ලන්ත්‍රා dies

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Z
    ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.
    ඔහු ගැයූ මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගෙ නාමලී බැදි ආදරේ
    මනමාලියයි මැණිකේ ඔයා
    ඔරුවේ නැගී එහි පාවෙවී
    අමනාපයෙන් පිටවී ගියා
    බැදි ආදරේ සුකුමාලියේ

    සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
    මල් සුවදකි අර ගෙන එන්නේ..
    ආදර උයනේ දොරටුව හැරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ..

    පිරුණා හද සන්තානේ
    පිපුණ දෑ සමන් මල් යානේ
    පිපුණ දෑ සමන් මල් යානේ
    මැවුණා සුබ සිහිනේ ඕ...
    මැවුණා සුබ සිහිනේ



    HARUn1.jpg



    ඔබට නිවන් සුව ලැබේවා!
     

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    සදාදරණීය ගායකයාණෙනි ,
    ඔබට නිවන් සුව ලැබේවා ...!

    :(:(