හරින්ට ආණ්ඩුව බය වෙලා....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හරින්ට ආණ්ඩුව බය වෙලා....

    ඌව පරණගම, ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද (21) අළුයම 3ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

    ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස මහතාට අයත් එළවළු වෙළඳසලක කොටසකය.

    එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිනි තබා ඇතැයි එම සංවිධානය කියයි.

    ප්‍රහාරයෙන් වෙළඳසැලට සහ ත්‍රිරෝද රථයට අලාභ සිදුවී තිබේ.

    මෙම ප්‍රහාරයෙන් UP- WG 4629 දරණ ත්‍රීරෝද රථය භාවිතයට ගත නොහැකි තරමටම විනාශ වී ඇත.

    බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නන්ගර මහතා පවසන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂ ඒ.එම්.බුද්ධදාස මහතාගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

    ”එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් අප මෙම ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වූවා. එයින් පසුව එම රැස්වීම සංවිධානය කළ අයට රාත්‍රි කාලයේ ජීප් රථ වලින් පැමිණෙන කණ්ඩායම් තර්ජනය කරනවා.‘ යැයි ද කන්නංගර මහතා තම සංවිධානය වෙත යොමුකළ පැමිණිල්ලක දැක්වෙන බව කැෆේ සංවිධානය කියයි.

    මේ අතර ඌව පළාත් සභාවට මොණරාගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21)අළුයම 2.00 ට පමණ මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති අතර ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහළට ඇතුළත් කර ඇතැයි ද එම සංවිධානය කියයි.

    පළාත් සභා මැතිවරණය ආරම්භවීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා කැෆේ සංවිධානයට වාර්තා වී ඇත.

    හාලිඇල ප්‍රදේශයෙන් 2 ක්, මහියංගනය 1ක් සහ ඌව පරණගම 1ක් ලෙස මෙම සිදුවීම් වාර්තා වී ඇත.

    මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 2ක් වාර්තා වී ඇති අතර ඒ වැල්ලවාය, හඳපානාගල සහ කතරගමින් වශයෙනි.


    21290376142.jpg



    උපුටා ගැනීම
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඉතින් මොකද යුද්දේ දිනුවනේ ™ :dull::dull::dull:

    ඔව් ඔව් අපේ කමට පන පොවන පන ඇති කොකෙක්... ඔහ වැරදුනා නායකයෙක් නේ... :P:P:P:P
    පැටියා;17040318 said:
    හරීන් හොඳ කුට්ටියක් කඩාගන්නවා නිලමෙට රිදෙන්න :yes:

    කවුද බන් නිලමේ කියන්නේ?
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දඩබ්බරයා;17040534 said:
    ඉතින් මොකද යුද්දේ දිනුවනේ ™

    ඔව් ඔව් අපේ කමට පන පොවන පන ඇති කොකෙක්... ඔහ වැරදුනා මිනිසෙක් නේ... :P:P:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ බලු වැඩක්. පොලිසියට ගියාට වැඩක් නැහැ. සදාරනේ ඉෂ්ට වෙනවා කියල හිතන්න අමාරුයි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පිං කැට හොරා බය වෙලා ඉන්නේ මේ පාර නම්

    ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ බලු වැඩක්. පොලිසියට ගියාට වැඩක් නැහැ. සදාරනේ ඉෂ්ට වෙනවා කියල හිතන්න අමාරුයි

    එහෙම කියන්න එපා මොනවා වුනත් යුද්දේ ඉවර කරනේ............. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: