හරූන් ලන්ත්‍රා ජීවන ගීය නිමා කරයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    හරූන් ලන්ත්‍රා ජීවන ගීය නිමා කරයි

    ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

    ඔහු ගැයූ මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.


    :no::no::no::no::no::no::no:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කළිකරුවාණෙනි ඔබ අප හදවත් තුල සදා ජීවමානය.
    තවත් යුගයක නිමාවක්. අනේ මන්ද පරන අය ගියාම අඩුව පුරවන්ඩ අය නැති වෙන එක හරි විනාශයක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා හරිම දරුනු පේද්ගලික තත්ත්වයකට ඇද වැටිල හිටියේ විවාහය නිසා.
    මම දන්න තරමින් නංගිව බදින්න ගියා ම අක්කව දීලා. බෑ කියන්න බැරි නිසා, කෙල්ලෙක් ගේ අනාගතේ නිසා බාර අරගෙන. ඒ ගෑණිට දරුවෙක් හම්බ වෙලා මාස 5ක් යනකොට. ඔය දේ නිසා මේ මනුස්සයා පුදුම විදියට බොන්න ඇබ්බැහි වුණා. ඔහු ම කියල තිබ්බ ඒ දවස් වල බෝතලේ පතුල දකිනකං ඔහුට බොන්න ඕන කියලා.....

    පුදුම අකාස්මික කටහඩක් ඔහුට තිබුණේ.......