හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළ යුතුය -බොදුබලසේනා ප්‍රකාශය විමසුමක්!
බොදුබලසේනා සංවිධානය විසින් හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්‍රියාත්මක වුවහොත් ඉන් අනිටු පලවිපාක ලබන්‍නේ කවුද? යන්න එවිට තහවුරු වනු ඇත.
එමෙන්ම ආගමික නායකයින් දන්නා දේ මෙන්ම නොදන්නා දේද ඇති බවත්, ආගමික නායකයින් විසින් කළයුතුදේ සහ නොකළ යුතුදේද ඇති බවත් ජනතාවට ඉන් පසක් වනු ඇත. පලමුව එම ප්‍රකාශය උපුටා දක්වා ඉන්පසුව මගේ විමසුම ලිවීමට අදහස් කරමි.
මෙහිදී පලමුවෙන් අප විසින් විමසා බැලිය යුත්තේ “හලාල් ලකුණ” යනු කුමක්ද? යනුයි. හලාල් යනු අරාබි බසින් “අනුමත” යන අරුත ගෙනදේ. “හලාල් ලකුණ” යනු කිසියම් භාන්ඩයක් “මුස්ලිම් වරයෙකුගේ භාවිතාවට අනුමත” යැයි යොදන්නාවු සලකුණ වේ. මුස්ලිම් වරුන් විසින් භාන්ඩයක හලාල් ලාංඡනය යොදා ඇති නම් එය තමන්ට පාවිච්චි කිරීමට ආගමානුකූල මෙන්ම හිතකර දෙයක් බව දනිති. මෙහිදී හලාල් බවට ව්‍යාජ මුද්‍රාවන් තබා වෙලඳපොලට එන භාන්ඩ ගැනද මුස්ලිම් වරුන් අවදියෙන් සිටිති. මේ නිසා මුස්ලිම් පාරිබෝගික ජනතාව ඉලක්ක කරන භාන්ඩ නිශ්පාදකයන් විසින් තමන්ගේ නිශ්පාදන වලට හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වේ.
ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර දී ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම දෙයක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලකටයි. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලටයි. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිශ්පාදනය/ අළෙවිය වැනි රැකියාවන් මුස්ලිම් වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අප යන ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙලට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය.
හලාල් යනු මුස්ලිම් වරයෙකුගේ සියළුම පැතිකඩයන් ආවරණය කරන්නාවු සංකල්පයක් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. මෙසේ අපට ජීවිතයේ බොහෝ සිදුවීම් සම්බන්ධව හලාල් පිළිවෙත ක්‍රියාත්මක කිරීම පහසු වුවද ආහාර සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුෂ්කරතාවයන් මතුවේ. එයට ප්‍රධානතම හේතුව නම් ආහාර වල නිශ්පාදනයේදී අන්තර්ගත මුල ද්‍රව්‍යයන් හලාල් දැයි අප නොදන්නා බැවිනි. එමෙන්ම ඕනෑම නිශ්පාදකයෙකුට තමන් විසින් නිපදවන්නාවු ආහාරයට “හරාම්” හෙවත් “තහනම්” ද්‍රව්‍ය අඩංගු කර එය “හලාල්” යැයි පවසා වෙලඳපොලට නිකුත් කළ හැක. මේ නිසා ආහාර ද්‍රව්‍ය “හලාල්” දැයි සොයා බලා ඒවා “හලාල්” බවට සහතික කිරීමට කිසියම් ආයතනික වැඩපිළිවෙලක් තිබිය යුතුය.
මුස්ලිම් රටවල නම් ඒ සඳහා “හලාල් අධිකාරි” Halal Authority පිහිටුවා ඇත. නමුත් මුස්ලිම් නොවන රටවල එවැනි ආයතන රජයන් මගින් සංස්ථාපනය කර නැති නිසා බොහෝ විට එම රටවල මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් “හලාල් කමිටු” Halal Committee ක්‍රියාත්මක වේ. ලංකාව තුල මෙම කාර්යය කරන්නේ “සමස්ථ ලංකා ජමියතුල් උලමා” හෙවත් “මුස්ලිම් ආගමික වියතුන්ගේ සම්මේලනය” යටතේය. එම සංගමය විසින් මේ සඳහා “හලාල් කමිටුව”ක් පත්කර ඇත. කිසියම් භාන්ඩ නිශ්පාදකයෙකුට “හලාල් සලකුණ” යොදා භාන්ඩ නිශ්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලුම් කර “හලාල් කමිටුව” මගින් පෙන්වා දෙන නිර්නායකයන් සපුරාලන්නේ නම් “හලාල් සහතිකය” ලබාගත හැක. මෙය මුස්ලිම් හෝ මුස්ලිම් නොවන නිශ්පාදකයන් දෙවර්ගයටම පොදුය.
මෙහිදී මෙම කමිටුව විසින් කිසියම් ගාස්තුවක් අය කරන්නේ ඔවුන් විසින් හලාල් සහතිකය ලත් නිශ්පාදන නිරතුරුවම නියාමනයකට ලක් කරන නිසාවෙනි. ඒ මුදල් ධර්ම ප්‍රචාරයට යොදවන බවට බොදුබලසේනාව නගන තර්කය සාවද්‍ය සහ අභූත චෝදනාවකි. එම මුදල් එසේ ධර්මප්‍රචාරය සඳහා යොදවා ඇති බවට කිසියම් කෙනෙකු චෝදනා නගනවා නම් එයට සාක්ෂි සාධක සහිතව පැවසිය යුතුය. නැතිනම් එය ගමේ ගොඩේ ඕපාදුප අම්මන්ඩි කෙනෙකුගේ ප්‍රකාශයකට සමාන වේ.
ලංකාවේ ආහාර නිශ්පාදනය කරන නිශ්පාදකයන් හලාල් සහතිකය ලබා ගැනීමට පෙලඹෙන හේතු දෙකක් ඇත. එනම් වෙනත් රටවලට භාන්ඩ අලෙවි කිරීමේදී එම රටවලින් හලාල් සහතිකය ඉල්ලා සිටින නිසා සහ ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වෙලඳපොල ඉලක්ක කරගෙනයි. මේ නිසා ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාර ද්‍රව්‍ය නිශ්පාදනය කරන බොහෝ සමාගම් හලාල් සහතිකය රැගෙන නිශ්පාදන කටයුතු සිදුකරති. කිසියම් භාන්ඩයක හලාල් සහතිකය නැතිනම් මුස්ලිම් වරුන් කරන්නේ එම භාන්ඩය මිලට නොගෙන එයට ආදේශක හලාල් සලකුණ සහිත නිශ්පාදනයක් සොයා බැලීමයි. වෙලඳපොලේ හලාල් සලකුණ තිබිය යුතු නිශපාදනයක හලාල් සලකුණ නොයොදා තිබේ නම් එම ආහාරය කෙතරම් රසවත් වුවද මුස්ලිම් වරුන් එය මිලට නොගනිති. මන්ද ඒවා අනුභව කිරීම දහමට පටහැනි බැවිනි.
ලංකාවේ ආහාර නිශ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා බලමු. ඇත්තටම ලංකාවේ පාරිබෝගික වෙලඳපොල Consumer Market ඉතා කුඩා එකකි. එමනිසා අපේ රටේ නිශ්පාදකයාට ඇති වෙලඳපොල කුඩා එකකි. මේ නිසා නිශ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව බෙදීගොස් භාන්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙලඳපොලකි. ඒ නිසා ඔවුන්ගේ නිශ්පාදන ධාරිතාව වැඩිකර භාන්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිශ්පාදකයන් දැනුදු සිටින්නේ ඉන්දියානු නිශ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයේය. අද අපේ රටේ බොහෝ භාන්ඩ වල නිශ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට ඉන්දියාවෙන් ආනයනය කළ හැක.
බොදුබලසේනා විසින් හලාල් නිශ්පාදන වර්ජනය කළයුතු බවට බලපෑම් කිරීමෙන් භාන්ඩ නිශ්පාදකයා වැටෙන්නේ අසීරුතාවයකටයි. මන්ද ඉන්පසුව ඔවුන් ඉන්පසුව මුස්ලිම් සමාජයට වෙලඳාම් කිරීමේ අදහස අත්හැර ගතයුතුය. එමගින් සිදුවන්නේ ඔවුන්ගේ පාරිබෝගික වෙලඳපොල තවත් කුඩා වීමයි. එවිට නිශ්පාදන ධාරිතාවය අඩුකිරීමට වන නිසා භාන්ඩයක මිල ඉහල යනු ඇත. අනෙක් පසින් මුස්ලිම් වරුන්ට මෙම නිශ්පාදනයන් හලාල් ලෙස ලංකාවෙන් මිලට ගත නොහැකි තත්වයක් මත ආනයන කරුවන්ට දැඩි වාසි සහගත තත්වයක් උදාවේ. මේ නිසා ඔවුන් හලාල් ආහාර ද්‍රව්‍යයන් පිටරටින් ආනයනය කිරීමට වැඩි වැඩියෙන් පෙලඹෙනු ඇත. නිදසුනක් ලෙස අපේ රටේ බිස්කට් සමාගම් වන මැලිබන් සහ මන්චි ආයතන හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් පිටරට හලාල් සහතිකය සහිත බිස්කට් නිශ්පාදකයන්ට ලංකාවේ දොර විවෘත වේ. මෙසේ පිටරටින් පැමිණෙන බිස්කට් රස බලන බෞද්ධ සමාජයෙන් සමහරුන්ද ඒ බිස්කට්ම මිලදී ගතහොත් සිදුවන්නේ කුමක්ද?
අද සිද්ධාලේප ආයතනය හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් ඒ තැන ගන්නට ඉන්දියානු බාම් නිශ්පාදකයන් සැදී පැහැදී සිටිති. එමෙන්ම සිද්ධාලේප නිශ්පාදන අපනයනය කිරීමේදීද ගැටළු මතුවනු ඇත. අනෙකුත් බොහෝ නිශ්පාදනයන්ටද අත්වන ඉරණම මේ හා සමානයි. මා විසින් ඉතාමත් සරලව ආර්ථික විද්‍යාවේ කිසිදු වචනයක් භාවිතා නොකර සාමාන්‍ය වචනයෙන් ඉහත කොටස ලිව්වේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නැති පුද්ගලයෙකුටද වටහාගත හැකි අයුරිනි. මන්ද මා විසින් දුටුයේ මෙම ප්‍රකාශය ආර්ථික විද්‍යාව ගැන අල්පවු දැනුමක් ඇති කෙනෙකුගේ පෙලඹවීමක් විය හැකි බවයි.
මෙහිදී හලාල් සලකුණට නිශ්පාදකයන් ගෙවන මුදල බෞද්ධයන්ගෙනුත් අයවෙනවා යන්න සාමාන්‍ය තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනුනද ආර්ථික විද්‍යාව ගැන දන්නා අය එහි ඊට වඩා ඇතුලාන්තය දකිති. එනම් හලාල් සහතිකය ගැනීමෙන් වෙලඳපොල එනම් විකිණුම් පරාසය පුළුල් වේ. එයින් නිශ්පාදකයා ලබන වාසි Advantage වැඩිය. මන්ද විකිණුම් පරාසය වැඩිවීමෙන් නිශ්පාදනය වැඩිකර ගත හැක. එවිට භාන්ඩයේ නිශ්පාදන පිරිවැයද බෙදීයාම වැඩි වී භාන්ඩයේ මිලද අඩුවෙනු ඇත. එමෙන්ම ලංකාවේ නාගරික ප්‍රදේශ වල සිටින මුස්ලිම් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව Buying Power ඉහල තත්වයක පවතී. මේ සියළු කරුණ මෙසේ තිබියදීත් කිසියම් නිශ්පාදකයෙකු හලාල් සහතිකය ලබා ගැනීම අත්හරින්නේ නම් එය සියතින් තමන්ගේ දිවිනසා ගැනීමකට සමාන වේ. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට එවැනි පිස්සුවක් නැතැයි මා විශ්වාස කරමි.
මෑතකදී මියගිය ඉන්දියානු ආගම්බේධවාදියෙකු වන බාල්තකරේ විසින් ආරම්භ කළ ශිවසේනා සංවිධානය කොපි කරමින් බිහිවු ලංකාවේ බොදුබලසේනා සංවිධානය විසින් නොයෙකුත් හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනු මා දැක ඇති නමුදු ඔවුන් මුස්ලිම් වරුන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරන බවක් පෙනේ. නමුත් මගේ අත්දැකීම් අනුව කුමණ දහමක කෙනෙකු වුවද වෛරය සහ ද්වේෂය මුල්කරගෙන කිසිවෙකුට ජීවිතය ජයගත නොහැක.
http://www.anvermanatunga.com/2012/11/21/halaal-sinhala-docබොදුබලසේනා සංවිධානය විසින් හලාල් ලකුණ සහිත භාන්ඩ වර්ජනය කළයුතු යැයි ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මමද ඒ ගැන අභියෝගයක් කරන්නට තීරණය කළෙමි. එනම් “පුළුවන් නම් මෙය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි” මෙය ක්‍රියාත්මක වුවහොත් ඉන් අනිටු පලවිපාක ලබන්‍නේ කවුද? යන්න එවිට තහවුරු වනු ඇත.
එමෙන්ම ආගමික නායකයින් දන්නා දේ මෙන්ම නොදන්නා දේද ඇති බවත්, ආගමික නායකයින් විසින් කළයුතුදේ සහ නොකළ යුතුදේද ඇති බවත් ජනතාවට ඉන් පසක් වනු ඇත. පලමුව එම ප්‍රකාශය උපුටා දක්වා ඉන්පසුව මගේ විමසුම ලිවීමට අදහස් කරමි.
බොදුබලසේනා ප්‍රකාශය උපුටා දැක්වීම:
බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා ඇත්තේ සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු බවද, එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද යනුවෙනි.
එමෙන්ම වැඩිදුරටත් පවසා ඇත්තේ “අද රටේ පාරිභෝගික භාණ්ඩ 4000 ක පමණ හලාල් සලකුණ ඇතුළත් කර තිබෙනවා. මේ හලාල් සලකුණ වෙනුවෙන් අදාළ වෙළඳ සමාගම් වාර්ෂිකව ගෙවන රුපියල් දෙලක්‍ෂයකට ආසන්න මුදල පියවා ගන්නේ ඒ භාණ්ඩවල මිලෙනුයි. අනවශ්‍ය ලාංඡනයක් වෙනුවෙන් සිංහල ජන සමාජය අතර මුදලක් වැය කරන්නේ ඇයි? අපට ඒ ලාංඡනය අවශ්‍ය නැහැ. හලාල් ලාංඡනය නැති භාණ්ඩ මිලදී ගන්නැයි අප සිංහල ජන සමාජයෙන් ඉල්ලීමක් කරනවා.
‘‘හලාල්’’ ලාංඡනය පාරිභෝගික භාණ්ඩ මත යෙදවීමෙන් එක්තරා සංවිධානයක් උපයා ගන්නා මුදල් යොදවනු ලබන්නේ ඉස්ලාම් මතවාදය ප‍්‍රචාරය සහ ඉස්ලාම් ආගමිකයන් අතරේ මිත‍්‍රත්වය තහවුරු කිරීම යනාදී කටයුතු වෙනුවෙනුයි. එවැනි කටයුතු වෙනුවෙන් අපි මුදල් ලබා දෙන්නේ කුමකටද?
පිටරට පටවන භාණ්ඩවලට ‘‘හලාල්’’ ගැහුවාට අපට ප‍්‍රශ්නයක් නැහැ. අප විරුද්ධ වන්නේ රටේ සියලූ ජනතාවට හලාල් කැවීමටයි. මුස්ලිම් ජනතාවට ‘‘හලාල්’’ භාණ්ඩ අවශ්‍ය නම් ඒවා ඔවුන්ගේ ආගමික ස්ථානවලින් නිකුත් කළ හැකියි.
හලාල් සලකුණ පොදු පාරිභෝගික භාණ්ඩවලින් හකුලා ගන්නැයි අප ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මේ ගැන රට දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපට පිරිකර හැටියට ලැබුණු භාණ්ඩ රැසකත් ‘‘හලාල්’’ සලකුණ සඳහන් කළ භාණ්ඩ රැසක් තිබී හමුවීමෙන් පසුව අප ඒවා ප‍්‍රතික්ශේප කළා. (එවැනි භාණ්ඩ රැසක් මාධ්‍යවේදීන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කරයි)
අප මේ ‘‘හලාල්’’ ලකුණ යෙදීම දකින්නේ විශාල අනතුරක සේයාවක් හැටියටයි. මේවා ගැන ඇතැම් දේශපාලනඥයන් අද කතා කරන්නේ නැහැ. ඒ පටු අරමුණු නිසාය. අප මේවා පෙන්වා දෙන්නේ පටු ජාතිවාදී සහ ආගම්වාදී අරමුණකින් තොරවයි.”
උපුටා ගැනීම අවසන්
මෙහිදී පලමුවෙන් අප විසින් විමසා බැලිය යුත්තේ “හලාල් ලකුණ” යනු කුමක්ද? යනුයි. හලාල් යනු අරාබි බසින් “අනුමත” යන අරුත ගෙනදේ. “හලාල් ලකුණ” යනු කිසියම් භාන්ඩයක් “මුස්ලිම් වරයෙකුගේ භාවිතාවට අනුමත” යැයි යොදන්නාවු සලකුණ වේ. මුස්ලිම් වරුන් විසින් භාන්ඩයක හලාල් ලාංඡනය යොදා ඇති නම් එය තමන්ට පාවිච්චි කිරීමට ආගමානුකූල මෙන්ම හිතකර දෙයක් බව දනිති. මෙහිදී හලාල් බවට ව්‍යාජ මුද්‍රාවන් තබා වෙලඳපොලට එන භාන්ඩ ගැනද මුස්ලිම් වරුන් අවදියෙන් සිටිති. මේ නිසා මුස්ලිම් පාරිබෝගික ජනතාව ඉලක්ක කරන භාන්ඩ නිශ්පාදකයන් විසින් තමන්ගේ නිශ්පාදන වලට හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වේ.
ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර දී ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම දෙයක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලකටයි. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලටයි. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිශ්පාදනය/ අළෙවිය වැනි රැකියාවන් මුස්ලිම් වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අප යන ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙලට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය.
හලාල් යනු මුස්ලිම් වරයෙකුගේ සියළුම පැතිකඩයන් ආවරණය කරන්නාවු සංකල්පයක් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. මෙසේ අපට ජීවිතයේ බොහෝ සිදුවීම් සම්බන්ධව හලාල් පිළිවෙත ක්‍රියාත්මක කිරීම පහසු වුවද ආහාර සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුෂ්කරතාවයන් මතුවේ. එයට ප්‍රධානතම හේතුව නම් ආහාර වල නිශ්පාදනයේදී අන්තර්ගත මුල ද්‍රව්‍යයන් හලාල් දැයි අප නොදන්නා බැවිනි. එමෙන්ම ඕනෑම නිශ්පාදකයෙකුට තමන් විසින් නිපදවන්නාවු ආහාරයට “හරාම්” හෙවත් “තහනම්” ද්‍රව්‍ය අඩංගු කර එය “හලාල්” යැයි පවසා වෙලඳපොලට නිකුත් කළ හැක. මේ නිසා ආහාර ද්‍රව්‍ය “හලාල්” දැයි සොයා බලා ඒවා “හලාල්” බවට සහතික කිරීමට කිසියම් ආයතනික වැඩපිළිවෙලක් තිබිය යුතුය.
මුස්ලිම් රටවල නම් ඒ සඳහා “හලාල් අධිකාරි” Halal Authority පිහිටුවා ඇත. නමුත් මුස්ලිම් නොවන රටවල එවැනි ආයතන රජයන් මගින් සංස්ථාපනය කර නැති නිසා බොහෝ විට එම රටවල මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් “හලාල් කමිටු” Halal Committee ක්‍රියාත්මක වේ. ලංකාව තුල මෙම කාර්යය කරන්නේ “සමස්ථ ලංකා ජමියතුල් උලමා” හෙවත් “මුස්ලිම් ආගමික වියතුන්ගේ සම්මේලනය” යටතේය. එම සංගමය විසින් මේ සඳහා “හලාල් කමිටුව”ක් පත්කර ඇත. කිසියම් භාන්ඩ නිශ්පාදකයෙකුට “හලාල් සලකුණ” යොදා භාන්ඩ නිශ්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලුම් කර “හලාල් කමිටුව” මගින් පෙන්වා දෙන නිර්නායකයන් සපුරාලන්නේ නම් “හලාල් සහතිකය” ලබාගත හැක. මෙය මුස්ලිම් හෝ මුස්ලිම් නොවන නිශ්පාදකයන් දෙවර්ගයටම පොදුය.
