හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් බන් සිද්දාර්ථට පුලුවන් උනා නම් අවුරුදු 29ක් වෙලත් සතර පෙරනිමිති හරියට දන්නේ නැති තැන ඉදල අවුරුදු 6ක් වැරදි මාර්ගේ ගිහින් , බුදු වෙන්න , ලෝකේ ඉන්න බිලියන ගානක් මිනිස්සු අතරින් කාටහරි ඕක කරන්න බෑ කියන්න මොකද්ද ලොජික් එක ?

    උබ ඉතින් ආයෙ මුලටම යනවනෙ

    මේ තියෙන්නෙ පැහැදිලි කිරීම
    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    පච්චේකබුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයට එය පැහැදිලිව කියාදෙන්න නොහැකි උතුමා.

    ශ්‍රාවකබුද්ධ - සම්මාසම්බුදුවරයෙකුගෙ මගපෙන්වීම යටතේ තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරනලද උතුමා.

    දුක කෙලවර කිරීම අවබෝධ කිරීම තමා ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය විසදල විසදන හැටි කියල දෙන සහ ඒක උන්වහන්සේ නැති උනත් දිගටම කාලයක් කියල දෙන්න පුලුවන් ව්දියෙ ගෝල පරම්පරාවක් හදන කෙනාට කියන නමනෙ බුද්ධ

    උබ කියන විදියට වෙනම අලුතෙන් එකක් මේකෙ තියෙන වැරදි අත ඇරල හැදුවම ඒකට බුද්ධ සාසනය කියල දාගන්න එක කොහෙත්ම කරන වැඩක් නෙවෙයි ඒකට වැටෙන්නෙ අලුත්ම නමක් ඒක අලුත්ම විදියට ප්‍ර්ශ්නය විස්තර කරල උත්තර දෙන එකක්නෙ. ඒකට බුද්ධ සාසනය කිව්වගමන් ආයෙ දෙක මික්ස් වෙනවනෙ. එතකොට ආයෙ එතන ඉන්න එක බුද්ධ කෙනයි. සාසනය කියන definition එකත් ඒකට අනුව අලුත්වෙනවනෙ. එතකොට කොහොමත් බුද්ධ සාසනයක් ආයෙ මේ බුද්ධ සාසනය තියෙනකොට හැදෙන්නෙ නෑ.

    උබ හිතන විදියට දිගටම බලය සම්බන්ධව හොයාගන්න නියම නිව්ටන් නියම කියලම කියන්න ඕනි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    උබ කොහොමද කියන්නේ එහෙම වෙන්නේ නෑ කියලා ?
    කොටින්ම කිව්වොත් සමහරු රහත් වෙනවා , සමහරු පසේ බුදු වෙනවා. ඉතින් එතනින් පස්සේ සංසාරේ කෙළවර නිසා දැනටම මම කියපු තර්කේ හරි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක

    ඉතින් ඒක තමයි මම ඇහුවේ "බුද්ධ" කියන දේ වෙන අය දෙන තනතුරක් ද ?

    ඔය කියන දේම වෙන විදියකට කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්න පුළුවන් නේ බන්.
    එතකොට ඔය definition එකට අනුව බුද්ධ තමයි.

    තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමෙක් ..
    එහෙම කෙනෙක් මොකද ආයිත් බිහි වෙන්න බැරි ???

    ඉතින් ඇයි කවුරුත් බුදු වෙන්නේ නැත්තේ ?
    උබ කොහොමද එහෙම වෙන්නේ නෑමයි කියන්නේ ?
    ------ Post added on May 21, 2023 at 10:31 AM

    උබ හිතන විදියට දිගටම බලය සම්බන්ධව හොයාගන්න නියම නිව්ටන් නියම කියලම කියන්න ඕනි.
    ඉතින් බලයට නිව්ටන් ට වඩා හොද අර්තදක්විම්ක් තියරි ඉදිරිපත් කරන වෙන කෙනෙක් ඉන්න පුළුවන් නේ.
    නිව්ටන් කියන්නේ ඌ ගේ වැඩේට දෙන definition එකක් නෙවෙයි. නිව්ටන් කියන්නේ උගේ නම බන්. :rofl:
    ------ Post added on May 21, 2023 at 10:33 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් ඒක තමයි මම ඇහුවේ "බුද්ධ" කියන දේ වෙන අය දෙන තනතුරක් ද ?

    ඔය කියන දේම වෙන විදියකට කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්න පුළුවන් නේ බන්.
    එතකොට ඔය definition එකට අනුව බුද්ධ තමයි.

    තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමෙක් ..
    හැම දේම වෙන විදියකට කරාම ඒක අලුත් එකක්නෙ. එතකොට කොහොමද සාසනයක් පනවන්නෙ. සාසන දෙක සමාන වුනාම ඒක හැම දේම වෙන විදියකට කරපු එකක් වෙන්නෙ කොහොමද?

    ඉතින් දැන් නිව්ටන්ද ඕකට නිව්ටන් නියම කියල නම දැම්මෙ. බලය සම්බන්ධ නියම ගොඩක් තියෙන නිසා අදුරගන්න පහසුවට හොයාගත්ත කෙනාගෙ නමනෙ යොදන්නෙ. ඒ කියන්නෙ අර්ත දැක්වීම වෙනස් වෙනකොට මොඩල් එක අලුත් වෙනව අලුත් නමක් දාගන්නව. අලුත් අර්ත දැක්වීමක් ආව ගමන් ඒක අලුත් මොඩල් එකක්. උබ කියන විදියට ඒකටත් කලින් එකේ නමම කියන්නෙ නෑනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    හැම දේම වෙන විදියකට කරාම ඒක අලුත් එකක්නෙ. එතකොට කොහොමද සාසනයක් පනවන්නෙ. සාසන දෙක සමාන වුනාම ඒක හැම දේම වෙන විදියකට කරපු එකක් වෙන්නෙ කොහොමද?
    කවුද කියන්නේ සමානයි කියල ?
    තව කෙනෙක් තනියම ඊට වඩා සාර්ථක ක්‍රමයක් අවබෝද කරගෙන සාසානයක් හදනව ලෝකේ කොහේ හරි..
    මොකද වෙන්න බැරි?
    ඔය බුද්ධ කියන නිර්වචන්නේ එතකොට එයාටත් අදාලයි.

    ඉතින් දැන් නිව්ටන්ද ඕකට නිව්ටන් නියම කියල නම දැම්මෙ. බලය සම්බන්ධ නියම ගොඩක් තියෙන නිසා අදුරගන්න පහසුවට හොයාගත්ත කෙනාගෙ නමනෙ යොදන්නෙ. ඒ කියන්නෙ අර්ත දැක්වීම වෙනස් වෙනකොට මොඩල් එක අලුත් වෙනව අලුත් නමක් දාගන්නව. අලුත් අර්ත දැක්වීමක් ආව ගමන් ඒක අලුත් මොඩල් එකක්. උබ කියන විදියට ඒකටත් කලින් එකේ නමම කියන්නෙ නෑනෙ.
    ඉතින් නිව්ටන්ගේ නියම.
    බුද්ධ වෙනුවට සිද්ධාර්තගේ දර්ශනය කියලා ඕන නම් දාන්න පුලුවන් unique නමක්..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් ඒක තමයි මම ඇහුවේ "බුද්ධ" කියන දේ වෙන අය දෙන තනතුරක් ද ?

    ඔය කියන දේම වෙන විදියකට කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්න පුළුවන් නේ බන්.
    එතකොට ඔය definition එකට අනුව බුද්ධ තමයි.

    සරලම පැහැදිලි කිරීම "සම්මුති" කියන එක.

