
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවය.
ඊයේ (19) රාත්‍රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ගින්න නිවීමෙන් පසුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණු අතර මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් පමණ වන පියා, අවුරුදු 44ක මව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය බවට හඳුනා ගෙන තිබේ.
මවගේ මළ සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබී ඇති අතර ඇයගේ ගෙල සිඳීගොස් තිබූ බව පොලිසිය පැවසීය.
එමෙන්ම පියා සහ දියණියගේ මළසිරුරු හමුව ඇත්තේ නිවසේ සාලයේ තිබියදීයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් ගිනිගැනීමක්ද යන්න සොයා හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

pretty sure this is related to his business