හරියට tile අල්ලමු

ටයිල් විතරක් නෙමෙයි ගෙයක් හදනකොට අයිතිකාරය විදියට අපි දැනගෙන ඉන්න ඕන වැදගත්ම කරුනු ටිකක් ඉදිරියෙදි දාන්න හිතුවා අපෙ යාලුවෝ හින්දම.... ඉඩ ලැබෙන විදියට දාන්නම් සහෝ.... කොමෙන්ටුවට ස්තුති...

idak hadagena hari dapan machan.. mama danatama hembath wela inne..
podi hari shape ekak thiyenne contractor mage classmate kenek..
eth baasla wate yawanawa ban.
gal iwarayi kiyanne anthima gala athata aran. un hithanne hardware wala inna un lorry walata load karanama balan inne api order karanakam kiyala..
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
idak hadagena hari dapan machan.. mama danatama hembath wela inne..
podi hari shape ekak thiyenne contractor mage classmate kenek..
eth baasla wate yawanawa ban.
gal iwarayi kiyanne anthima gala athata aran. un hithanne hardware wala inna un lorry walata load karanama balan inne api order karanakam kiyala..

මේ වගෙ දේවල් ලෙසියෙන් මගහැරව ගන්න පුලුවන්.... ගෙවල් හදන එක වදයක් නොවී ආසවෙන් කරන්න පුලුවන් හෙනම interesting වැඩක් සහෝ... ඉක්මනටම කියල දෙන්නම් කරුනු කිහිපයක් අලුත් ත්‍රෙඩ් එකකින්ම...
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මට හිතෙන්නෙ කට්ටිය පලවෙනි පිටුවෙ තියන කරුනු විතරද දන්නෙ නෑ කියවන්නේ.... කොහොමත් මේ කරුනු ඔක්කොම එකතු කරලා සම්පූර්න post එකක් විදියට දැම්ම නම් හොඳයි කියලා...

1 , 4 , 9 කියන පිටුවල කරුනු ඇතුලත් කරලා තියනවා..


මෙන්න තවත් පොඩි කරුනු ටිකක් ගෙනාවා...




නාන කාමරය ටයිල් කිරීමේදී සැලකිය යුතු කරුණු


ඔන්න අද කියන්න යන්නෙ නාන කාමරයක් ටයිල් කරනකොට ඔයාල දැනගන්න අවශ්‍ය කරන සරල වගේම වැදගත් කරුණු ටිකක්....

1. Water Proofing (සමා වෙන්න සිංහල වචනය ඔලුවට එන්නෙ නෑ )

ඇත්තටම අපි ගෙවල් වල පාවිච්චි නොකරන දෙයක් තමයි මේ water proofing කියන්නෙ....
අපි හැමෝම ගෙවල් වල මෙහෙම දේවල් ඕනැ තරම් දැකල ඇති....

zTsU8A3.jpg
7Su51Eq.jpg



නිතර වතුර රැඳෙන නාන කාමර වගේ තැන් නියම විදියට water proofing කර ගත්තම මේ විදිය දේවල් වෙන්නෙ නෑ... ලක්ෂ ගනන් දීල ගෙවල් හදලා අවුරුදු 5 කින් මේ විදිය දේවල් දකින් කොට මොකද හිතෙන්නේ... ඉතින් පොඩි අමතර වියදමක් කරලා ( ලොකු වියදමක් නෙමෙයි ) ගෙදර තියෙන අලුත් නිමාව දීර්ග කාලයක් තියා ගන්න එක හොඳ නැද්ද?


නිවැරදිව කලොත් නිවසක අවුරුදු 20 - 25 මේ පෙන්නල තියනවා වගේ තත්වයන් ගෙන් තොරව තියා ගන්න පුලුවන්....

කොච්චර හොඳට ටයිල් ඇල්ලුවත් කාලයක් යනකොට ටයිල් අතරින් වතුර කාන්දුවෙන එක සාමන්‍ය දෙයක්... එනිසා තමයි මේ water proofing වැදගත් වෙන්නේ....