    බුද්ධ කියන්නෙ හැඳින්වීමක්. එක බුදුහාමුදුරුවොම තමන් ගැන ප්‍රකාශ කරන තැනුත් තියනවා. වෙනත් දර්ශන ආගම් පිලිගත්තේ අයත් ශ්‍රමණ ගෝතමයන් නම් සම්‍යක්සම්බුද්ධ විය යුතුයි, එහෙම හඳුන්වන්න සුදුසුයි කියලා කියන තැනුත් තියනවා.

    තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමෙක් ..
    එහෙම කෙනෙක් මොකද ආයිත් බිහි වෙන්න බැරි ???

    මේ අහන්නෙත් ගෞතමබුද්ධ ශාසනයේ ඇති ආකාරයට නොවන වෙනත් ආකාරයකට දුක කෙලවර කරන කෙනෙක්නේ ? එහෙම නම්,

    ඔව් එහෙම අය බිහිවෙන්න පුලුවන්. ඒ අයට බුද්ධ කියලා හඳුන්වන්නත් පුලුවන්. එතකොට ඒ ඒ අය කොයිතරම් බුද්ධද කියන එක තීරණය වෙන්නෙ ඒ ඒ අය ඉදිරිපත් කරන ක්‍රමය සහ ඒ අයගේ අවසාන විසඳුම නිර්වචනය වෙන්නෙ කොහොමද කියන එක අනුව. එවැනි දෑ ඉදිරිපත්කරන අය ඕනෑ තරම් ඉන්නවා.

    ඒ වගේම දැන් ජෛන අයට ගෞතමයන් වහන්සේ බුද්ධ නෙමෙයි බුද්ධ ක්ලෙමන්ට් කෙනෙක්. පැහැදිලි ද?

    ඉතින් බලයට නිව්ටන් ට වඩා හොද අර්තදක්විම්ක් තියරි ඉදිරිපත් කරන වෙන කෙනෙක් ඉන්න පුළුවන් නේ.
    නිව්ටන් කියන්නේ ඌ ගේ වැඩේට දෙන definition එකක් නෙවෙයි. නිව්ටන් කියන්නේ උගේ නම බන්. :rofl:

    හොඳ නරක, ගැලපීම නොගැලපීම තීරණය වෙන්නෙ අරමුණට සාපේක්ෂව. බුද්ධ කියන්නෙ ශ්‍රමණ ගෝතමයන් හඳුන්වන්න භාවිතා කරන උන්වහන්සේගේ ක්ශේත්‍රය හා බැඳුන සම්මුති නාමයක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කවුද කියන්නේ සමානයි කියල ?
    තව කෙනෙක් තනියම ඊට වඩා සාර්ථක ක්‍රමයක් අවබෝද කරගෙන සාසානයක් හදනව ලෝකේ කොහේ හරි..
    මොකද වෙන්න බැරි?
    ඔය බුද්ධ කියන නිර්වචන්නේ එතකොට එයාටත් අදාලයි.

    ඉතින් නිව්ටන්ගේ නියම.
    බුද්ධ වෙනුවට සිද්ධාර්තගේ දර්ශනය කියලා ඕන නම් දාන්න පුලුවන් unique නමක්..
    ඔයාගෙ යට ලයින් එකේ තියෙනව උඩ අහල තියෙන එකට උත්තරේ

    වෙන් කරගන්න අලුත් නමක් දාගත්ත ගමන් එයා වෙන මොඩල් එකක් දෙන්නෙ.

