කැළණි වැලි දිගේ යුනෙස්කෝ ලෝක උරුමයට දුම්රිය මාර්ගයක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    bada3.jpg


    1858 වසරේ අගෝස්තු 3 වන දින එවකට ආණ්ඩුකාරවරයාව සිටි සර් හෙන්රි වෝඞ් විසින් මංගල පස් පි`ඩැල්ල කැපීමෙන් ආරම්භ වූ ලංකාවේ දුම්රිය ගමනාගමනය අද වන විට වසර 150කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. ලංකාවේ පළමු දුම්රිය ගමන කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදුවන්නේ 1864 වර්ෂයේදීයග බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් විසින් ලංකාවේ කඳුකර ප‍්‍රදේශවල 1845 පමණ වන විට පුළුල් ලෙස ව්‍යාප්ත කර තිබූ කෝපිල තේ වැනි අපනයන භෝගවල අස්වැන්න කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කිරීම පහසුකර ගැනීම සඳහා ඉංග‍්‍රීසි පාලකයන් විසින් මෙරටට දුම්රිය ප‍්‍රවාහන පද්ධතිය හඳුන්වා දෙනු ලැබීය.

    කැළණි වැලි දුම්රිය මාර්ගය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ඉදිකිරීම සිදුවන්නේ 1900- 1902 අතර කාලයේදීය. මෙම දුම්රිය මාර්ගය 1903 වන විට අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා ඉදිකර ඇත. කැළණි වැලි දුම්රිය ලෙස අදටත් හඳුන්වනු ලබන සබරගමුව දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ඉදිකිරීම අවසන් කර ඇත්තේ 1912දීය. මෙම දුම්රිය මාර්ගය 1919 වන විට රත්නපුර සිට ඕපනායක දක්වා දීර්ඝ කර තිබේග මේ අනුව වර්තමානය වන විට අත්හැර දමා ඇති කැළණි වැලි දුම්රිය මාර්ගයට අයත් ගොඩනැඟිලිල පාලම්ල බෝක්කු ආදී සියල්ල අවම වශයෙන් වසර 100ක් වත් පැරණි පුරාවිද්‍යා ස්මාරක වේ.

    කැළණි වැලි දුම්රිය අතීතයේදී පුංචි කෝච්චිය යන අනවර්ථ නාමයෙන් ද හඳුන්වා ඇත. මෙය මෙසේ හඳුන්වා ඇත්තේ මෙම දුම්රිය අඩි 2 අඟල් 6 ක රේල් පීලි අතර පරතරයකින් යුත් පටු ආමාන දුම්රියක් (narrow gauge ) වූ නිසාවෙනි. මෙම දුම්රිය ධාවනය සඳහා බලය සපයා ඇත්තේ ගල් අඟුරු දහනයෙන් බලගැන්වෙන වාෂ්ප එන්ජිමකිග කැළණි වැලිය ආරම්භ වූ 1900 - 1904 කාලයේදීම ලංකාවේ ආරම්භ වූ අනෙක් පටු ආමාන දුම්රිය මාර්ගය වන්නේ නානුඔය සිට රාගල දක්වා ඉදිවූ දුම්රිය මාර්ගයයි.

    1937 පමණ වන විට මෙම දුම්රිය මාර්ගය කොළඹ සිට අවිස්සාවේල්ලල කුරුවිටල රත්නපුරය හරහා ඕපනායක දක්වා මගී ප‍්‍රවාහනය හා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා භාවිතා කර ඇත. මෙවකට මෙම මාර්ගය හා සම්බන්ධව වතු වේදිකා 11ක් තිබි ඇත. එම වේදිකා ඔස්සේ වැවිලිකරුවන් විසින් කෝපිල තේල කුරුඳු වැනි අපනයන නිෂ්පාදන දුම්රියට පටවා කොළඹ ට ප‍්‍රවාහනය කර ඇත. එසේම එවකට නාවින්නේ පිහිටා තිබුණු පොහොර ගබඩාවේ සිට රත්නපුරය දක්වා වගාවන් සඳහා අවශ්‍ය පොහොර ල කෘෂි උපකරණල වෙඩි බෙහෙත් වැනි දෑ ප‍්‍රවාහනය කර ඇත්තේද මෙම දුම්රිය මගිනි. පසු කලක නාවින්න ප‍්‍රදේශයේ ආහාර දෙපාර්තමේන්තුවට අයත් ගබඩා පවත්වාගෙන ගොස් ඇති අතර එම ගබඩාවල ඇති පරිප්පු පිටි වැනි වියළි ආහාර ද්‍රව්‍ය සබරගමුව වෙත ප‍්‍රවාහනය කර ඇත්තේ ද මෙම දුම්රිය මාර්ගය උපයෝගී කරගනිමින්ය. 1937 වන විට ඕපනායක දක්වා තැපැල් සේවා පවත්වාගෙන යාම සඳහාද කැළණි වැලි දුම්රිය යොදාගෙන ඇත. කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉන්ධන ප‍්‍රවාහනය සිදුකර ඇත්තේ බේස්ලයින් පාර දුම්රිය ස්ථානය මුල් කරගනිමින්යග බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ තිබූ තෙල් ටැංකිවලට කොලොන්නාවේ සිට ඉන්ධන ගෙනැවිත් පිර වූ පසු එම ඉන්ධන දුම්රිය මගින් යටියන්තොට හා ඕපනායක දක්වා ප‍්‍රවාහනය කර ඇත.

