හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම් ලබා දීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි

    SL-military-web-1.jpg


    හමුදා සාමාජිකයන්ට රජයේ ඉඩම් ලබා දීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානමක් ඇති වාතාවරණයක් තුළ ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
    ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 වන දා අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරන ලද අතර ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය මෙම ජුලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    උරුමයට සමගාමීව සහන: හමුදා නිලධාරීන්ට ඉඩම් ලබා දීමේදී සහන දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඉඩම් ලබා දීම් සම්බන්ධයෙන් පත් කළ විශේෂ කමිටුව ජනාධිපති ලේකම්වරයා යටතේ පත් කර ඇති අතර එහි සාමාජිකයෙකු ලෙස ආරක්ෂක ලේකම්වරයා ද ඇතුළත්ය. මෙය ‘උරුමය’ වැඩසටහනට සමගාමීව සිදුවන්නකි.
    ගොවීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට ඉඩම් ලබා දීමේ ජාතික වැඩසටහනක් ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇත. උරුමය ලෙස නම් කර ඇති එම වැඩසටහන ඔස්සේ එම පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

    මීට අමතරව යුද සමයේ හමුදාවට ලබා දුන් ප්‍රතිලාභ සිවිල් ආරක්ෂක බලකායට ලබා දීමට ද ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කළ වසර 55 ඉක්මවූ පුද්ගලයන්ට වැටුප් සහ ගෙවීම් ලබා දීමට අපි තීරණය කරලා තියෙනවා. යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වුණ පුද්ගලයන්ගේ සමීප ඥාතීන් වන බිරිඳ, මව, පියා ආදී තැනැත්තන්ටත් වසය අවුරුදු 55 වන තෙක් එම අදාළ ආරක්ෂක අංශ සාමාජිකයාගේ වැටුප හිමි වෙනවා කියන එක මේකෙන් අදහස් වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    තව ද අවුරුදු 55 ඉක්මවූ, ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන පුද්ගලයන් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, “දැනටමත් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ හා සමාන ප්‍රතිලාභ සිවිල් ආරක්ෂක අංශයට නොලැබෙන එක ගැටලුසහගතයි. ඒ සම්බන්ධව අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

    විශ්ලේෂකයන්ගේ අදහස: ඕනෑම දේශපාලන නායකයෙකුට ජනාධිපති ධුරයට පැමිණීම සඳහා දැනට හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහය ඡන්දයකදී අත්‍යවශ්‍ය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

    හමුදා සාමාජිකයන් කප්පාදුවක්: මේ අතර 2023 වසර වන විට හමුදා සාමාජිකයන් ගණන ලක්ෂයක් පමණ දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.දැනට සිටින දෙලක්ෂය ඉක්මවූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙලෙස අවම කිරීමට අපේක්ෂා කළ ද වර්තමාන සහ අනාගත තර්ජන පිළිබඳ සලකා බලා රටට ගැළපෙන ආකාරයේ හමුදාවක් සකස් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


    https://neonmedia.lk/2024/05/16/cG9zdDoxNTgz/හමුදා-සාමාජිකයන්ට-ඉඩම්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    රනිල යනකොට රජයේ ඉඩම් සේරටම කෙලල තමා යන්නෙ. මූගෙ බලුවැඩ එලියට ආවාම මේකව මයිනටත් වඩා පහල තැනක තමා නවතින්නෙ.
    මේ වෙලාවේ මයිනාගේ කට්ටිය කට වහන් ඉන්නෙත් ඕක නිසා. උන් මේ ආන්ඩුව පෙරලුනු ගමන් මු අපිට වැඩක් කරන්න දුන්නේ නැ, මූ රට කැවා අරවා මේවා කියලා කියන්න හේතු හදාගන්න එපැයි. නාමලයට තව ඡන්ද දෙකකින් එන ඡන්දය කරන්න මාතෘකා එපැයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    රනිල යනකොට රජයේ ඉඩම් සේරටම කෙලල තමා යන්නෙ. මූගෙ බලුවැඩ එලියට ආවාම මේකව මයිනටත් වඩා පහල තැනක තමා නවතින්නෙ.

    ලැජ්ජ නැති කාලකණ්ණි වේසම බල්ලො බන්.

    චන්ද ගන්න බලාගෙන රජයෙ ඉඩං ටිකත් දෙන්න යන්නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,111
    1
    15,918
    113
    ලංකාවෙ ඉන්නවා නම්
    එක්කො සමුද්දි කාරයෙක් වෙන්න ඕනෙ..
    එක්කො උඩම පෝසත් වෙන්න ඕනෙ..


    මැද ඉන්න උන් ඉන්නවා නේද පුදුම පවක් ගෙවන්නෙ.

    උඩම ඉන්න ආන්ඩු ගැති යහලු සල්ලි කාරයොන්ගේ සේවා/භාණ්ඩ උපරිම මිලට ගන්නවා

    රජෙට බදු ගෙවනවා

    රජේට ගෙවන බදු වලින් ආන්ඩු කරන උන්
    ලංකාවෙ ඉන්න සමුද්දි කාරයොන්ට හාලුයි පොලුයි බෙදනවා...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොහොමත් පරදින එකේ ලෝකේ දක්ෂම අවංකම දේශපාලකයා ජනාධිපති වුනත් ගොඩගන්න බැරි වෙන තරමට රට විනාශ කරලයි යන්න හදන්නේ. ඡන්දේ බලාගෙන රටේ දේපල/සල්ලි විනාස කරන, බටලන්දේ මිනීමරපු, මහබැංකුව කොල්ලකාපු දැනටමත් වයස 75 අබල දුබල රනිල් 2048 දී රට හදයි කියලා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා ඉතින්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I think disabled retired armed force members need every support for their contribution to the unity of Sri Lanka. However, I'd feel sorry about the LTTE members as well. What they did was unthinkable and very wrong, but they are also our people, so it is necessary to look after them as well.
     
    • Like
    Reactions: Nidarshana_k

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ඡන්දේ දෙනවා නම් මයිත්‍රී සහ ජලනිත් යයි වගේ....