    නම බුද්ධ කියල එයාට කියන එකට අනුව ඔය නිර්වචනයට අදාලයි කියල හිතෙනව නන් ඒ කෙනා තමා කියන්නෙ බුද්ද කියල.ඔතන වෙන ප්‍රශ්නෙ මම බුද්ධ කියල කෙනෙක් කිව්ව ගමන් මිනිස්සු මොඩල් දෙක දෙකක් විදියට objective කරගන්නෙ නෑ. ඒ නිසා තමා ඔය සාසනය පිහිටවන්න බැරි වෙන්නෙ. ඒත් කෙනෙක් ක්ලේම් කරල ඔය කියන විදියට සාසනය කියල එකක් පිහිටවනව නන් ඒත් ගැටලුවක් නෑ ඔය අර්ථදැක්වීමට අනුව නන්.

    @greenthunder කලින් කිව්ව අපිට දැන් අපි කියන බුද්ධ ඇත්තටම බුද්ධද කියල කියන්න බෑ කියල ඒ විසදුම හරිද කියල ඒ පාරෙ ගිහින් බලනකම්ම. සූත්‍රයකුත් දාල තිබ්බ. ඒක බලන්න. (පහල තියෙනව සමරිය)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් නිව්ටන්ගේ නියම.
    බුද්ධ වෙනුවට සිද්ධාර්තගේ දර්ශනය කියලා ඕන නම් දාන්න පුලුවන් unique නමක්..

    නම් කියන්නෙ පරම යථාර්ථ නෙමෙයි. භාශාව වෙනස් වෙනවා. එකම වචනය විවිධ අය විවිධ විදිහට තේරුම්ගන්නවා. ඒකනෙ අපිට වචන නිතර නිතර ඒ ඒ ක්ශේත්‍ර වලදි නිර්වචනය කරන්න වෙන්නෙ.

    බුදුපියාණන්ගෙ ඉගැන්වීමට ශ්‍රමණ ගොයුම්ගෙ ඉගැන්වීම කියලාත් කියන්න පුලුවන්. මේ ඉගැන්වීම් ගැන අහලා සමහරු ශ්‍රමණ ගොයුම් නම් බුද්ධ විය යුතුයි කියලා තීරණය කරලා බුද්ධ කියලා ආමන්ත්‍රණය කරනවා. තවත් සමහරු එක කරලා බලල ශ්‍රමණ ගොයුම් බුද්ධමයි කියලා තීරණය කරලා බුද්ධ කියලා ආමන්ත්‍රණය කරනවා. බුදුහාමුදුරුවො වඩාත් නිවැරදියි කියන්නෙ තමන්ම කරලා බලලා බුදුහාමුදුරුවන්ගෙ අඩිපාරෙ ගිහින් බලලාම ශ්‍රාස්ත්‍රෘන් වහන්සේ බුද්ධද නැත්ද කියලා බැලීම. චූලහත්ථිපදෝපම සූත්‍රය බලන්න.
     
    • Like
    Reactions: dilann

    එතකොට මේ ඉගැන්වීම් ආගමක් විදියට අදහන්න ගියාම තමා අපි ඇත්තටම ශ්‍රමණ ගොයුම්ගේ ඉගැන්වීම් අනුව ශ්‍රමණ ගොයුම් බුද්ධමයි කියල තීරණය කරල තියෙන්නෙ. ඒක ඇදහිල්ලක් මිසක් ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි එතකොට.

    You probably know my stand on religion...

    “When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion. :ROFLMAO:
    මට ඕනි ඔය දෙක අපේ brain එක තේරුන් ගන්නෙ විදි දෙකකටද නැද්ද කියල බලන එක.

    https://elakiri.com/threads/හයිඩ්‍රිජන්-බන්ධන-සහ-දැනුම.2106007/post-28876447
    ------ Post added on May 21, 2023 at 11:14 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එතකොට මේ ඉගැන්වීම් ආගමක් විදියට අදහන්න ගියාම තමා අපි ඇත්තටම ශ්‍රමණ ගොයුම්ගේ ඉගැන්වීම් අනුව ශ්‍රමණ ගොයුම් බුද්ධමයි කියල තීරණය කරල තියෙන්නෙ. ඒක ඇදහිල්ලක් මිසක් ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි එතකොට.

