හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හරි විදිහට IP Hide කරමු -: Hide My Ass! Extension

    61d7c83799.png


    ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි හරි විදිහට අපේ IP එක Hide කරගන්න එක. හ්ම් අපේ IP එක Hide කරගන්න නම් අපි විවිද Software ආදාරයෙනුත් මෙය සිදු කරගන්නවා. එහෙත් මෙය එයිට වඩා ටිකක් වෙනස් විදිහෙ වැඩක්. මොකද මෙය සිදු කරගන්න අපිට අපේ Web Browser එකට Install කරගත යුත්තේ පුංචි Extension එකක් පමණක් වීම නිසා. මේ Extension එක දැනට පවතින ප්‍රධාණ Web Browser දෙකක් වන Mozzila Firefox සහ Google Chrome සදහා නිර්මාණය කර තිබෙනවා, ඔබේ Browser එකට අදාලා Extension එක Install කරගැනීමෙන් මෙම කියාවලිය අත්විදිය හැක. ඒ වගේම මෙහි අපිට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි, විවිද Proxy Site වලට. මේ හරහා මාරු වීමේ හැකියාව ලැබී තිබීම. අපි බලමු මේ පුංචි වැඩකාරයා ගැන.



    මුලින්ම මෙය ඔබේ පරිගණකයේ භාවිත වන Web Browser සදහා පහත ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.



    ඔබ මෙම Extension එක Install කරගත් පසු Browser එක Restart කරන්න. ඔබට පහත පිංතූරයේ ආකාරයෙන් මෙම Extension එක Browser එකෙහි දකින්න පුළුවනි. ඔබට යම් Web ලිපිනයකට IP Hide කරමින් පිවිසීමට අවශ්‍ය නම්, ඔබ කල යුත්තේ, මෙම Extension එක උඩ Click කර, පසුව එහි URL එක Type කර Proxy බට්න් එක ක්ලික් කිරීම පමණි. එවිට ඔබේ IP ලිපිනය වෙනුට. වෙනත් IP ලිපිනයක් භාවිත කරමින් ඒ Web අඩවිය වෙත පිවිසීම සිදුවේ.


    c3db5c4c03.png


    මේ විදිහට අපිට පුළුවන්, IP එක අහු නොවෙන්න, Web Site එකකට පිවිසෙන්න, අපි දැන් බලමු මෙහි Setting සකස් කරගන්න ආකාරය. ඒ සදහා අපි මෙම Extension එක උඩ Right Click කර Option යා යුතුයි.


    4c74dd7186.png


    ඉන්පසු ඔබට පහත ආකාරයේ, New Tab එකකින් විවෘත වූ, Page එකක් දැකගැනීමට පුළුවන. එහි මේ හා සම්බන්දව අපිට සිදු කරගත හැකි සියළුම වෙනස්කම් දක්වා තිබේ.


    771432a06b.png


    මේ විදිහට අපිට අවශ්‍ය Proxy Site සහ ඒවායෙහි Servers වෙනස් කරගැනීමට පුළුවන. මෙයට අදාලා තවත් Option කිහිපයක් පහලින් දැකගැනීමටත් පුළුවන්. මේ විදිහට. IP Hide කරමින් අන්තර්ජාලයේ සැරි සරන්න.


    ගත්තේ මෙතනින්


    c0905c4b29.gif


     
    • Like
    Reactions: blue_in_rio