කෙසේ වෙතත් එකී ලිපියෙන් අප මතුකරන්නට උත්සාහ කළ කරුණ, එනම්, අන්තවාදය කවර මුහුණුවරින් ආවත්--දමිළ වේවා, ඉස්ලාම් වේවා, සිංහල වේවා--සහමුලින්ම පරාජය කළයුතු බව, වෙනුවට සමහර ගොබ්බයන් හලාල් සාධාරණීකරණය කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනු දක්නට ලැබිණි. මේ ටික ලියන්නේ අන්න එකී ඉස්ලාමික ගොබ්බයන්ගේ කටවල් වහනු පිණිස ය.
2006 දෙසැම්බර් 13 වන දින නිකුත් කරන ලද අංක 1415/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, සමස්ත ලංකා ජම්මියතුල් උලාමාවේ අවසරයකින් තොරව, "හලාල්" යන නම භාවිත කළ නොහැකි බවට, එවකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති සරත් විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව නියෝගයක් නිකුත් කර තිබිණි. මෙය වනාහි, නිසි ප්‍රමිතියකින් තොරව, විවිධ නිෂ්පාදකයින් විසින් "හලාල්" නම භාවිත කිරීමෙන් මුස්ලිම් පාරිභෝගිකයින් වෙත සිදුවන අසාධාරණය වළක්වාලනු පිණිස දෙනලද වරප්‍රසාදයකි.