හාමුදුරුවෙක්*ගෑල්ලමයෙක්(Long Live Buddhism)
හාමුදුරු කෙනෙක් ගෑල්ලමයෙක් එක්ක ගිටාර් ගැහුවා ම ඔච්චර නටන්නේ මොක ද?
බොදු බල සේනාවට සම්බන්ධ හාමුදුරු කෙනෙක් කොට කලිසම් ඇඳ නිරූපිකාවක් සමග ගිටාර් ගැහුවා ය කියා මේ දිනවල ලොකු හා හූවක් තිබේ.
කිසිදු ආගමක් නො අදහන මට හාමුදුරුවරුන් ගැන ආගමික භක්තියක් නැත. තමන්ට වඳින්නැයි ඔවුන් මට බල කරලාත් නැත. සම්මාදමේ එන හාමුදුරුවරු පුටුවල සුදු රෙදි එළන තෙක් බලා ඉන්න එකට නම් මම කැමති නැත.
බොදු බල සේනාව යනු ආගමික සංකේත භාවිතා කරන සටන්කාමී දේශපාලන සංවිධානයක් මිස ආගමික සංවිධානයක් නො වේ. කොටින් ම සිවුර යනු මේ සේනාවේ නිල ඇඳුම වැනි දෙයකි. ඒ නිසා එහි සිටින හාමුදුරුවරුන්ගෙන් ආගමික සිල්වත්කම් බලාපොරොත්තු වීම තේරුමක් රහිත ය.
දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් ලෙස ඔවුන් සතුටින් තැබීම ඇත්තෙන් ම මේ සමාජයට හිතකර දෙයකි. තුරුණු වියේ හැඟීම්වලින් ආස්වාදය ලැබීමට ඔවුන්ට ඉඩ දිය යුතු ය.
ආදරය සිර කර තබන මේ සමාජයේ ඇති සියලු අගතීන් පිටු දැකිය යුතු ය. ආදරය, නිදහස විඳින මිනිසුන් අගය කළ යුතු ය.
මා සිතන්නේ ජනමාධ්‍ය විසින් ප්‍රශ්න කරමින් තිබෙන්නේ බොදු බල සේනාවේ දෙබිඩි පිළිවෙතයි. ඒ කියන්නේ අනුන්ට පීඩනය පතුරුවමින් තමන් ෆන් ගැනීමේ තිබෙන කුහකත්වයයි. මම නම් කියන්නේ මෙවැනි අන්තවාදී අදහස් දරන අය මේ අන්දමින් සමාජානුයෝගී වීම ඉතා හොඳ දෙයක් බවයි.
ලිංගික ආශාවන් ආදියෙන් තෘප්ත මිනිස්සු, ලිංගික පීඩනයෙන් විඳවන්නන්ට වඩා කුහකකමින් අඩු ය.
මට ආගමක් අවශ්‍ය නැති වුණත්, ආගම් අවශ්‍ය අය එය තබා ගත යුත්තේ තමන්ගේ ජීවන වින්දනය සුබවාදී ලෙස පාලනය කරන තැනක ය.
සිංහල සමාජයේ ඉස්සර නම් තිබුණේ එහෙම ය. අපේ ගම්වල මිනිස්සු පෝයට පන්සල් ගිය හ. හඳපානේ දඩයමේත් ගිය හ. අනියම් සම්බන්ධකම් ද පැවැත්වූ හ. රා, අරක්කුත් බී හරක් මසුත් කෑව හ. ගම්වල සම ලිංගිකයෝ ද, නපුංසකයෝ ද, ළමා අපචාරකරුවෝ ද සිටිය හ. හොඳ වුණත්, නරක වුණත්, එදා ලිංගික අධ්‍යාපනය වූයේ අද ළමා අපචාර ලෙස හඳුන්වන දෙයයි.
ගැමියන් පුරවැසියන් වීම තුළ ජීවිත සම්බන්ධයෙන් යම් නවීන පර්යාවලෝකයන් තිබේ. එහෙම වුණා ය කියා අපි සිරගත විය යුතු නැත.
සිංහල බෞද්ධ සමාජයට අලුත් සංසිද්ධියක් වන ආගමික අන්තවාදයට ද මෙම කරුණු අදාළ ය.
උපුටා ගැනීම w3lanka.com