හලාල් දෙන්න නීතිමය බලයක් නෑ
ඉස්ලාම් ආගමිකයින්ගේ උතුම් වූ අල් කුර්-ආනයට අනුව, හලාල් යනු යහපත් දෑය. බෞද්ධ ආගමිකයින් "කුසල්" හෙවත් පිංයැයි පවසන්නේ මීට සමාන හැඟීමකට ය. මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ හලාල් වෙළෙඳ සහතිකය හා බැඳුණ කාරණා පිළිබඳ යම් සරළ පැහැදිලි කිරීමකි.
මුලු මහත් ලෝකයෙන්ම මෙම හලාල් සහතිකය ලබා දෙන එකම ආගමික සංවිධානය ඇත්තේ ශ්රී ලංකාවේය. එහි අර්ථය නම්, ලොව අනෙක් රටවල හලාල් සහතිකය ලබාදෙන්නේ රජය මගින් පිහිටවූ "රජයේ ආයතනය"කින් වුවද ලංකාවේ එය ලබාදෙන්නේ "සමස්ථ ලංකා ජමියතුල්ලා උලෙමි" නම් ආගමික සංවිධානය විසින් යන්නයි. තවත් සරල කරන්නේ නම් SLS හෙවත් "ශ්රී ලංකා ප්රමිති" සහතිකය මල්වතු පංසලේ මහනායක ස්වාමීන් වහන්සේ ලබාදෙනවා වැනිය යන්නයි.
සමස්ථලංකා ජමියතුල්ලා උලෙමි සංවිධානය මෙරට ස්ථාපිත වන්නේ 2000 වසරේ අගෝස්තු 08 වැනිදා, එවකට ආණ්ඩුව දැරූ චන්ද්රිකා බණ්ඩාරනායක ප්රමුඛ රජයේ මංත්රී යෝජනාවක් හරහා ය. එහෙත් ජමියතුල්ලා උලෙමි සංවිධානයට අනුව ඔවුනට වසර 90කට වඩා අතීතයක් ඇතැයි කියැවේ. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ප්රමුඛ නිදහස් සංධාන රජය විසින් 2006 දෙසැම්බර් 13 වැනිදා "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබා දී තිබේ. හලාල් හා ජමියතුල්ලා උලෙමි සංවිධානය සම්බන්ධ අපූරු සිදුවීම් පෙලක් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
ඉහත කී "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබාදීමේ ගැසට් පත්රයේ එවකට සිටි රජයේ යම් "බුද්ධිමතෙකු" විසින් අපූරු ගැටයක් ගසා තිබුණි. එනම්, හලාල් සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා හට ලබාදීමේ "රාජ්ය අධිකාරිය" ලෙස සඳහන් කරතිබුනේ "ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව" යන්න නොවේ. එහි තිබුනේ "පාරිභෝගික අධිකාරිය" යන්නයි. පාරිභෝගික අධිකාරිය පිහිටවූ ගැසට් පත්රයට අනුව පාරිභෝගික අධිකාරියට මෙරට තුල කිසිදු "තත්ව සහතිකය"ක් ලබා දීමට බලයක් නොමැත. තමන්ටද නැති බලයක් අනෙකෙකුට පැවරීමේ නොහැකියාව යන නීති පදනම නිසාවෙන්, මුලින් 2006 වසරේ ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබාදුන් "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය නැවත 2007 සැප්තැම්බර් 08 දරන ගැසට් පත්රය මඟින් අවලංගු කරන්නට කටයුතු කෙරින.
දැන් ඔබට ගැටලුවක් ඇතිවා විය හැක. "එතකොට ජමියතුල්ලා උලෙමි සංවිධානයට හලාල් දෙන්න බලයක් නැද්ද...?" .
Source

මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ 
.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..