මං මේ කියන්න යන්නෙ මට වෙච්ච පොඩි සිද්දියක්. වෙච්ච දේ මාර Odd සහ නොවිය යුතු දෙයක් කියලා හිතිච්ච නිසා මේකෙ නූලක් අරින්න ඕන කියලා හිතුනා.
මං කාලෙකට පස්සෙ ළගදි පොඩ්ඩක් පිටකොටුවට යනවා පොඩි වැඩ වගයක් කරගන්න, ගිහිලා ඊට පස්සෙ කෙල්ලෙක් හම්බෙන්න මං කිරිබත්ගොඩට යනවා 1ට විතර වගේ. ලංච් එක ගන්න ගමන් පොඩ්ඩක් ආගිය තොරතුරු කතා උනා. කොහොමත් ටිකක් හවස් වෙච්ච නිසා අපි පොඩ්ඩක් කතා කරගත්තා, පොඩ්ඩක් ඇවිදලා ගෙවල් වලට විසිර යන්න. ඇවිදින්න Select කරගත්තේ මහර, එඩේරමුල්ල Walking Path එක. ඒක Walking Path එකක් විතරක්ම නෙවෙයි, පොඩි Park එකක් වගේ තමා හදලා තියෙන්නෙ.
ඇත්තටම තැන හොදට මේන්ටෙන් කරනවා, ඉතිං අපි කතා කරන ගමන් ඇවිදින්න පටන් ගත්තා. ඒ වගේ Busy Town එකක ඔය වගේ Calming Park එකක් තියනවද කියලා හිතාගන්න බැරි උනා, ඒ තරමට එතන මරු. කොහොම හරි ටිකක් දුර ඇවිදලා යනකොට Bench දාලා තියෙනවා වාඩි වෙන්න. මිනිස්සුත් ඉන්නවා. අපිත් ගිහිල්ලා ටිකක් වාඩි උනා ටික දුරක් ඇවිදපු නිසා. කොහොමහරි ඔතන Bird Watching Place එකක්. එකෙත් සුන්දරත්වය විදින ගමන් විස්තර කතා කරා, Work / Uni වල තියෙන එක එක ප්‍රස්න අනං මනං කතා කරා. අපි ඔහොම මං හිතන්නෙ විනාඩි 15ක් විතර ඉන්න ඇති.
ටික වෙලාවකින් මොටර් සයිකල් එකකින් ඩබලක් ඇවිල්ලා නැවැත්තුවා. "කපල් වලට මෙතන 4න් පස්සෙ ඉන්න බෑ, යන්න" කියලා අර ආපු දෙන්නා අපිට කියනවා.
මම : මොක්ද්ද? මට හරියට ඇහුනේ නෑ. (ඇත්තටම කියපු විදියට මට තේරුනේ නෑ මොකක්ද කිව්වේ කියලා)
බයිසිකල් : "4න් පස්සේ මෙතන කපල් වලට ඉන්න බෑ, ඇවිදින්න එන අය Complain කරනවා .4 වෙනකම් අපි චාන්ස් එක දෙනවා ඉන්න. "
මම: "අපිට ඇවිදින්න වත් බැරිද එතකොට?"
බයිසිකල් : "ඒකට අවුලක් නෑ. හැබැයි වාඩි වේලා ඉන්න බෑ ඕන නම් පාරෙන් එහා පැත්තෙ ඉන්න පුලුවන් (කඩවත පැත්තේ ඉදලා කිරිබත්ගොඩ පැත්තට යන කොටසේ, අපි මුලින්ම ගියේ අනිත් පැත්තෙ එකට)"
මාත් හා කියලා ආපහු ඇවිදින්න පටන්ගත්තා, කොහොම හරි, ඒ පැත්තේ කොනටම ගිහිල්ලා ආපහු පාරෙන් අනිත් පැත්තේ කොටසටත් ගියා. එතන Walking Path එක පොඩි, ඒවගේම කිසිම Maintain එකක් නෑ (ගියපු අය දන්නවා ඇති කොයිවගේද කියලා.). ඇත්තටම් ඒ පැත්තට යන්න හිතෙන්නෙ නෑ.
** මං පිලිගන්නවා අශොභන විදියට ඉන්න අයට පියවරක් ගන්න ඕන කියන එක.
Place : https://maps.app.goo.gl/zwfvWStRH4PNTjR96

- මට තේරෙන්නෙ නැත්තේ Walking Path එකේ ඇවිදින මිනිස්සු Complain කරන්නේ ඇයි?
- එහෙම ඉන්න අයව එලවන්න පුලුවන්ද පොදු ස්ථානයක?
- කොතනකවත් ගහලා නෑ 4න් පස්සෙ ඉන්න පුලුවන් අය, එතකොට එහෙම කියන්න පුලුවන්ද?
** මං පිලිගන්නවා අශොභන විදියට ඉන්න අයට පියවරක් ගන්න ඕන කියන එක.
මොකද හිතන්නෙ?