    ගොඩක් බෞද්ධයන් ඉන්නෙ එහෙම තැනක තමා. නමුත් ඒක ආගමක් දර්ශනයක් කියලා බෙදන්න සුදුසු නැහැ මගේ මතය අනුව. මේක ධර්මයක්. ආගම කියලා වෙන් කරන කොටස්වලත් ප්‍රායෝගික වටිනාකම් තියනවා බැලූබැල්මට නොපෙනෙන. (වන්දනාව ත්‍රෙඩ් එක)

    ඇදහිල්ල කියන එක මම ගන්නෙ මේ ජීවිතයේදීම වෙරිෆයි කරගන්න ක්‍රමයක් නැති පිළිගැනීම් කියන අර්ථයෙන්. උදා - ස්වර්ගය. එක අවබෝධ කරන්න මරණින් මතු ස්වර්ගයට යන්නම ඕනේ. මේ ජීවිතයේදීම කරලා බලලා අත්විඳින්න බැහැ.

    නිර්වාණයට මේ ජීවිතයේදීම යන්න ක්‍රමයක් දේශනා කරලා තියනවා. කරලා බලන්න දෙයක් තියනවා. මේ ජීවිතයේදීම අත්විඳින්න පුළුවන්. එතනදි මම ගන්නෙ විශ්වාසය කියන එක. මේ ජීවිතයේදීම කරලා බලලා අත්විදින්න පුලුවන් ක්‍රම ඇතිව කරන පිලිගැනීම.

    මම ඒබ්‍රහ්මික ආගම් වලට වඩා ඉන්දියානු ආගම් වලට ප්‍රියතාවක් පෙන්වන්නේ බොහොමයක් ඉන්දියානු ආගම් වල එහෙම මේ ජීවිතයේදීම කරන්න දෙයක් ආගමේ පරමාර්ථය මේ ජීවිතයේදීම අත්විඳින්න පුළුවන් ඉගැන්වීම් තියන නිසා. ප්‍රථම දුතිය ආදී ධ්‍යන වල ඉදලා නේවසංඥානාසඥ්ඥායතනය දක්වා කරන්න ක්‍රම උගන්වන ආගම් තිබිලා (තියනවා) තියනවා.
     
    මෙම ගත්තොත් හරි නේ

    ඇදහිල්ල - තියෙනවා කියල පිලිගන්නව ඒත් තමන්ට ඔප්පු කරන්න කොහෙත්ම බෑ මේ ජීවිත කාලය ඇතුලෙ
    විශ්වාසය - තියෙනවා කියල පිලිගන්නව තමන්ට ඕනි නන් මේ ජීවිත කාලය ඇතුලෙ ඔප්පු කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඉතින් ඇයි කවුරුත් බුදු වෙන්නේ නැත්තේ ?
    උබ කොහොමද එහෙම වෙන්නේ නෑමයි කියන්නේ ?
    ------ Post added on May 21, 2023 at 10:31 AM

    May 21, 2023 at 10:33 AM[/SIZE]

    ඔය කියලා තියෙන්නේ උඩ. හැමෝම බුදු වෙන්නේ නෑ තමයි. මුගලන් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක් නේ. ඔය වගේ රහත් වුණ පසේ බුදු වුණ අයට ආයේ පැවැත්මක් නැති නිසා බුදු කෙනෙක් වෙන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    ඔයාගෙ යට ලයින් එකේ තියෙනව උඩ අහල තියෙන එකට උත්තරේ

    වෙන් කරගන්න අලුත් නමක් දාගත්ත ගමන් එයා වෙන මොඩල් එකක් දෙන්නෙ.

