හමු වූ ගුවන්යානයේ ඉතිහාසය

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    හමු වූ ගුවන්යානයේ ඉතිහාසය

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

    පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.

    මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.

    1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

    ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

    එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

    ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

    එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

    වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

    ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

    නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාර

    AR10.jpg

    AR11.jpg

    නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග

    Innovation3.jpg

    නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය

    plane-www.nethfm.com-04.jpg

    plane-www.nethfm.com-05.jpg

    plane-www.nethfm.com-07.jpg

    plane-www.nethfm.com-07.jpg

    ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය

    AR1.jpg

    AR12.jpg

    AR17.jpg

    රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන ලද වෙනත් ගුවන්යානා

    AR4.jpg

    AR5.jpg

    AR9.jpg

    AR13.jpg

    http://offair.nethfm.com/article/11429

    ray-wijewardene-profiled-in-asia-technology-april-1990.jpg
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    මේ ටිකත් බලපන්
    ශ්‍රී ලාංකික "රේ විජේවර්ධන" විසින් ලොවට හඳුන්වා දුන් අත් ට්‍රැක්ටරය

    942134_513123698759118_301188865_n.jpg

    අප අද නිතරම දකින අත් ට්‍රැක්ටරය අපේ රටේ පුරවැසියකු විසින් ලොවට දායාදය කල නිර්මාණයක් බව දන්නේ කීයෙන් කී දෙනාද?
    Ray%20Wijewardene%2001.jpg

    1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ (Sri Lanka) සිටි ප්‍රකට විද්‍යඤයෙකි. ඔහු 1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. 1960 දශකයේදී, එංගලන්තයේ නොටිංහෑම් හී පිහිටි -- සමාගම විසින් මහාපරිමාණයෙන් මෙම ට්‍රැක්ටරය නිශ්පාදනය අරඹන ලදී. මෙම කාලය තුල විජේවර්ධන මහතා විසින් ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාණු රටවලට ගොස් ගොවීන් සහ එම රටවල රජයන් දැනුවත් කිරීමේ සහ ප්‍රදලිත කිරීමේ ව්‍යාපාරයකද නිරත විය

    19964_1323342681197_1159753933_965109_2912264_n-756877.jpg

    19964_1323342721198_1159753933_965110_3282423_n-758104.jpg

    19964_1323342841201_1159753933_965113_5830625_n-759436.jpg

    මිට අමතරව රේ විජෙවර්ධන මහතා ගුවන් යානා නිශ්පාදනය පිලිබන්ඳවද පර්යේෂණ සිදු කල අතර ඔහු විසින් නිර්මාණය කල සැහැල්ලු ගුවන් යානා සාර්ථක විය. 18 අගෝස්තු 2010 දින විජේවර්ධණ මහතා අභාවප්‍රාප්ත විය.

    http://www.sinhayanews.com/science-and-technology/1955-wijewardene-designed-two-wheeled-walking-tractor-help-small-farmers?rd=1421199779&__rd=1421199765639
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ගුවන් යානා හදන්න පුලුවන් තාක්ෂනයක් නෑ බන්.ඕවා පාට්ස් ගෙනෙල්ලා ඇසම්බල් කරන එක කරන්නේ. ගුවන් යානා එන්ජින්, යතුරු පෝරුව සහ පෙති වගේ දේවල් ජර්මනියේ තමයි හදන්නේ.ඒවා කොටස් වලට ගෙනෙල්ලා විවිධ විදිහට ඇසම්බල් කරන එකයි කරන්නේ.හුඟක් වෙලාවට බඳ පවා හදන්නේ ජර්මනියේ.ලංකාවේ ප්ලේන් එන්ජින් ඩෑෂ්බෝඩ් උපාංග හබල් පෙති සහ වගේ දේවල් හදන්න බෑ.ගුවන් යානයේ බඳ සහ බොඩි පාට්ස් නම් ඩිසයින් කරලා හදාගන්න පුලුවන්.ඒ වුනාට සූටික්කා කියන එකේ බඳ සහ බොඩි පාට්ස් මෙහේ හදලා නෑ.ජපානෙන් ගෙනාපු ඒවා ඇසම්බල් කරලා.රේ විජේවර්ධන කියන්නේ දක්ෂයෙක්.නමුත් ඒවා වනිජ විදිහට හදලා ජාත්‍යන්තරය එක්ක තරග කරන්න ලංකාවට බෑ.මොකද ගුණාත්මක භාවය අඩුයි.වියදමත් වැඩී.ඒක නිසා ඒ කාලේ හිටපු රජයන් මේකට සපෝට් කරේ නෑ.රේ විජේවර්ධන කියන්නේ උපාලි විජේවර්ධනගේ අයියා කෙනෙක්.ජේ ආර් සහ රනිල් වික්‍රමසිංහලගේ ඥාතීන්
     
