හාමු වැඩ පෙන්වයි..දුම්රිය ප්‍රමාදයි.. විදේශ සංචාරකයන් දුම්රිය ස්ථානයේ ගයයි.. නටයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි විදේශිකයන් පිරිසක් නානුඔය දුම්රිය ස්ථානයේ ගීත ගයමින් නර්තනයක යෙදෙන අයුරු විදේශිකයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට එක් කර තිබුණි.

    එම විදේශිකයන් පිරිස නානුඔය දුම්රිය ස්ථානයේ නර්තනයේ යෙදිම සම්බන්ධයෙන් අප නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නානුඔය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුවට සහ ඇල්ල දක්වා ගමන් කිරිමට පැමිණෙන විදේශිය සංචාරකයන් දුම්රිය ප්‍රමාද වන ඇතැම් අවස්තාවල දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය ස්ථානය තුල ගීත ගයමින් නර්තනයන්හි නිරත වන බවයි.

    අනෙකුත් මගින්ට බාධාවක් නොවන සේ එසේ විනෝද වන විදේශික සංචාරකයන්ට නානුඔය දුම්රිය ස්ථානයේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු බාධා නොකරන බවත්, දුම්රිය පැමිණෙන තුරු නානුඔය දුම්රිය ස්ථානය තුල එම විදේශිකයන් රැදි සිටිමින් විනෝද විම තමන්ට බාධාවක් නොවන බවයි.

    – රංජිත් රාජපක්ෂ

    -LCN-

    කෝච්චියක් දුවාගන්න බැරි හාමු කොහොමද රටක් කරන්නේ ? @monson 🤭