හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම් ලබා දීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි
හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම් ලබා දීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානමක් ඇති වාතාවරණයක් තුළ ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 වන දා අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරන ලද අතර ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය මෙම ජුලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
උරුමයට සමගාමීව සහන: හමුදා නිලධාරීන්ට ඉඩම් ලබා දීමේදී සහන දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඉඩම් ලබා දීම් සම්බන්ධයෙන් පත් කළ විශේෂ කමිටුව ජනාධිපති ලේකම්වරයා යටතේ පත් කර ඇති අතර එහි සාමාජිකයෙකු ලෙස ආරක්ෂක ලේකම්වරයා ද ඇතුළත්ය. මෙය ‘උරුමය’ වැඩසටහනට සමගාමීව සිදුවන්නකි.
ගොවීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට ඉඩම් ලබා දීමේ ජාතික වැඩසටහනක් ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇත. උරුමය ලෙස නම් කර ඇති එම වැඩසටහන ඔස්සේ එම පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව යුද සමයේ හමුදාවට ලබා දුන් ප්‍රතිලාභ සිවිල් ආරක්ෂක බලකායට ලබා දීමට ද ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කළ වසර 55 ඉක්මවූ පුද්ගලයන්ට වැටුප් සහ ගෙවීම් ලබා දීමට අපි තීරණය කරලා තියෙනවා. යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වුණ පුද්ගලයන්ගේ සමීප ඥාතීන් වන බිරිඳ, මව, පියා ආදී තැනැත්තන්ටත් වසය අවුරුදු 55 වන තෙක් එම අදාළ ආරක්ෂක අංශ සාමාජිකයාගේ වැටුප හිමි වෙනවා කියන එක මේකෙන් අදහස් වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තව ද අවුරුදු 55 ඉක්මවූ, ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන පුද්ගලයන් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, “දැනටමත් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ හා සමාන ප්‍රතිලාභ සිවිල් ආරක්ෂක අංශයට නොලැබෙන එක ගැටලුසහගතයි. ඒ සම්බන්ධව අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.
විශ්ලේෂකයන්ගේ අදහස: ඕනෑම දේශපාලන නායකයෙකුට ජනාධිපති ධුරයට පැමිණීම සඳහා දැනට හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහය ඡන්දයකදී අත්‍යවශ්‍ය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
හමුදා සාමාජිකයන් කප්පාදුවක්: මේ අතර 2023 වසර වන විට හමුදා සාමාජිකයන් ගණන ලක්ෂයක් පමණ දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.දැනට සිටින දෙලක්ෂය ඉක්මවූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙලෙස අවම කිරීමට අපේක්ෂා කළ ද වර්තමාන සහ අනාගත තර්ජන පිළිබඳ සලකා බලා රටට ගැළපෙන ආකාරයේ හමුදාවක් සකස් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
https://neonmedia.lk/2024/05/16/cG9zdDoxNTgz/හමුදා-සාමාජිකයන්ට-ඉඩම්