    උඹ ඇත්තක් කිවුවමද කොහෙද?:rofl:
    ඔව් මචං ලංකාවේ මේවා හදන්න තාක්ෂණය නෑ. එකක් දෙකක් හැදුවට වාණිජ මට්ටමෙන් හදන්න ලොකු ආයෝජනයක් ඕනේ.... කොහොමත් අනිත් රටවල් වල මහා පරිමාණ පිරිමැසුම් එක්ක ලංකාවට තරංග කරන්න බෑ මේ වගේ industry එකකින්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    :)
    :)
    thax machan
    එල
    lankaweth wada karayo indala tiyenawa neda
    වැඩකාරයෝ නම් ඉන්නවා බං එයාලගෙන් වැඩ ගන්න තරම් අපි දියුණු වෙලා නෑ :(
    The man did what he did for a reason.
    :cool:
    Meyalata mokada ban une :(
    :eek::eek:
    :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් දේවල් දැනගන්න පට්ට ප්‍රයෝජනවත් මචන් :cool:
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    උඹ ඇත්තක් කිවුවමද කොහෙද?:rofl:
    ඔව් මචං ලංකාවේ මේවා හදන්න තාක්ෂණය නෑ. එකක් දෙකක් හැදුවට වාණිජ මට්ටමෙන් හදන්න ලොකු ආයෝජනයක් ඕනේ.... කොහොමත් අනිත් රටවල් වල මහා පරිමාණ පිරිමැසුම් එක්ක ලංකාවට තරංග කරන්න බෑ මේ වගේ industry එකකින්.

    අපේ පොන්සිලා මොනාද බන් ගුණාත්මකව හැදුවේ.ඕනි නම් හොරකම් ජඩකම් නම් ගුණාත්මකව කරන්න පුලුවන්.ලංකාවේ එවුන්ගේ ටෝක්ස් නම් තවුසන්ඩ් වලින්.වැඩ අංජබජල්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවේ ගුවන් යානා හදන්න පුලුවන් තාක්ෂනයක් නෑ බන්.ඕවා පාට්ස් ගෙනෙල්ලා ඇසම්බල් කරන එක කරන්නේ. ගුවන් යානා එන්ජින්, යතුරු පෝරුව සහ පෙති වගේ දේවල් ජර්මනියේ තමයි හදන්නේ.ඒවා කොටස් වලට ගෙනෙල්ලා විවිධ විදිහට ඇසම්බල් කරන එකයි කරන්නේ.හුඟක් වෙලාවට බඳ පවා හදන්නේ ජර්මනියේ.ලංකාවේ ප්ලේන් එන්ජින් ඩෑෂ්බෝඩ් උපාංග හබල් පෙති සහ වගේ දේවල් හදන්න බෑ.ගුවන් යානයේ බඳ සහ බොඩි පාට්ස් නම් ඩිසයින් කරලා හදාගන්න පුලුවන්.ඒ වුනාට සූටික්කා කියන එකේ බඳ සහ බොඩි පාට්ස් මෙහේ හදලා නෑ.ජපානෙන් ගෙනාපු ඒවා ඇසම්බල් කරලා.රේ විජේවර්ධන කියන්නේ දක්ෂයෙක්.නමුත් ඒවා වනිජ විදිහට හදලා ජාත්‍යන්තරය එක්ක තරග කරන්න ලංකාවට බෑ.මොකද ගුණාත්මක භාවය අඩුයි.වියදමත් වැඩී.ඒක නිසා ඒ කාලේ හිටපු රජයන් මේකට සපෝට් කරේ නෑ.රේ විජේවර්ධන කියන්නේ උපාලි විජේවර්ධනගේ අයියා කෙනෙක්.ජේ ආර් සහ රනිල් වික්‍රමසිංහලගේ ඥාතීන්

