වස්තුව widihata. පිටින් පේන අර්ථය වගේම මේ නිදන් ගැනත් නොකියා කියන්න ඇති
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    :yes:
    මචන් ඕවා නිකමට කියන්න වත් එපා කාටවත්. ඕක එක sign එකක්

    වතුර කිට්ටුවනම් අනිවා මැනික් තියෙනවා.
    මචන් ඕවා නිකමට කියන්න වත් එපා කාටවත්. ඕක එක sign එකක්
    ------ Post added on Jun 20, 2024 at 1:09 PM
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    :yes:
    මචන් ඕවා නිකමට කියන්න වත් එපා කාටවත්. ඕක එක sign එකක්


    මචන් ඕවා නිකමට කියන්න වත් එපා කාටවත්. ඕක එක sign එකක්
    ------ Post added on Jun 20, 2024 at 1:09 PM
    නිදන් වලට මැනික් දානවනම් අනිවා නිදානේ පොඩි වතුර පාරක් සෙට් කරනව. මොකද මැනික් වතුර නැතුව වියලිව තියෙනකොට කාලයක් ක්‍රැක් වෙල යනව ඒකට නිසා මාක් එක කිට්ටුවෙන් වතුර යන්න පොඩි ලයින් එකක් තියෙනව ඒක හොයාගත්තනම් කෙලින්ම බහන්ඩෙ හොයාගන්න පුලුවන්. මම උසස්පෙල කරන කාලේ ඔහොම නිදන් ගන්න පොරවල් ටිකක් එක්ක කැලේක ගියා (මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට උ එහෙදි සෙට් වෙච්ච සෙට් එකක්) දවසක් යනකොට ඒ පොරවල්ල කියල දුන්නෙ සීන්. අපි ගිය කැලෙත් නිදානයක් තිබ්බ ඒක ගන්න විදියක් නෑ පල්ලෙහයින් ගෙවල් ගොඩක් තිබ්බා ලොකු ගලක් දොරට සෙට් කරල තිබ්බෙ. ඒ ගල කැඩුවොත් බඩු මාට්ටු වෙනව පෙරලුවොත් අර ගෙවල් යටවෙනවා. ඊට අවුරුදු 10කට 12කට විතර පස්සෙ ආරන්චි උනා නිදන් හාරල ඒ පැත්තෙම සෙට් එකක් පොලිසියට අහු උනා කියලා.

    ආය මචං අපි තබුත්තේගම පැත්තෙ පොඩි වැඩක් කරා 2012 විතර එත්කොට ඒ ගමේ ගෙදරක් අරන් අපි නැවතිලා හිටියෙ. ඒ ගෙවල් අයිති පොර අපිට ඒපැත්ත පෙන්නන්න එක්ක යනකොට නිදන් තියෙනව කියන තැන් වලටත් එක්ක ගිහින් පෙන්න්නුව. ඒවගෙත් පොකුනු එහෙම තියෙනව. ඒ තැන්නම් කියල බෑ බලන්නම ඕන. ඔය ගොඩක් පන්සල් වල නිදන් ගන්නෙ හාමුදුරුවරුම තමයි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    QWmjse0.png

    හත්තිලව්වේ ගලක ඔච්චර හිලක් විදිනකන් කාටවත් ඇහුනෙ නැද්ද ..?
    අනික අධිආරක්ෂිත කලාපෙ...!!
    Chemicals daala කියලා පේනවා
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාශ්‍යප උනත් දැන් ඉන්න උන් වගේ වෙන්න ඇති ඒ කාලේ
    රටම අයිති රජාට නිසා වස්තුව ඕන කියල ධාතුසේනව මරුවා කියල හිතන්න අමාරුයි.

    ධාතුසේන පාරේ යනකොට මීයෙක්ව ගිලපු නයෙක්ව පලල ආතල් එකක් ගත්ත කියලත් කියවෙනවා.
     
    • Wow
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    :yes:
    පරණ කතා වල තියෙන්නේ බං ධාතුසේන රජ්ජුරුවන්ගේ පුතා (කාශ්‍යප කුමාරයා) තාත්තව හිර කරලා වද දුන්නා කියලා නේ වස්තුව ගන්න. පස්සේ ධාතුසේන රජ්ජුරුවෝ වස්තුව පෙන්වන්න කියලා වැව ළඟට ගිහින් කලා වැව නේද පෙන්නුවා කියන්නේ වස්තුව widihata. පිටින් පේන අර්ථය වගේම මේ නිදන් ගැනත් නොකියා කියන්න ඇති
    ඔය පොල්කට්ටක් ඔබන්න පුලුවන් තැන්වල කොහෙද බන් රජෙකුගේ නිදන්, ඔතන තියෙන්න ඇති ආරක්ෂාවට මතුරලා දාපු මොනවාහරි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    නිදන් වලට මැනික් දානවනම් අනිවා නිදානේ පොඩි වතුර පාරක් සෙට් කරනව. මොකද මැනික් වතුර නැතුව වියලිව තියෙනකොට කාලයක් ක්‍රැක් වෙල යනව ඒකට නිදන් මාක් එක කිට්ටුවෙන් වතුර යන්න පොඩි ලයින් එකක් තියෙනව ඒක හොයාගත්තනම් කෙලින්ම බහන්ඩෙ හොයාගන්න පුලුවන්.


    මම දන්න සෙට් එකක් ඔහොම කළා බං.
     
    • Like
    Reactions: NRTG