හරීන්_දිනයි "හමුවීමට සුදානම්" - ජනපති

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරීන්_දිනයි "හමුවීමට සුදානම්" - ජනපති

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහිව පැවැත්වූ හර්තාලය මේ වනවිට අවසන් කර තිබෙනවා.

    උමා ඔය බහුකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (30 ) සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් නිසා මෙම හර්තාලය අත්හැර දැමූ බවයි.

    ඊයේ (28) බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා තිබූ අතර බණ්ඩාරවෙල තොග වෙළෙදපොල සහ එළවළු වෙළෙදපොල ද ඒ අතර වුණා.

    මෙලෙස හර්තාල් පැවැත්වෙද්දී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එම අවස්ථාව අතර තුර ජනාධිපතිවරයා ඔහුට දුරකථනයෙන් දැනුම් දුන්නේ උමා ඔය උද්ඝෝෂකයන්ට විශේෂ සාකච්ඡාවක් ලබා දීමට සුදානම් බවයි.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඇති වී තිබෙන ජල කාන්දුව නවතාලීම් සඳහා දැනට කිසිදු තාක්ෂණික පියවරක් ගැනීමට එහි ඉන්ජිනේරු අංශය සමත්වී නොමැති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී පෙන්වා දුන්නේ.

    "උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ" යැයි ද ඇමැතිවරයා එහිදී කියා සිටියා.

    ඊයේ බණ්ඩාරවෙල නගරයේ හර්තාලයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.​

    unnamed%20(1).jpg

    unnamed%20(2).jpg

    unnamed%20(3).jpg

    unnamed%20(6).jpg

    unnamed%20(6).jpg

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඔය විරෝධතා ව්‍යාපාරය මෙහෙයෙව්වේ හරීන් ප්‍රනාන්දු ද, නැත්තං සමන්ත විද්‍යාරත්න ද?

    හරීන්ට කියහං බං වෙන මිනිස්සු කරපු දේවල් වල ක්‍රෙඩිට් එක පික් පොකට් ගහන්න එපා කියලා....

    ලොල්ස්...
     
    • Like
    Reactions: Lejayange

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ඔය විරෝධතා ව්‍යාපාරය මෙහෙයෙව්වේ හරීන් ප්‍රනාන්දු ද, නැත්තං සමන්ත විද්‍යාරත්න ද?

    හරීන්ට කියහං බං වෙන මිනිස්සු කරපු දේවල් වල ක්‍රෙඩිට් එක පික් පොකට් ගහන්න එපා කියලා....

    ලොල්ස්...

    :rolleyes:හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමන්ත විද්‍යාරත්න නම් පක්ෂ පාට බෙදකින් නැතිව බොක්කෙන්ම කතා කරේ කියල පේනවා ජෙප්පා උනාට... හරින් නම් රට කපටියා ඕකාට ඕනේ චන්ද ටික බෙර ගන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගෙ වැරදි නිවැරදි කොරන්නනේ... මේ වෙනස කොලේ... ආයිබෝං.....

    මේක බලලා කතා කරමු. https://youtu.be/H4ubFQYWH_E

    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    පණපිටින් මස්කරා උකුස්සෙක්
    අලිපැටව් හුරතල් පන්සලෙත්
    සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
    අත්මිදී අපි විල්පත්තුවෙන්

    විල්පත්තුවේ….
    ගිනිපත්තු වේ….

    විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
    හුස්මක් නොගෙන දුවනා රැළක්
    ජීවිතේ…….මහ හිස්කමක්
    ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

    විල්පත්තුවේ…
    ගිනිපත්තු වේ…

    වනසතුන් සැරසරයි නගරයේ
    මහකැලේ ජාතියත් ඇවිලේ
    හන්දියෙත් බෝසතුන් බුදුවේ
    විල්පත්තු කැපි කැපී කොටවේ…

    :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes:හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.;)
    දැන් එහෙම කියහං බං...වෙන මොනව කරන්න ද?
    අපි නං දන්න කාලේ ඉදන්, උඹා ඔය ඔය ගිලා බැසීම් පටන් ගත්ත කාලේ ඉදන් සමන්ත ඔය ගැන කතා කලා.....(මම මතවාදීමය වශයෙන්ජවිපෙ විරෝධියෙක් මි) හරීන් මේ ඊයෙ පෙරේද ඕකට ප්ලග් වෙලා ජනප්‍රිය වෙන්න හදනවා....

    ඕව බාල වැඩ මස්සිනා.....හරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදෙව්ව කියල බහුතර සහභාගීත්වයක් පෙන්නුව ද ඒක තුළින්...
    සමන්ත කරපු විරෝධතාවය ඇගට දැනෙන එකක්. දැන් ඒකේ ක්‍රෙඩිට් එක පික් පොකට ගහන එක නං අන්තිම කුජීත වැඩක්.......
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    දැන් ඔය විරෝධතා ව්‍යාපාරය මෙහෙයෙව්වේ හරීන් ප්‍රනාන්දු ද, නැත්තං සමන්ත විද්‍යාරත්න ද?