    නම බුද්ධ කියල එයාට කියන එකට අනුව ඔය නිර්වචනයට අදාලයි කියල හිතෙනව නන් ඒ කෙනා තමා කියන්නෙ බුද්ද කියල.ඔතන වෙන ප්‍රශ්නෙ මම බුද්ධ කියල කෙනෙක් කිව්ව ගමන් මිනිස්සු මොඩල් දෙක දෙකක් විදියට objective කරගන්නෙ නෑ. ඒ නිසා තමා ඔය සාසනය පිහිටවන්න බැරි වෙන්නෙ. ඒත් කෙනෙක් ක්ලේම් කරල ඔය කියන විදියට සාසනය කියල එකක් පිහිටවනව නන් ඒත් ගැටලුවක් නෑ ඔය අර්ථදැක්වීමට අනුව නන්.

    @greenthunder කලින් කිව්ව අපිට දැන් අපි කියන බුද්ධ ඇත්තටම බුද්ධද කියල කියන්න බෑ කියල ඒ විසදුම හරිද කියල ඒ පාරෙ ගිහින් බලනකම්ම. සූත්‍රයකුත් දාල තිබ්බ. ඒක බලන්න. (පහල තියෙනව සමරිය)
    හරියට කියවපන්..

    බුද්ධ කියන්නේ පුද්ගලයෙක් මුල් කරගත්තා අදහසක් නෙවෙයි උබේ definition එකට අනුව.

    ඉතින් කොහොමද සිද්ධාර්ථ ට විතරක් "තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් හැදුවම" බුද්ධ කියන්නේ.

    ඕකම වෙන විදියකට කරන කෙනෙක් තව කොහේ හරි බිහිවෙන්න බෑ කියලා බෞද්ධයෝ හිතන්නේ.

    එක්කෝ උබ පිළිගන්න ඕනේ බෞද්ධයෝ ගෞතම බුදුන් අනිත් හැමකෙනාටම වඩා ශ්‍රේෂ්ටයි කියලා පිලිගන්නවා කියලා.

    ගෞතම බුදුන් වගේ තව නම් වල බුද්ධ ල ඉන්න පුලුවන් කියලා මම කියන්නේ .

    ඔය කියලා තියෙන්නේ උඩ. හැමෝම බුදු වෙන්නේ නෑ තමයි. මුගලන් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක් නේ. ඔය වගේ රහත් වුණ පසේ බුදු වුණ අයට ආයේ පැවැත්මක් නැති නිසා බුදු කෙනෙක් වෙන්න බෑ
    උබට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නෑ මැදින් ආපු නිසා.

    මම කියන්නේ බෞද්ධයෝ ගෞතම බුද්ධ තමයි ශ්‍රේෂ්ටම කියලා පිලිගන්නවා කියන එක.
    ඒ චරිතේ මුල් කරගෙන දෙස්පු දහමක් තමයි බුදු දහම කියන්නේ.

    ඒ වගේම ලෝකේ කොහේ හරි තව කෙනෙක් දුක නැතිකරන හැටි තනිවම ඊට වඩා හොද විදියට අවබෝද කරගෙන සාසනයක් පිහුටුවන්න ඇයි බැරි ??? උබ එහෙම වෙන්න බෑ කියලා හිතන්නේ ඇයි ??
    ඔය දැන් තියන බුද්දාගම refer කරල නෙවෙයි.. තව කවුරුහරි සිද්ධාර්ථ කරා වගේ තනියම ඊට වඩා සාර්ථක ක්‍රමයක් හොයාගෙන ශාසනයක් පිහිටුවන්න පුලුවන් නේ.
    ------ Post added on May 21, 2023 at 11:42 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙම ගත්තොත් හරි නේ

    ඇදහිල්ල - තියෙනවා කියල පිලිගන්නව ඒත් තමන්ට ඔප්පු කරන්න කොහෙත්ම බෑ මේ ජීවිත කාලය ඇතුලෙ
    විශ්වාසය - තියෙනවා කියල පිලිගන්නව තමන්ට ඕනි නන් මේ ජීවිත කාලය ඇතුලෙ ඔප්පු කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව.

