ඇම්ස්ටර්ඩෑම්හි සුප්‍රසිද්ධ රෙඩ්ලයිට් දිස්ත්‍රික්කයේ හොට් ක්‍රසන්ට් අවන්හලෙන් මේ වන විට මුස්ලිම් ගණුදෙනු කරුවන් සදහා "හලාල් ගණිකාවන්"හදුන්වාදී ඇතැයි පුවතක් විදෙස් මාධ්‍යය ඔස්සේ වාර්තා කොට ඇත. එම පුවතට අනුව හලාල් ක්‍රමයේ ගණිකාවන් හඳුන්වා දීමට ප්‍රථම එම අවන්හලේ හිමිකරු අල්බවාබා ජොනතන් ස්වික් මේ සදහා නූතන ඉස්ලාමිය ඉමාමිවරුන් තිදෙනෙකුගේ උපදෙස් ලබාගෙන ඇත. එම උපදෙස් මගින් හලාල් කිරීමේ අවශ්‍යයතා ඔහු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙම "හලාල් ගණිකාවන්" මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වන අතර ඉස්ලාමීය සංස්කෘතියට අනුව දිනකට පස් වතාවක් යාඤාවන්හි යෙදෙන භක්තිමත් මුස්ලිම් කාන්තාවන් බවට එම අවන්හලේ හිමිකරු විසින් සහතික කොට තිබේ. එසේම මෙම කාන්තාවන් ගනදෙනු කල යුත්තේද ඉස්ලාමීය ක්‍රමයට අනුවය.
මෙම පුවතත් සමග මුස්ලිම් ලොව කැළඹීමට පත්ව ඇතිඅතර එම පුවත උපුටා දක්වන ඇතැම් ඉස්ලාමීය ආගමික පුජකයන් මාධ්‍යය නිවේදන නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ එම පුවත සම්පුර්ණයෙන් අසත්‍යයක් බවයි.