    හරීන්ට කියහං බං වෙන මිනිස්සු කරපු දේවල් වල ක්‍රෙඩිට් එක පික් පොකට් ගහන්න එපා කියලා....

    ලොල්ස්...

    :lol::lol::lol::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඔය විරෝධතා ව්‍යාපාරය මෙහෙයෙව්වේ හරීන් ප්‍රනාන්දු ද, නැත්තං සමන්ත විද්‍යාරත්න ද?

    හරීන්ට කියහං බං වෙන මිනිස්සු කරපු දේවල් වල ක්‍රෙඩිට් එක පික් පොකට් ගහන්න එපා කියලා....

    ලොල්ස්...

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික කිව්වට තරහ වෙන්න එපා සදුන් මල්ලී....
    බලපං උඹ මේකට දාල තියන හෙඩින්ග් එක....හරීන්_දිනයි.
    හරීන් ද බං දිනන්න ඕන. කොටින් ම මොකක්ද ඔතන දිනන්න තියෙන්නේ?
    මිනිස්සුන්ට සහ පරිසරයට සාධාරණයක් වෙන්න ඕන.....

    දැන් උඹ දාපු හෙඩිමෙන් ම දේශපාලකයන් ගේ කිරිපල්ල පේනව නේ...
    අනුන් ගේ දෙයක් හරි තමන් කලා කියල පෙන්නලා උන්ට ඕන දිනන්න...ඡන්ද ගොඩ වැඩි කර ගන්න. කොටින් ම මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නෑ ඡන්ද ගොඩ වැඩි වෙනව නං.....මොන නපුංසක වැඩ ද බං මේවා????

    මේවට රැවටිලා රෙදි නැතුව කඩේ යන උන් ඉන්නකං මේ රටට අබ සරන තමා.....
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    උබටත් මරා කරපු උමා ඔයේ විනාසය පෙන්නේ නැහැ ඒ උනාට හෙඩිම නම් ලොකුවට පේනවා.:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක බලලා කතා කරමු. https://youtu.be/H4ubFQYWH_E

    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    :yes:

    ඕව මොනවද.... කරන්න ඕනනම් හැකියාවක් තියනවනම් කොරල පෙන්නන්න ඕන, අර ජනාධිපති දිවුරුම් දීල විනාඩි දෙකයි තත්පර තිස් හතරෙන් අගමැති දිවුරුම් දුන්නෙ, අන්න ඒ වගේ, ජනාධිපති වාරගනන දෙකට බැස්සුවෙ ඒ වගේ සයිටම වහල දාල, උමා ඔය ව්‍යාපෘතිය නවත්තල වියදම් උන මුදල් රාජපක්ෂගෙන් අයකරල පෙන්නන්න පුලුවන්නේ... මේව අනුන්ගෙ වැරදි, අපිට කොරන්න දෙයක් නැහැ, කිය කිය අඬා වැටෙන්නෙ.
    නියම හැකියාව කියන්නෙ ඒකටනේ, නැතුව ඔස්තාර්ල කිය කිය කයිය ගැහුවට වැඩක් තියනද...?
    අඩුමගානෙ චතුරෙයගෙන් හරි අහන්න බැරිද...?
     
    • Like
    Reactions: lankanatha

    PRBT

    Member
    Dec 27, 2012
    28
    5
    0
    හරින් නම් රට කපටියා ඕකාට ඕනේ චන්ද ටික බෙර ගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    :rolleyes:හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.;)
    ඔය විදියට බෙදුනොත් නන් ඔය සටනත් ඉවරයි පුතේ. ලකුණු පස්සෙ දාගනින් වැඩේ ඉවර කරල.
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    මේ ආණ්ඩුවටනම් පුදුම ලැබීමත් තියෙන්නේ. තමන් කරපු දේත් නොවේ. නමුත් මොවුන්ට නවත්තගන්නත් හැකියාවක් නෑ.
    1 උමා ඔය සීන් එක
    2 සයිටම් සීන් එක
    3 මුස්ලිම්-සිංහල නොසන්සුන්තාවය
    4 රාජ්‍ය ණය තත්වය
    5 හම්බන්තොට ඉඩම් සීන් එක.
    6 කොළඹ කුණු සීන් එක
    7 කොළඹ මූල්‍ය නගර කේස් එක
    8 උතුරේ නොසන්සුන්තාවය
    9 විල්පත්තු සීන් එක
    10 මානව මිහිකම් අවුල
    නමුත් මේ ආණ්ඩුවත් යම් යම් දේ පටලවන් තියෙනවා
    1 මහබැංකු සීන් එක
    2 පන්සල් එක්ක තියෙන ගේම
    3 ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ගේම

    4 ඩෙංගු සීන් එක.
    5 හදිසි ආපදා සහන අවුල