හලාල්කරණය (Must Read)

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුස්ලිම් වරු අපේ සංස්කෘතියට අවශෝෂණය නොවෙති. එවැන්නක් කවදාවත් සිදු වී නැත. නලින් ද සිල්වා මහතාගේ අදහසට අනුව ලෝකයේ එසේ රටේ ප්‍රධාන ජාතියට අවශෝෂණය නොවන ජනවර්ග දෙකකි. එකක් මුස්ලිම්වරුය අනෙක් වර්ගය යුදෙව්වන්ය. යුදෙව්වන් කෙසේ වෙතත් මුස්ලිම්වරු අපේ ජාතියට අවශෝෂණය වී නැති බව අපි අත්දැකීමෙන් දනිමු. උතුරේ දෙමළ ජනවර්ගය සිංහල ජාතියට අවශෝෂණය වී නැත්තේ ඉංගිරීසින් විසින් යටත්විජිත සමයේ ගන්නා ලද සූක්ෂ්ම පියවරයන් නිසාය. නමුත් අපේ රටේ මුස්ලිම් ජනවර්ගය සිංහල ජාතියට අවශෝෂණය නොවීමට ප්‍රධාන හේතුව ඉංගිරිසින් විසින් කරන ලද දෙයක් නොවේ. ඊට හේතුව මුස්ලිම්වරුන්ගේ ආගමික විඥාණය ඔවුන්ගේ ජාතික විඥාණයට වඩා දැඩි වීමයි.

    අවශෝෂණය යනු ස්වභාවික ක්‍රියාවලියකි. යම් ජනවර්ගයක් ඔවුන් ජීවත්වන රටේ මුඛ්‍ය සංස්කෘතියට අවශෝෂණය වන්නේ එකී මුඛ්‍ය සංස්කෘතියට ශක්තිමත් දේශපාලන බලයක රුකුල ලැබේ නම් පමණි. රාජ්‍යත්වය යනු එයයි. අපේ රටේ අඛණ්ඩ සිංහල බෞද්ධ සංස්කෘතියක් පැවතීමට හේතුව එය රාජ්‍යත්වය සමඟ ශක්තිමත්ව ගැට ගැසී තිබීමයි. එසේ නොමැති කල සිදුවන්නේ අවශේෂ ජනවර්ග ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් ශක්තිමත් කර ගැනීම සහ ඒ ඔස්සේ ඔවුන් යම් කිසි භූමියක් පදනම් කරගෙන වෙනම රාජ්‍යත්ව සංකල්ප ගොඩ නඟා ගැනීමයි.

    අද මුළු ලෝකයම බටහිර යටත්විජිතවාදයෙන් වෙළී ඇත. තුන්වන ලෝකය යැයි හඳුන්වනු ලබන රාජ්‍යයන් සියල්ලම බටහිර නොවන සංස්කෘතීන් පැවති රටවල්ය. මේ රටවල් සියල්ලගේම පාහේ ඇත්තේ දුර්වල රාජ්‍යයන්ය. (යම් රාජ්‍යයක් ශක්තිමත් වෙමින් පවතී නම් ඇමෙරිකව ප්‍රමුඛ බටහිර රටවල් දේශපාලනිකව ඒවා මර්ධනය කරති.) මේ නිසා මේ හැම රටකම පාහේ ජනවාර්ගික ගැටලු පවතී. ජනවාර්ගික ගැටළු යනු ජනවර්ග තමන් ජීවත් වන රටේ මුඛ්‍ය සංස්කෘතියට අවශෝෂණය නොවී වෙනම රාජ්‍යත්ව සංකල්ප දක්වා ගමන් ගැනීමයි.

    අපේ රටේ මුස්ලිම්වරුද අපේ සංස්කෘතියට අවශෝෂණය වන බවක් නොපෙනේ. සිදුවන්නේ (විශේෂයෙන් පසුගිය දශක දෙක තුන තුළ ) ඔවුන් සිය වාර්ගික අනන්‍යතාව ශක්තිමත් කරගනිමින් සිටීමයි. දැන් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීමේ හේතුව මෙරට සිංහල බෞද්ධයන්ගේ කළ කිසි දෙයක් නොවේ. මුස්ලිම් කාන්තාවන් පර්දාව හැර නිකාබ්, බුර්කා ඇඳීමට හේතුව සිංහල බෞද්ධයන් කළ දෙයක්ද? කෙසේ වුවත් රටේ බහුතර සිංහල ජනතාවට මෙය දැනෙන තත්වයකට වර්ධනය වීමත් සමඟ ඔවුන් ඊට යම්කිසි ප්‍රතිරෝධයක් දැක්වීම පසුගිය වකවානුවේ සිදු විය. හලාල් විරෝධය, මුස්ලිම් කඩ වර්ජනය ආදිය උදාහරණ වැනි දෑ ඊට උදාහරණය. කෙසේ නමුත් මුස්ලිම්වරුන් සිංහලත්වයට අවශෝෂණය නොවීමට හේතුව ඉහත සිංහල සමාජයෙන් එල්ල වු යම් ප්‍රතිරෝධී ක්‍රියාමාර්ග බව සමහරුන් විසින් හුවා දැක්වීමට උත්සාහ කිරීම වැරදි නිගමනයකි.

    මුස්ලිම්වරුන් අපේ ජාතියට අවශෝෂනය වේ යැයි සිතමින් ඔවුන් කෙරෙහි සහනශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට සඳහා හලාල් වැනි පැහැදිලිම ව්‍යාප්තවාදී අංගවලට ඉඩ දීමට හැරීම මෝඩ කමකි. ඉන් සිදුවන්නේ මුස්ලිම් වාර්ගිකයන් සිංහලත්වයට අවශෝෂණය වීම නොව සිංහලයන් මුස්ලිම් සංස්කෘතියට අවශෝෂණා වීමයි. අප කළ යුත්තේ වර්තමානයේ අපේ රාජ්‍යත්වය සමඟ බැඳ ඇති සර්වාගමික-බහුවාර්ගික-ශ්‍රීලාංකික සංකල්ප ඉවත ලා එය ශක්තිමත් සිංහල බෞද්ධ රාජ්‍යයක් කිරීමයි. ඒ සඳහා හලාල් වැනි දේ දේශපාලනිකවම යටපත් කළ යුතුය.