    "කරන්න" තියන දේ, කරපුවාම "ලැබෙන දේ" සම්බන්ධයෙන් ඔව්.

    ඕකම වෙන විදියකට කරන කෙනෙක් තව කොහේ හරි බිහිවෙන්න බෑ කියලා බෞද්ධයෝ හිතන්නේ.

    එක්කෝ උබ පිළිගන්න ඕනේ බෞද්ධයෝ ගෞතම බුදුන් අනිත් හැමකෙනාටම වඩා ශ්‍රේෂ්ටයි කියලා පිලිගන්නවා කියලා.

    ගෞතම බුදුන් වගේ තව නම් වල බුද්ධ ල ඉන්න පුලුවන් කියලා මම කියන්නේ .

    දැනට බිහිවෙලා ඉන්න ශ්‍රාස්තෘවරුන් අතරින් "දුක කෙලවර කිරීම සම්බන්ධව" ගෞතම බුදුන් ශ්‍රේෂ්ඨයි (චූලහත්ථිපදෝපම සූත්‍රය අනුව ගිය කෙනෙකුට). ඒ ශ්‍රේෂ්ඨත්වය එන්නේ නිවන නිසා. නිවනට එහා හෝ නිවනට වඩා දෙයක් පෙන්වගන්න බැහැ.

    තියන තරමක් දෑ හි නිරවශේෂ නිරෝධය පැනෙව්වාම ඒකම දුකේ කෙලවර කීවහම, එතනින් එහාට යමක් කොහොම පනවන්න ද?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    නට බිහිවෙලා ඉන්න ශ්‍රාස්තෘවරුන් අතරින් "දුක කෙලවර කිරීම සම්බන්ධව" ගෞතම බුදුන් ශ්‍රේෂ්ඨයි (චූලහත්ථිපදෝපම සූත්‍රය අනුව ගිය කෙනෙකුට). ඒ ශ්‍රේෂ්ඨත්වය එන්නේ නිවන නිසා. නිවනට එහා හෝ නිවනට වඩා දෙයක් පෙන්වගන්න බැහැ.

    තියන තරමක් දෑ හි නිරවශේෂ නිරෝධය පැනෙව්වාම ඒකම දුකේ කෙලවර කීවහම, එතනින් එහාට යමක් කොහොම පනවන්න ද?
    ඒක විශ්වාසයක් විතරයි බෞද්ධයන්ගේ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒක විශ්වාසයක් විතරයි බෞද්ධයන්ගේ .

    "කරන්න" තියන දේ, කරපුවාම "ලැබෙන දේ" සම්බන්ධයෙන් ඔව්.

    දැනට බිහිවෙලා ඉන්න ශ්‍රාස්තෘවරුන් අතරින් "දුක කෙලවර කිරීම සම්බන්ධව" ගෞතම බුදුන් ශ්‍රේෂ්ඨයි (චූලහත්ථිපදෝපම සූත්‍රය අනුව ගිය කෙනෙකුට). ඒ ශ්‍රේෂ්ඨත්වය එන්නේ නිවන නිසා. නිවනට එහා හෝ නිවනට වඩා දෙයක් පෙන්වගන්න බැහැ.

    තියන තරමක් දෑ හි නිරවශේෂ නිරෝධය පැනෙව්වාම ඒකම දුකේ කෙලවර කීවහම, එතනින් එහාට යමක් කොහොම පනවන්න ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    (චූලහත්ථිපදෝපම සූත්‍රය අනුව ගිය කෙනෙකුට). ඒ ශ්‍රේෂ්ඨත්වය එන්නේ නිවන නිසා. නිවනට එහා හෝ නිවනට වඩා දෙයක් පෙන්වගන්න බැහැ.
    කවුද මෙහෙම කියන්නේ ??
    කවුද ලෝකේ මේ දේ පිළිගන්නේ ??
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුද මෙහෙම කියන්නේ ??
    කවුද ලෝකේ මේ දේ පිළිගන්නේ ??

    බොහොමයක් බෞද්ධයන්.
    යම් බෞද්ධ කොටසක් ඉන්නවා නිවනත් ස්වර්ගයක් වගේ සදාකාලික තත්වයක් කියලා හිතන. ජෙනරලි ඒ අය ඕකට අයිති වෙන්නේ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හරියට කියවපන්..

    බුද්ධ කියන්නේ පුද්ගලයෙක් මුල් කරගත්තා අදහසක් නෙවෙයි උබේ definition එකට අනුව.

    ඉතින් කොහොමද සිද්ධාර්ථ ට විතරක් "තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් හැදුවම" බුද්ධ කියන්නේ.

    ඕකම වෙන විදියකට කරන කෙනෙක් තව කොහේ හරි බිහිවෙන්න බෑ කියලා බෞද්ධයෝ හිතන්නේ.

    එක්කෝ උබ පිළිගන්න ඕනේ බෞද්ධයෝ ගෞතම බුදුන් අනිත් හැමකෙනාටම වඩා ශ්‍රේෂ්ටයි කියලා පිලිගන්නවා කියලා.

    ගෞතම බුදුන් වගේ තව නම් වල බුද්ධ ල ඉන්න පුලුවන් කියලා මම කියන්නේ .

    උබට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නෑ මැදින් ආපු නිසා.

    මම කියන්නේ බෞද්ධයෝ ගෞතම බුද්ධ තමයි ශ්‍රේෂ්ටම කියලා පිලිගන්නවා කියන එක.
    ඒ චරිතේ මුල් කරගෙන දෙස්පු දහමක් තමයි බුදු දහම කියන්නේ.

    ඒ වගේම ලෝකේ කොහේ හරි තව කෙනෙක් දුක නැතිකරන හැටි තනිවම ඊට වඩා හොද විදියට අවබෝද කරගෙන සාසනයක් පිහුටුවන්න ඇයි බැරි ??? උබ එහෙම වෙන්න බෑ කියලා හිතන්නේ ඇයි ??
    ඔය දැන් තියන බුද්දාගම refer කරල නෙවෙයි.. තව කවුරුහරි සිද්ධාර්ථ කරා වගේ තනියම ඊට වඩා සාර්ථක ක්‍රමයක් හොයාගෙන ශාසනයක් පිහිටුවන්න පුලුවන් නේ.
    ------ Post added on May 21, 2023 at 11:42 AM
    ඔව් ඉතින් පුද්ගලයෙක් මුල් කරගත්ත අදහසක් නෙවෙයි ඒක පොස්ට් එකක්. මේ ගෞතම බුදුහාමුදුරුවන්ට බුදුවරුම ලක්ෂයකට වඩා හම්බ වෙලා තියෙනව කියනවනඑ ඔය පෙරුම් පුරපු කාලෙ ඇතුලත.

    උබ කියන එක හරි කියල තමා @greenthunder සූත්‍ර ඇසුරෙන් දාල තියෙන සටහනෙන් මට නන් පේන්නෙ.

    දැන් බෞද්ධ කෙනෙක් පිලිගත්ත කියල ඒ ශ්‍රමණ ගෞතම බුදුන්මයි කියල ධර්මයට අනුව එහෙම පිලිගන්න බෑ කියල තමා ඔය කියන්නෙ. ඒක විශ්වාසයක් විතරයි ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි.

    ඔක අමුතු දෙයක් නෙවෙයි. උබ පරමාණු කඩන්න පුලුවන් කියන එක විශ්වාස තමා කරන්නෙ ඒක උබ කරල බලනකන්ම. කරල බලන්නෙ නැතුව කෙකෙක් කියනව නන් හරි පරමාණු තව කඩන්න පුලුවන් කියල ඒක විශ්වාසයක් විතරයි.