හාඩ්~ඩිස්ක්.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hd_lables.jpg


    සමහර වෙලාවට අපි හිතලා හෝ වැරදීමකින් මැකුනු ෆයිල් අපිට ඕන වෙන අවස්ථා එනවා ඕන තරම්.
    ඒ වගේ වෙලාවට අපි මොකද කරන්න ඕන?:confused:
    පිස්සු හැදිලා වගේ ඉදලා හරියන්නේ නෑ නේ.
    මම කියන්නම් කොහොමද මැකුනු ඒවා ගන්න ඕන කියලා.

    මුලින්ම දත්ත මැකුනාට පස්සේ දත්ත මැකුනු හාඩ් ඩිස්ක් පාර්ටිශන් එකට අලුතෙන් දත්ත දාන්න යන්න එපා.ඒ කියන්නේ ෆයිල්ස් කොපි කරන්න යන්න එපා.ඒ පාර්ටිශන් එකේ තියන ෆයිල්ස් මකන්න යන්නත් එපා.ඒ කිව්වේ ෆයිල්ස් මැකුනු පාර්ටිශන් එකට අලුත් ෆයිල්ස් දාන්න යන්නත් එපා ඒකේ තියන ඒවා මකන්න යන්නත් එපා.හැබැයි බැරිම අවස්ථාවක් උනොත් මකන්න.ඒ කිව්වේ ගෙදර කවුරුත් නැති වෙලාවට චර බරස් එකක් මැශින් එකේ තියන් බලලා ඉවර වෙලා චර බරස් එක කියලා වෙන ෆයිල් එකක් මැකුනොත් එහෙම චර බරස් එක මැකුවට කමක් නෑ.නැත්තම් අපිව ගෙදරින් මකලා දායි:lol:.

    කිසිම හාර්ඩ් ඩිස්ක් පාර්ටිශන් එකක් ෆෝර්මැට් කරන්න යන්න එපා.වින්ඩෝස් වල කේස් එකක් නම් රීපෙයාර් කරාට අව්ලක් නෑ;).

    මැශින් එකට එන කරන්ට් එක එක පාරටම විසන්ධි වෙන්න දෙන්න එපා:no:.අනිවාර්යෙන් ගමනක් හෝ වෙන වැඩක් තියනවා නම් ශඩ් ඩවුන් කරලා ප්‍රධාන විදුලි සැපයුමෙන් ප්ලග් එක අයින් කරලා යන්න.

    ජස්ට් ඉන් කේස් කියලා වැදගත් ෆයිල්ස් වල කොපි එකක් cd,dvd වල
    රයිට් කරන්න නැත්තම් පෙන් ඩ්‍රයිව් එකකට දාලා තියා ගන්න:yes:.ඒවාට ෆයිල්ස් දාලා ෆයිල්ස් ටික දාපු පාර්ටිශන් එකෙන් ඒවා මකන්න යන්න එපා.

    දැන් එහෙනම් ෆයිස් ටික ගන්න උත්සහ කරමු.

    මෙන්න මේක ඩවුන්ලෝඩ් කරලා ෆයිල්ස් රිකවර් කරගන්න බලන්න.

    Recuva.

    http://www.piriform.com/recuva

    ඕක භාවිතා කරන විදිහ බලන්න පහත් වීඩියෝව බලන්න.



    ඕකෙන් බැරි උනොත් මේක දාලා බලන්න.

    Data Recovery.



    http://www.recovering-deleted-files.net/


    ඕක භාවිතා කරන විදිහ බලන්න පහත් වීඩියෝව බලන්න.





    ඔය දෙකෙන් ෆයිල්ස් රිකවර් කරගන්න බැරි නෑ.පුලුවන්.


    ඉතින් කරලා බලන්න.ගුඩ් ලක්.


    මේක මම ලිව්වේ කොහෙන්වත් උස්සලා නොවන බව සලකන්න.මගේ දැනුමෙන් සහ අත්දැකිමෙන් ලියන ලද්දකි.


    කියවලා බලලා හොද නරක කියලා කමෙන්ට් කරලා යන්න.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    හාඩ් එකෙ පාටිෂන් Delete උනොත් ආයෝ පාටිෂන් හදලා එක Recover කරන්නත් පුලුවන්ද? You must spread some Repulation around before giving it to akilar25 again. එළ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හාඩ් එකෙ පාටිෂන් Delete උනොත් ආයෝ පාටිෂන් හදලා එක Recover කරන්නත් පුලුවන්ද? You must spread some Repulation around before giving it to akilar25 again. එළ

    පුලුවන් වෙයි.කරලා බලන්න.