හරක් මස් කෑම...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොඩක් දෙනා හරක් මස් කන්නෙ නැත්තෙ සතා පව් නිසානෙ, නමුත් පොඩි උනත් ලොකු උනත් සතෙකුගෙ ජීවිතයක් නති කරන එක පාපයක්.

    ඒ නිසා, හාල්මැස්සො විස්සක් විතර එක මිනිහෙක් කනවට වඩා, හරකෙක් මරගෙන මිනිස්සු විසි දෙනෙක් විතර කරන එක හොද නැද්ද???
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාංශ අනුභවය පිළිබඳව අපට පොදුවේ අසන්නට ලැඛෙන්නේ ගවමස් අනුභවයට ඇති විරුද්ධතාවයයි.
    මේ පිළිබඳවද අපගේ අදහස් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු ’ගව ඝාතන විරෝධතා ව්‍යාපාර ’ගව පෙරහැරවල් ’මරණයට කැප වූ ගවයින් මුදා හැරීම වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ අයට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
    1 කුඹුරු ගොවිතැන් කිරීමේදීල තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් වස්සන්ට කරන්නාවූ සත්ව හිංසාව කෙරෙහි ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?


    2 කරත්තයට ගැට ගසා දින ගනන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැඛෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ැන කථා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ.දැක ඇතැයි සිතන්නෙමු


    3 වැස්සිට පැටව් ලැබුනායින් පස්සේ පමණයි කිරි එරෙන්නේ.නමුත් මෙම කිරි අලුත බිහි වූ වසුපැටියාගේ ආහාරය වෙනුවෙන් පමණක් බව අප ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට ’කිරි අම්මා’ යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට,වසු පැටියාට අයත් කිරි ටික ’මම නුදුන් දෙය ගැනීමෙන් වැලකීමේ සිල්පදය රකිමි.’ යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම ගැන ඇති නිහඬතාවය ගැන පුදුමයට පත්වන්නෙමු.


    4 ගවයින් හඳුනාගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇති දැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරනවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නා වූ මෙම කෘෘර ක්‍රියාව ගැන ඇති නිහඬතාවය කන් බිහිරි කරවන තරමට භයානකයග උදාහරණයක් වශයෙන් කන්දෙ මරාලලාගේ මුදියන්සේට අයත් ගවයාගේ හංවඩු ගැසීම සිදුකරන්නේ ගවයාගේ කකුල්,හතර ඉතා තදින් බැඳ බිම දමා අයිතිකරුගේ නමේ මුලකුරු වූ ක,ග, මු, ගමේ කම්මලේදී ගිනියම් කරන ලද යකඩයකින් ගවයාගේ පිට කොන්ද ප්‍රදේශයේ ඇඳීමෙනුයි.කරුණාකර මේ ගැන ඔබ වරක්වත් සිතා බලා ගවයාට ඇති විය හැකි වේදනාව ගැන හැඟීමක් ඇති කර ගත්තේ නැතිද?


    6 අලි-ඇතුන්ට නිදහස නොදී දම්වැල් යොදා අලින් සිර කිරීම.අලි පෙරහැර හා අලි-ඇතුන් මන්ද පෝෂණයෙන් මිය යෑම.


    5 ගත හැකි සියළු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට ’කිරි අම්මා’ හදිසියේම ’පින් ගොනා’ බවට පත්කොට ආහාර ලබාදීම හා අනිකුත් වගකීම්වලින් තමන්ව ඉතා වංචනික ලෙස ඉවත් කර ගනි මින් ප්‍රදේශයේ සැමටම කරදරයක් හා ප්‍රශ්නයක් වන අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම ගැන ඔබ වරක්වත් සිතා බැලූවේ නැතිද?


    අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා පදනම් රහිත විශ්වාසයන් හේතු වාදයට කොතරම් පටහැනිද යන්න අවබෝධ කර ගැන්මට අපහසු නොවනු ඇත.
    මාංශ අනුභවයට බලපාන අනෙකුත් සාධක ගැනත් අපගේ අවධානය යොමු කරමු.
    ඇමරිකානු එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් 2001 වර්ෂයට පලකල සංඛ්‍යා ලේඛණ අනුව ඒක පුද්ගල මාංශ අනුභවය රාත්තල් 187.8 කි. එනම් ජනගභනය මිලියන 287කින් යුත් ඇමරිකාවේ වාර්ෂික මාංශ පරිභෝජනය රාත්තල් බිලියන 53.9 කි. මෙයට මත්ස්‍ය පරිභෝජනය අඩංගු වන්නේ නැතග යුරෝපීය රටවල ඒක පුද්ගල පාරිභෝජනය මෙයට සමාන හෝ වැඩි මිසක් අඩුවන්නට ඉඩක් නොමැතග ප්‍රාණ ඝාතනය නුසුදුසුයි යන සංකල්පය පිළිගතහොත් ඇති විය හැකි භයානක ඵලවිපාක මෙම පරිභෝජන සංඛ්‍යා ලේඛනවලින් ඉතා හොඳින් හෙලිදරව් වේ. එක් සිද්ධාන්තයක් නිවැරදි වීමට නම් එහි ව්‍යවහාරය ලොව සැමතැනටම යථාර්ථවාදී හා ප්‍රායෝගික එකක්ව තිබිය යුතුයි යන්න ගැන තර්කයක් තිබිය නොහැක.


    භූගෝලීය සාධකද මාංශ අනුභවයට බොහෝ දුරට හේතු වී ඇත. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ඇති රටවල්වල දීර්ඝ කාලයක් පවත්නා ශීත ඍතුව නිසා එහි කෘෂි ගොවිතැනට ඇති පහසුකම් ඉතාමත්ම අල්පයග එම ප්‍රදේශයෙන්ම අයිස් මතම ජීවත්වන එස්කිමෝවරු ආහාරයට ගන්නේ මත්ස්‍ය හා මාංශ වර්ග පමණි. අප කෙසේ නම් ඔවුනට නිර්මාංශ අනුභව කරන ලෙස ඉල්ලා සිටිමුද?


    නිර්මාංශ ප්‍රතිපත්තිය මෙම ප්‍රදේශයන්ට වලංගු නැති බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙයි කියා සිතන්නෙමු. කාන්තාර හා කාන්තාර ආශ්‍රිතව ජීවත්වන අයගේ තත්වයද මේ හා සමානය.



    මිනිසුන්ට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙලක්. එනම් මාංශ අනුභවයට උපකාර වන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පද්ධතියද මිනිසාගේ සකස් වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය වීමට හැකිවන අයුරින්.මෙම යුගයේ පරාණ ඝාතයෙන් තොරව කෘෂි ගොවිතැනද කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.ඉතා සුළු පරිමාණයේ ගොවි පොලක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහර විට තිබිය හැක. නමුත් මහා පරිමාණයේ ගොවිතැන් කිරීමේදී අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමට සිදු වේ. මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි පරාණ ඝාතන අකුසල කර්මයක් බවට පත්වීමට අවශ්‍ය කරුණු පහම පලිබෝධ නාශක පාවිච්චියෙන් සිදුවන බව පැහැදිලි වනු ඇතැයි සිතන්නෙමු. එසේ නම් පරාණ ඝාතයෙන් තොරව ගොවිතැනක් වත් කරගැන්මට නොහැකි තත්වයක් උදාවන්නේ නම් මෙම සිද්ධාන්තයේ වලංගුභාවය ගැන අපට නැවත සිතා බලන්නට අනිවාර්යෙන්ම සිදුවෙනවා.



    නියුමෝනියාල ක්ෂය රෝගය වැනි ආසාධනයන් ඇති වූ විට අපට ප්‍රතිජීවක (Antibiotic) ඛෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවාග මෙම ප්‍රතිජීවක ඛෙහෙත් මගින් සිදුවන්නේ ශරීර ගතවී ඇති කෝටි.ගණන් රෝ්ගකාරක විස බීජ නසා දමා අපට යහපත් සෞඛ්‍ය තත්වයක් ලබා දීමයි. පරාණ ඝාතනය සෑම තැන්හිම වැරදියි වන නිගමනයේ අප පිහිටා සිටින්නේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැක ගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අප පත්වන්නට සිදුවෙනවා නේද?



    ඔබ මේ අදහස හා එකඟ වන්නේ දැයි දැනගන්නට කැමැත්තෙමු.

    ඩෙංගුල මැලේරියා හා බරවා වැනි වසංගත රෝග පාලනය කරන්නට නම් රෝග කාරක මදුරුවන් ඇතුළුව අනෙකුත් විෂබීජ අනිවාර්යෙන්ම මරා දැමිය යුතු වේ.පරාණ ඝාතනය කිරීමෙන් බරපතල ඵලවිපාක ඇති විය හැකියි යන මතයේ අප එල්බ සිටියේ නම් මනුෂ්‍ය වර්ගයා මෙවැනි වසංගත රෝගවලින් මුළු පොලෝ තලයෙන්ම අතු ගෑවී ගොස් බොහෝ කල් විය හැකි නේද?

    මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණවල යෙදෙමින් වෛදය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛදය පර්යේෂණය සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදු වී ඇත. පරාණ ඝාතනය වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේ නම් වෛදය විද්‍යාව අදත් ප්‍රාග් ඓතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන් කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත. නූතන විද්‍යාව හා යථාර්ථය සමග මෙම ඉගැන්වීම් කෙසේ පරස්පරතාවයක පවතීද යන්න ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.

    තවත් බොහෝ සාධක විවිධ ක්ෂේත්‍රයන්ගෙන් අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට ඇතත් ඉහත කරුණු ප්‍රමාණවත් වෙයි කියා සිතන්නෙමු. නිර්මාංශ අනුභවය කැමති අය එසේ කටයුතු කිරීම ගැන අපගේ විරුද්ධතාවයක් අමනාපයක් නොමැත. නමුත් තමන්ගේ ආගමික හා පුද්ගලික අදහස් අන් අය වෙත බලෙන් පැටවීමට යෑම ගැනයි අපගේ විරෝධය. සිද්ධාන්තයක් ලෙස නිර්මාංශ අනුභවය පමණක් නිවැරදි යන්න ප්‍රායෝගික නැතිල විද්‍යාවට අනුකූල නැති, යථාර්ථවාදී නැති හා මෙම යුගයට වලංගු නැති සංකල්පයක් බව පෙන්වීමයි අපගේ උත්සාහය. ඔබගේ විචාරශීලී බුද්ධියට ඇමතීමක් කරන්නටයි මෙම ප්‍රයත්නයේ පරමාර්ථය බව දන්වන්නට කැමැත්තෙමු.:)

    [FONT=&quot]
    ico-pen.png
    දෙය: item, stuff, thing[/FONT]
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හැම දෙනාම මස් නොකා හිටියනම් ඒක හොද නැද්ද?
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගොඩක් දෙනා හරක් මස් කන්නෙ නැත්තෙ සතා පව් නිසානෙ, නමුත් පොඩි උනත් ලොකු උනත් සතෙකුගෙ ජීවිතයක් නති කරන එක පාපයක්.
    ඒ නිසා, හාල්මැස්සො විස්සක් විතර එක මිනිහෙක් කනවට වඩා, හරකෙක් මරගෙන මිනිස්සු විසි දෙනෙක් විතර කරන එක හොද නැද්ද???
    පව්නේ විස්සක්:P

    මම Vegetarian. :cool:
    Vegetarian කෙනෙක් කවදාවත් දුම්බෝන්නේ නැහැ:(
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැම දෙනාම මස් නොකා හිටියනම් ඒක හොද නැද්ද?

    නෑ හොද නෑ...ඒම කරා නම් ඔයාද වෙරළ තීරයේ ඉන්න මිනිසුන්ට කෑම දෙන්නේ....:rolleyes::rolleyes:ඒ මිනිස්සු එදාට වේලක හම්බ කරගන්නේ ධීවර මාර්ගයෙන්...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නෑ හොද නෑ...ඒම කරා නම් ඔයාද වෙරළ තීරයේ ඉන්න මිනිසුන්ට කෑම දෙන්නේ....:rolleyes::rolleyes:ඒ මිනිස්සු එදාට වේලක හම්බ කරගන්නේ ධීවර මාර්ගයෙන්...

    ඇයි බන් එදා වේල කන්න මේ තරමට මැරෙන්නේ අල්ලහ්ට කිව්වනම් කෑම මවලම දෙයි නේ. එතකොට සතුන් මරන්න ඕනෙත් නෑ. :cool:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇයි බන් එදා වේල කන්න මේ තරමට මැරෙන්නේ අල්ලහ්ට කිව්වනම් කෑම මවලම දෙයි නේ. එතකොට සතුන් මරන්න ඕනෙත් නෑ. :cool:

    eka tami allah mawala tiyanne maalunwa minusunta use karaganna terunay.?
    allah satunwa mawala tiyanne ape preyojanaya sadha eka dananwada.?

    :rofl::rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    eka tami allah mawala tiyanne maalunwa minusunta use karaganna terunay.?
    allah satunwa mawala tiyanne ape preyojanaya sadha eka dananwada.?

    :rofl::rofl:

    මම කිව්වේ බන් මස්. සත්තු මවන්නේ නැතුව කෙලින්ම මස් මවලා දෙනවා. :P