    උඹ ඇත්තක් කිවුවමද කොහෙද?:rofl:
    ඔව් මචං ලංකාවේ මේවා හදන්න තාක්ෂණය නෑ. එකක් දෙකක් හැදුවට වාණිජ මට්ටමෙන් හදන්න ලොකු ආයෝජනයක් ඕනේ.... කොහොමත් අනිත් රටවල් වල මහා පරිමාණ පිරිමැසුම් එක්ක ලංකාවට තරංග කරන්න බෑ මේ වගේ industry එකකින්.

    දේශපාලනෙන් තොර කතාව:

    ඉහත සාමාජිකයන් දෙදෙනා ලිය තිබු ඒවාට පිළිතුරයි මේ, ඇයි බන් අපි හැමදාම බෑ කියන මානසිකත්වයෙන් ඉන්නේ, ලංකාවේ මිනිස්සුන්ගේ මොනවද අඩු.
    පරාදීන මානසිකත්වයෙන් නැගිටින්නේ කවදද ?
    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගන්නේ කවදද ?
    දැන් මේ අත් ට්‍රැක්ටරේ හදලා තියෙන්නෙත් පිට රටින් කෑලි ගෙනත්ද ?
    වඩා වටිනා දේ ආරම්බයයි, අපිටත් පුළුවන් කියලා හිතීමයි කියලයි මන් හිතන්නේ. දැන් ඉන්දියාව සුසුකි කොම්පැනියත් එක්ක එකතු වෙලා පලවෙනි මරුටි එක හදනකොට ඔක්කොම කැලි ඉන්දිය්වෙමද හැදුවේ අද මුළු මරුටිය තනිකර ඉන්දයාවේ හදන්නේ. මගේ පරණ තිබ්බ kawasaki bajaj එකේ carburetor එක ජපන් අද බජාජ් කොම්පැනිය කොයි තරම් දුර ගිහින්ද ?
    මතක තියා ගන්න සුද්දන්ට රොකට් යවාගන්න බැරිව ඉද්දි එක කියලා එතන තිබ්බ ගැටලුව විසදලා දුන්නනේ ලාංකීය ද්‍රවිඩ මහාචාර්ය වරයෙක් කියන කතාව ඔයාලා අහලා ඇතිනේ.

    දේශපාලන කථාව:

    මේ plane එක කොටින්ගෙන් අල්ලපු එකක්, මහින්ද බෙබිලට උපන් දිනේට ගෙනත් දුන්න එක කියන්න කට්ටිය හදනවා මන් දැක්කා, කොටින්ම ජනමාද්‍යයේ ගියෙත් එහෙම අදහසක් උද්දීපනය වෙන පරිදි.
    ආණ්ඩු පෙරලුන ගමන් පෙර ආණ්ඩුවේ වැරදි යන එක කලින් හිටපු හැම ආණ්ඩුවක්ම (මහින්දත් කලා) වගේ කලා පොඩි පොඩි වැරදි කරපු එවුන් හිරේ ගියා මේ පහත එකට යන්නකෝ

    "http://www.elakiri.com/forum/showthread.php?t=1655381" මේක මහින්දට පක්ෂපාතව නම් ලියලා තියෙන්නේ ඒක අමතක කරන්න මට කියන්න ඕනේ උනේ වැරදි කරලා තියේ නම් ඒවා ඔප්පු කරලා දඩුවම් දෙන්න හැබැයි මන් අහගෙන රාජිත කියනවා එකතු උන අයගේ පරීක්ෂණ නොපැවැත්වීමේ එකගතාවයක් තියෙනවා කියලා. හොදයි මහින්ද විතරක් ලංකා ඉතිහාසයේ වැරදි කරලා තියෙන නිසා මිනිහටවත් දඩුවන් දෙන්නකෝ.
     
    Last edited:
    • Like
    Reactions: sandaru1rox

    Similar threads