හරි පුදුමයි නේද?????

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හරි පුදුමයි නේද?????

    මගේ 1000 වෙනි post එක විදිහට කට්ටියටම හිතන්න දෙයක් දෙන්න ඕනේ කියලා හිතුවා.......:yes: :yes:

    එහෙනන් ඔන්න බලන්නකෝ......
    ;)

    අපි අඳින්න ආස මිලෙන් අධික armani, lacoste, adidas වගේ branded ඇඳුම්. ඒත් අපිට වැඩිපුර සුව පහසුවක් දැනෙන්නේ සාමාන්‍ය මිලට ගන්න ඇඳුම් වලින්.

    අපි කෑම කන්න ආස තරුපහේ හෝටලයක, සමාජයේ උසස් මිනිසුන් එක්ක. ඒත් අපිට වැඩිපුර සතුටක් දැනෙන්නේ පාරේ අයිනේ සයිවර් කඩේකට වෙලා යාලුවෝ ටිකක් එක්ක වඩේ එකක් කනකොට.

    අපි දුර drive කරන්න ආස සුඛෝපභෝගී වාහනවල. ඒත් අපි අපේ හදවතට කතා කරන්නේ යම් දුරක් තනියම පයින් ගමන් කරනකොට.

    අපි පාවිච්චි කරන ipod, mobile phones වල සිංදු දහස් ගණනක් තියෙනවා. ඒත් බස් එකේදී හදිසියෙන් ඇහෙන සිංදුවක් නිසා අර සිංදු දහස් ගණනටම සසඳන්න බැරි විදියේ සතුටක් දැනෙනවා.

    අපි කෑම කන්න ආස වටිනා පිඟානක හැඳි ගෑරුප්පු වලින්. ඒත් අපිට වැඩිපුර රසයක් දැනෙන්නේ කෙසෙල් කොලේක ඔතපු බත් පතක් අතින් කනකොට.

    අපි කෑම කාලා බොන්නේ එක එක කෝලා
    ජාති. ඒත් මැටි කලේක වතුර උගුරක් බිව්වම දැනෙන හැඟීමට මොනම පානයක්වත් සමාන නෑ.

    ජීවිතය කියන්නේ පුදුම, ඒ වගේම සරල දෙයක්. ජීවිතයේ නියම සතුට බොහෝ විටෙක රැඳී තියෙන්නෙත් මේ සරල දේවල් ඇතුලතමයි. ඒත් අපි විසින්ම අපේ ජීවිත සංකීර්ණ කරගෙන,

    ජීවිතය විඳින්න පුරුදුවෙන්න, "සරලව" .


    Code:
    [SIZE=5][COLOR=Blue]උපුටාගත්තේ ලක්බිම-රිද්ම අතිරේකයෙන්[/COLOR][/SIZE]

    මෙතෙක් කල්
    මට සහයෝගය ලබාදුන් සැමට ස්තූතියි.......:) :)
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ජීවිතය කියන්නේ පුදුම, ඒ වගේම සරල දෙයක්. ජීවිතයේ නියම සතුට බොහෝ විටෙක රැඳී තියෙන්නෙත් මේ සරල දේවල් ඇතුලතමයි. ඒත් අපි විසින්ම අපේ ජීවිත සංකීර්ණ කරගෙන,

    :yes::yes::yes:1000ට සුභ පැතුම් මචන්..
    11.gif
     
    • Like
    Reactions: ncpasan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නියම සතුට බොහෝ විටෙක රැඳී තියෙන්නෙත් මේ සරල දේවල් ඇතුලතමයි:yes::yes::yes::yes::yes:

    සුබ පැතුම් මචන්:):)
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    thanks machooo....:)
    +3

    good post mchnzzz... mage peya 24 yanne nedda manda ban.. hema welema magula e msg eka ekanawa

    awulak naa machan..... :)
    You must spread some Reputation around before giving it to 0716aravinda again

    කෝරලේමහත්තයා;12775714 said:
    නියම අදහස් ටික කියල වැඩක්නෑ...සුපිරි...
    3d-ok2.gif

    :)suba pathum machan

    thanks machan... :)

    නියම සතුට බොහෝ විටෙක රැඳී තියෙන්නෙත් මේ සරල දේවල් ඇතුලතමයි:yes::yes::yes::yes::yes:

    සුබ පැතුම් මචන්:):)

    ගොඩක් අයට තේරුම් ගන්න අමාරුම දෙයත් ඕකම තමයි......
    ස්තූතියි මචෝ.....:)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ලොවෙත් නෑ.. සිරාම තමයි...
    මට නම් කෙසෙල් කොලේ බත් කනවා කියන්නේ පට්ටම රහයි...
    කාලයක්ම ඉස්කෝලේ කෑම ගෙනිච්චේ එහෙමයි...

    1000postsSG.gif

    2020910.jpg

     
    • Like
    Reactions: ncpasan