415 වර්ෂයේ මාර්තු මස යමි දිනෙක ඔවුහු ඇය අල්ලා ගත්හ. ළගම තිබූ සීසරියමි
දේවස්ථානයට ගෙන ගොස් ඇයව නිරැවත් කලහ.‘‘ ගහපල්ලා “ යයි ඡනතාවට
අණ දුන්හ. අනතුරැව වදදෙමින් වීදි දීග ඇද ගෙන ගොස් මරා දැමූහ ඇගේ මල සිරැර
කීතු කල ඔවුහු කොක්හඩලා සිනා සෙමින් සින්රොන් දෙවොල අසලදී ගිනි තැබූහ
මෙි පවසන්නේ ක්‍රිස්තියානි බලධාරීන් විසින් තිරිසන් ලෙස ඝාතනය කොට
පුලුස්සා දැමූ අනගිතම තාරකා විද්‍යා දියණියක ගේ ඉතිහාසයයි.
ක්‍රි.ව. 357 දි ලොව වටිනාම පුස්තකාලය තිබුනේ ඊඡිප්තුවෙිය. එය නමින්
ඇලෙක්සැන්ඩ්‍රියා වු අතර එය පාලනය කලේ දර්ශනවාදියෙකුවූ තියොන් ඇලෙක්සැන්ඩර්ය.
ඔහු ගේ දියනිය තාරකා හා ගණිතය විෂයන්ට මහත් ඇල්මක් දැක්වූ හයිපතියා නමි විය
ඇය එවකට ග්‍රීසිය . රෝමය , තූර්කිය ගිලගනිමින් තිබූ ක්‍රිස්තියානි අන්තවාදයට
බිය වුයේ නැත. ඇයට ආගමක් නොවීය.ඇය විශ්වාසය තැබුවේ අත්දැකිමි හා
අවබෝධය මිනිසා ඉදිරියට ගෙනයන බව පමනි එය ඇගේ දර්ශනය විය
හයිපතියා ගේ විශිෂ්ටතම සොයා ගැනීමි අතර ග්‍රහ මංඩලයේ කේන්ද්‍රය
පෘතුවිය නොවන බවත් එහි කේන්ද්‍රය සූර්්‍යා බවත් දෙවනුව සියලු ග්‍රහ ලෝක
සුර්්‍යා වටා ගමන් කරන බවත් තෙවනුව එ්වායේ ගමන් මාර්ගය ඉලිප්සාකාර බවත්
ඇගේ විශිෂ්ට මතයන් 3 කි. ඒවා සැබෑ බව ඔප්පු කිරීමට නිකලස් කොපරනිකස් හා
කෙප්ලර් එනතුරැ අපට තවත් අවුරැදු 1000 ක් බලා සිටීමට සිදුවිය.
ඇගේ නිපයුමි අතර ‘‘ තරැ මාලිමාව ‘‘ ASTROLABE යනු තාරකා විද්‍යාවට අග්‍ර ඵලයකි.එමගින්
සූර්යයාගේ පිහිටීම ග්‍රහලෝකවල පිහිටීම හා ඒ අතර ඇති දුර ප්‍රමානය ගණනය
කරීමට තාරක විද්‍යාවට ඉමහත් පහසුවක්විය.එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනිම
සදහා පිත්තල ද්‍රව මානය ඇගේ පරීක්ෂනවල ප්‍රතිඵලයකි. මෙි සියල්ල ඇය සිය
ශිෂ්‍යන් අතර දේශනා කරමින් පරීක්ෂන හා නිරීක්ෂන කරමින් බුද්ධිමත් සමාඡයට
දැනුමි දුන්නාය . විද්‍යාව යනු ආගමෙි පුධානතම බාධකය ලෙස දුටු ක්‍රිස්තියානි
බල අධිකාරිය ඇය මිත්‍යා මත පතුරවමින් මිනිස් සිත දෙවියන්ගෙන් බැහර කරවන
මායා කාරියක ලෙස හංවඩු ගසා පල්ලියෙන් සමාව ඉල්ලා සිටිය යුතුයැයි කී අතර
ඇය දිවි තොර කලත් එසේ කල නොහැකි යැයි පැවසූ විට ඇගේ සියලු ලිපි ලේඛනද
ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයද ඇයවද ගිනි තබා මරා දමන ලදී නමුදු බුද්ධිමත් මිනිසුන්
ඇය තාරකා විද්‍යාවට කල සේවය සිහිවනු පිනිස සදෙහි විශේෂිතම වූ භූ ලක්ෂන දෙක
හයිපතියානු භූ ලක්ෂන යැයි නමි කලෝය..
---------------------------------------------------------------------------------------
වර්ෂ 415 දී ලොව බුද්ධිමතුන් මිත්‍යා දෘෂ්ටිකයෝයැයි එවකට ක්‍රිස්තියානි අධිකාරිය පැවසූහ.
වර්ෂ 2014 වනවිට එවකට ක්‍රිස්තියානිය මිත්‍යාදෘස්ටික යැයි ලොව බුද්ධිමත්හු පැවසූහ
