ඉතින් බන් සිද්දාර්ථට පුලුවන් උනා නම් අවුරුදු 29ක් වෙලත් සතර පෙරනිමිති හරියට දන්නේ නැති තැන ඉදල අවුරුදු 6ක් වැරදි මාර්ගේ ගිහින් , බුදු වෙන්න , ලෝකේ ඉන්න බිලියන ගානක් මිනිස්සු අතරින් කාටහරි ඕක කරන්න බෑ කියන්න මොකද්ද ලොජික් එක ?
උබ ඉතින් ආයෙ මුලටම යනවනෙ
මේ තියෙන්නෙ පැහැදිලි කිරීම
සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.
පච්චේකබුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයට එය පැහැදිලිව කියාදෙන්න නොහැකි උතුමා.
ශ්‍රාවකබුද්ධ - සම්මාසම්බුදුවරයෙකුගෙ මගපෙන්වීම යටතේ තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරනලද උතුමා.
දුක කෙලවර කිරීම අවබෝධ කිරීම තමා ප්රශ්නය. ඒ ප්රශ්නය විසදල විසදන හැටි කියල දෙන සහ ඒක උන්වහන්සේ නැති උනත් දිගටම කාලයක් කියල දෙන්න පුලුවන් ව්දියෙ ගෝල පරම්පරාවක් හදන කෙනාට කියන නමනෙ බුද්ධ
උබ කියන විදියට වෙනම අලුතෙන් එකක් මේකෙ තියෙන වැරදි අත ඇරල හැදුවම ඒකට බුද්ධ සාසනය කියල දාගන්න එක කොහෙත්ම කරන වැඩක් නෙවෙයි ඒකට වැටෙන්නෙ අලුත්ම නමක් ඒක අලුත්ම විදියට ප්ර්ශ්නය විස්තර කරල උත්තර දෙන එකක්නෙ. ඒකට බුද්ධ සාසනය කිව්වගමන් ආයෙ දෙක මික්ස් වෙනවනෙ. එතකොට ආයෙ එතන ඉන්න එක බුද්ධ කෙනයි. සාසනය කියන definition එකත් ඒකට අනුව අලුත්වෙනවනෙ. එතකොට කොහොමත් බුද්ධ සාසනයක් ආයෙ මේ බුද්ධ සාසනය තියෙනකොට හැදෙන්නෙ නෑ.
උබ හිතන විදියට දිගටම බලය සම්බන්ධව හොයාගන්න නියම නිව්ටන් නියම කියලම කියන්න ඕනි.