සරලව කිව්වොත් මේ පෙන්නලා තියනවා වගේ තමයි පොලව ( උඩු මහලක ) water proofing කල යුත්තේ...

DHKi6jn.png





බිත්තියේ 15 cm විතර උසට ගෑවෙන්න ඔනේ... හිතමු නාන shower එකක් තියනවා කියලා... ඉතින් ඒක සවි කරල තියන බිත්තියෙන් එහා පැත්තෙ කාමරයක් වගේ නම් තියෙන්නේ කාලයක් යනකොට දියසීරාව වගේ එන්න පුලුවන්... මේ නිසා ඒ වගේ ස්ථානයක බිත්තියේ අඩි 5ක් පමන උසට ( නිතර තෙමෙන ප්‍රමානය ) water proofing කලොත් හොඳයි..


2. නිවැරදි ටයිල් ඇල්ලීමේ ක්‍රමය....

ගොඩක් බාසුන්නැහෙලත් වරද්ද ගන්න තැනක් තමයි පොලවයි බිත්තියයි සම්බන්ධ වන තැනදි ටයිල් අල්ලන විදිය....

මේ රූපසටහන බලන්න...

aLUiZFW.jpg



අපි මුලින්ම අල්ලන්නෙ බිත්තියෙ ටයිල් නිසා මේ කියන හරි විදියට වැඩේ කරන්න ටිකක් අමාරුයි.... එනිසාම බාසුන්නැහේත් ලේසියට දෙවැනි ක්‍රමය තමා පාවිච්චි කරන්නේ....

එනිසයි අපි ටිකක් පරිස්සම් වෙන්න ඔනෙ.


3. වතුර බසින විවරය නිවැරදිව තියමු ( floor trap )

මේ රූපසටහනේ පෙන්නලා තියෙන්නේ එකක් සවි කරන්න පුලුවන් විවිද ආකාර... නමුත් මේ හැම විදියම හරි නෑ....


Djw3FEY.png


ඔගොල්ලොත් දැකල ඇති නාල ඉවර උනාට පස්සෙ වතුර ටික තල්ලු කරල දැම්මෙ නැත්ත්නම් නාන කාමරය පුරාම රැඳෙන අවස්ථා... මේ 3 වැනි ක්‍රමය නම් පාවිච්චි කරන්න එපා....
පලවෙනි ක්‍රමය ගොඩක් හොඳයි මොකද එක ටයිල් එකයි කපන්න වෙන්නේ... ඉතින් කැඩෙන්න බිඳෙන්න තියන අවස්තාව හරි අඩුයි.

ඔය දෙවැනි කර්ම හොඳයි. නමුත් ටයිල් කැට 4ක් එකම විදියට කපන්නත් ඔනෙ... සමමිතික වුනේ නැත්තම් ලස්සන නෑ.... මේ නිසා ගොඩක් ඉවසීමෙන් කරන්න ඔනෙ... ටයිල් කැඩෙන්න තියන සම්භාවිතාව වැඩී..

මම මේ හැම තැනකදිම පෙන්නල දෙන්න උත්සහ කරන්නේ ඔයාල වියදම් කරන මුදලට සරිලන ගුනාත්මක විදියට නිමවා ගන්නත් අනවශ්‍ය වියදම් කපා හරින්නත් පුලුවන් වන සරල දේවල්.....
මොකද අපි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ.... කාලෙන් කාලෙට වාහන ගන්නව වගේ ගෙවල් ගන්නත් බෑ... අමාරුවෙන් හදා ගන්න ගේ හරියට හදා ගන්න එක තමයි වටින්නෙ....




මේ රූපසටහන් එහෙම ඇන්දට පිලිවෙලට ලස්සනට අඳින්න තරම් වෙලාවක් නෑ... ඒ නිසා ඒවා වල අඩුපාඩු අපැහැදිලි තැන් තියනව නම් සමාවෙන්න...


තවත් වැදගත් වෙයි කියල හිතෙන කරුනු ටිකක් අරගෙන අයෙත් එන්නම්
 
Last edited: