හාමුදුරුවෝ පන්සලේ ඉඩම හොරෙන් විකුණලා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113




    මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින චීවරධාරියෙකු විසින් විහාරස්ථානයකට අයත් සාංඝික ඉඩමක් කූට ලේඛන සකස් කර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ පුවතක් වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් බයව ටැංපිට රජමහා විහාරය, කැලේගම පුරාණ විහාරය සහ වඳුරැස්ස වේරගොඩැල්ල පුරාණ විහාරයන්හි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කරගස්වැවේ විමලානන්ද හිමියන් විසින් වාරියපොළ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ බයව ටැංපිට රජමහ විහාරස්ථානය සතු, නිවසක් සහිත පර්චස් 30ක පොල් ඉඩම මෙලෙස හොර ලේඛන සකසා අලෙවි කර අනීතික ලෙස මුදල් ලබාගෙන ඇති බවයි.

    අදාළ මනුෂ්‍ය ඝාතනය සිදුවීමෙන් පසු අදාළ චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමං කර ඇති අතර, නීත්‍යනුකූල භික්ෂුත්වය අහිමි වීම සහ දායකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඔහු පෞද්ගලික නිවසක ජීවත් වී ඇත. එහිදී ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ බැවින්, ජීවත්වීම සඳහා එම ඉඩමේ පොල් ආදායම පමණක් ලබාගන්නා ලෙස තමන් වහන්සේ කටවචනයෙන් ඔහුට දැනුම් දී තිබූ බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    කෙසේ වෙතත්, අදාළ ඉඩමට පිටස්තර පුද්ගලයන් අනවසරයෙන් ඇතුළු වන බවට තොරතුරු ලැබී ඒ පිළිබඳව සොයා බැලීමේදී, මෙම චීවරධාරියා විසින් කූට ලේඛන සකසා ඉඩම සම්පූර්ණයෙන්ම අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,890
    5,106
    113
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ @Jihadi john 👇 😂

    The Boys Goon GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,021
    113
    පන්සල් වලට අයිති ඉඩම් විකුන්න ලේසි නැ නෙහ්...
    බෞද්ධ විහාර හා දේවාලගම් පනත එක්ක කචල්

    පන්සල් ඉඩම් යනු මහා සංගගත්නයට පූජා කරන ලද පොදු දේපළයි. භික්ෂුන් වහන්සේ නමකට මේවා තමන්ගේ පෞද්ගලික දේපළ ලෙස සිතීමට හෝ ගිහි ඥාතීන්ට උරුමයෙන් ලබා දීමට නොහැකිය.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,680
    8,412
    113
    01 මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී


    02 පූජ්‍ය


    lol