මෙහිදී මෙම කමිටුව විසින් කිසියම් ගාස්තුවක් අය කරන්නේ ඔවුන් විසින් හලාල් සහතිකය ලත් නිශ්පාදන නිරතුරුවම නියාමනයකට ලක් කරන නිසාවෙනි. ඒ මුදල් ධර්ම ප්‍රචාරයට යොදවන බවට බොදුබලසේනාව නගන තර්කය සාවද්‍ය සහ අභූත චෝදනාවකි. එම මුදල් එසේ ධර්මප්‍රචාරය සඳහා යොදවා ඇති බවට කිසියම් කෙනෙකු චෝදනා නගනවා නම් එයට සාක්ෂි සාධක සහිතව පැවසිය යුතුය. නැතිනම් එය ගමේ ගොඩේ ඕපාදුප අම්මන්ඩි කෙනෙකුගේ ප්‍රකාශයකට සමාන වේ.
ලංකාවේ ආහාර නිශ්පාදනය කරන නිශ්පාදකයන් හලාල් සහතිකය ලබා ගැනීමට පෙලඹෙන හේතු දෙකක් ඇත. එනම් වෙනත් රටවලට භාන්ඩ අලෙවි කිරීමේදී එම රටවලින් හලාල් සහතිකය ඉල්ලා සිටින නිසා සහ ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වෙලඳපොල ඉලක්ක කරගෙනයි. මේ නිසා ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාර ද්‍රව්‍ය නිශ්පාදනය කරන බොහෝ සමාගම් හලාල් සහතිකය රැගෙන නිශ්පාදන කටයුතු සිදුකරති. කිසියම් භාන්ඩයක හලාල් සහතිකය නැතිනම් මුස්ලිම් වරුන් කරන්නේ එම භාන්ඩය මිලට නොගෙන එයට ආදේශක හලාල් සලකුණ සහිත නිශ්පාදනයක් සොයා බැලීමයි. වෙලඳපොලේ හලාල් සලකුණ තිබිය යුතු නිශපාදනයක හලාල් සලකුණ නොයොදා තිබේ නම් එම ආහාරය කෙතරම් රසවත් වුවද මුස්ලිම් වරුන් එය මිලට නොගනිති. මන්ද ඒවා අනුභව කිරීම දහමට පටහැනි බැවිනි.
ලංකාවේ ආහාර නිශ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා බලමු. ඇත්තටම ලංකාවේ පාරිබෝගික වෙලඳපොල Consumer Market ඉතා කුඩා එකකි. එමනිසා අපේ රටේ නිශ්පාදකයාට ඇති වෙලඳපොල කුඩා එකකි. මේ නිසා නිශ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව බෙදීගොස් භාන්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙලඳපොලකි. ඒ නිසා ඔවුන්ගේ නිශ්පාදන ධාරිතාව වැඩිකර භාන්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිශ්පාදකයන් දැනුදු සිටින්නේ ඉන්දියානු නිශ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයේය. අද අපේ රටේ බොහෝ භාන්ඩ වල නිශ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට ඉන්දියාවෙන් ආනයනය කළ හැක.
බොදුබලසේනා විසින් හලාල් නිශ්පාදන වර්ජනය කළයුතු බවට බලපෑම් කිරීමෙන් භාන්ඩ නිශ්පාදකයා වැටෙන්නේ අසීරුතාවයකටයි. මන්ද ඉන්පසුව ඔවුන් ඉන්පසුව මුස්ලිම් සමාජයට වෙලඳාම් කිරීමේ අදහස අත්හැර ගතයුතුය. එමගින් සිදුවන්නේ ඔවුන්ගේ පාරිබෝගික වෙලඳපොල තවත් කුඩා වීමයි. එවිට නිශ්පාදන ධාරිතාවය අඩුකිරීමට වන නිසා භාන්ඩයක මිල ඉහල යනු ඇත. අනෙක් පසින් මුස්ලිම් වරුන්ට මෙම නිශ්පාදනයන් හලාල් ලෙස ලංකාවෙන් මිලට ගත නොහැකි තත්වයක් මත ආනයන කරුවන්ට දැඩි වාසි සහගත තත්වයක් උදාවේ. මේ නිසා ඔවුන් හලාල් ආහාර ද්‍රව්‍යයන් පිටරටින් ආනයනය කිරීමට වැඩි වැඩියෙන් පෙලඹෙනු ඇත. නිදසුනක් ලෙස අපේ රටේ බිස්කට් සමාගම් වන මැලිබන් සහ මන්චි ආයතන හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් පිටරට හලාල් සහතිකය සහිත බිස්කට් නිශ්පාදකයන්ට ලංකාවේ දොර විවෘත වේ. මෙසේ පිටරටින් පැමිණෙන බිස්කට් රස බලන බෞද්ධ සමාජයෙන් සමහරුන්ද ඒ බිස්කට්ම මිලදී ගතහොත් සිදුවන්නේ කුමක්ද?
අද සිද්ධාලේප ආයතනය හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් ඒ තැන ගන්නට ඉන්දියානු බාම් නිශ්පාදකයන් සැදී පැහැදී සිටිති. එමෙන්ම සිද්ධාලේප නිශ්පාදන අපනයනය කිරීමේදීද ගැටළු මතුවනු ඇත. අනෙකුත් බොහෝ නිශ්පාදනයන්ටද අත්වන ඉරණම මේ හා සමානයි. මා විසින් ඉතාමත් සරලව ආර්ථික විද්‍යාවේ කිසිදු වචනයක් භාවිතා නොකර සාමාන්‍ය වචනයෙන් ඉහත කොටස ලිව්වේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නැති පුද්ගලයෙකුටද වටහාගත හැකි අයුරිනි. මන්ද මා විසින් දුටුයේ මෙම ප්‍රකාශය ආර්ථික විද්‍යාව ගැන අල්පවු දැනුමක් ඇති කෙනෙකුගේ පෙලඹවීමක් විය හැකි බවයි.
මෙහිදී හලාල් සලකුණට නිශ්පාදකයන් ගෙවන මුදල බෞද්ධයන්ගෙනුත් අයවෙනවා යන්න සාමාන්‍ය තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනුනද ආර්ථික විද්‍යාව ගැන දන්නා අය එහි ඊට වඩා ඇතුලාන්තය දකිති. එනම් හලාල් සහතිකය ගැනීමෙන් වෙලඳපොල එනම් විකිණුම් පරාසය පුළුල් වේ. එයින් නිශ්පාදකයා ලබන වාසි Advantage වැඩිය. මන්ද විකිණුම් පරාසය වැඩිවීමෙන් නිශ්පාදනය වැඩිකර ගත හැක. එවිට භාන්ඩයේ නිශ්පාදන පිරිවැයද බෙදීයාම වැඩි වී භාන්ඩයේ මිලද අඩුවෙනු ඇත. එමෙන්ම ලංකාවේ නාගරික ප්‍රදේශ වල සිටින මුස්ලිම් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව Buying Power ඉහල තත්වයක පවතී. මේ සියළු කරුණ මෙසේ තිබියදීත් කිසියම් නිශ්පාදකයෙකු හලාල් සහතිකය ලබා ගැනීම අත්හරින්නේ නම් එය සියතින් තමන්ගේ දිවිනසා ගැනීමකට සමාන වේ. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට එවැනි පිස්සුවක් නැතැයි මා විශ්වාස කරමි.
මෑතකදී මියගිය ඉන්දියානු ආගම්බේධවාදියෙකු වන බාල්තකරේ විසින් ආරම්භ කළ ශිවසේනා සංවිධානය කොපි කරමින් බිහිවු ලංකාවේ බොදුබලසේනා සංවිධානය විසින් නොයෙකුත් හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනු මා දැක ඇති නමුදු ඔවුන් මුස්ලිම් වරුන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරන බවක් පෙනේ. නමුත් මගේ අත්දැකීම් අනුව කුමණ දහමක කෙනෙකු වුවද වෛරය සහ ද්වේෂය මුල්කරගෙන කිසිවෙකුට ජීවිතය ජයගත නොහැක.
කොම්මේන්ට්ස් කිරීමට වසලයෝ නාවට කමක් නැත