    bada3-2.jpg

    මෙසේ පවත්වා ගෙන ආ කැළණිවැලි දුම්රිය මාර්ගයට ද 1942 වන විට දෙවන ලෝක යුද්ධයේ බලපෑම දැඩි ලෙස දැනෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහජන යහපත වෙනුවෙන් පවත්වාගෙන ගිය යටියන්තොට අවිස්සාවේල්ල කොටස වසා දමා එම රේල් පීලි සහ අනෙකුත් දෑ කැළණි වැලි මාර්ගයේ අනෙකුත් ප‍්‍රදේශවල ප‍්‍රයෝජනයට යොදාගෙන ඇත.

    1956 වන විට කැළණි වැලි දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරයි. මෙයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මහා මාර්ග ප‍්‍රවාහන සේවා ආරම්භ වීමත් සමඟ දුම්රියට තරගකාරී පසුබිමක් නිර්මාණය වීමයි

    bada3-3 (1).jpg


    කැළණිවැලි දුම්රිය මාර්ගයේ අභාග්‍ය සම්පන්නම යුගය උදාවන්නේ 1970 පමණ වන විටය. මෙයට බලපෑ ප‍්‍රධානම කරුණු අතර මහා මාර්ග පද්ධති නවීකරණය වීමට සාපේක්ෂව කැළණි වැලි මාර්ගය නවීකරණය නොවීමල කැළණි වැලි මාර්ගයේ ධාවනය වූ එන්ජින්ල මැදිරි හා ගැල් සදහා අවශ්‍ය අංගෝපාංග ලෝකයේ කිසිම රටක නිෂ්පාදනය නොවීමල මහා මාර්ගවලින් ගමන් කිරීමට වඩා වැඩි කාලයක් දුම්රියෙන් ගමන් කිරීමට ගතවීම වැනි දෑය.1970 පමණ වන විට රත්නපුරයේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවත්වාගෙන ගිය ලොරි රථ උපයෝගි කරගනිමින් සිදුකරන ලද භණ්ඩ ප‍්‍රවාහන සේවාද කැළණි වැලි දුම්රිය මාර්ගයේ ආදායම් පහත වැටීමට හේතුවී ඇත.

    මෙම දුම්රිය මාර්ගයේ ආදායම් බිඳ වැටීම හේතුවෙන් දුම්රිය සේවාව පරිහානියට පත්වීම පිළිබඳව සොයා බලා එය න`ගාසිටුවීමේ අරමුණින් එවකට පැවැති රජය මගින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරියකුගේ මූලිකත්වයෙන් අධික්ෂණයක් සිදුකර ඇත. මෙම කාර්ය සඳහා ඔහුට සහාය වීම සඳහා එවකට ප‍්‍රවාහන අධිකාරීවරයෙකුව සිටි I. S. ප‍්‍රනාන්දු මහතා යොදවා ගන්නා ලදී. නමුත් අවාසනාවකට එම වාර්තාවේ නිර්දේශය වී ඇත්තේ කැළණිවැලි දුම්රිය මාර්ගය පාඩු ලබන්නක් බැවින් වසා දමන ලෙසටය. මේ අනුව 1977 දී ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය වසා දමන ලදීග මෙම දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය වන කාල වකවානුව වන විට එය යුනෙස්කෝව විසින් ලෝක උරුම දුම්රිය මාර්ගයක් ලෙස ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ බවද කියැවේ.

    කැළණිවැලි දුම්රිය මාර්ගය ආරම්භ වූ කාලයේදීම ඉදිකරන ලද ඉන්දියාවේ ඩාජීලීන් හිමාලයන් (Darjeeling Himalayan), කල්කා සිම්ලා (Kalka Simla), නිල්ගිරි කඳුකර පටු ආමාන දුම්රිය මාර්ගය (Nilgiri Mountain Railway), යනාදිය යුනෙස්කෝව මගින් ලෝක උරුම දුම්රිය මාර්ග ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද අතර එම දුම්රිය මාර්ග ඉන්දියාවේ සංචාරක කර්මාන්තය සඳහා ඉහළ දායකත්වයක් සපයමින් වර්තමානයෙදී ද ක‍්‍රියාත්මක වේ.

    කැළණිවැලි දුම්රිය මාර්ගය මෙසේ ගලවා දමා මේ වන විට වසර 40කට වඩා අධික කාලයක් ගතවී ඇති නමුත් ඉන්පසුව රත්නපුරයෙන් බලයට පැමිණි කිසිදු දේශපාලන නායකත්වයක් හෝ සිවිල් සංවිධානයක් මගින් මෙම දුම්රිය මාර්ගය නැවත ඉදිකර දෙන මෙන් ප‍්‍රබල හ`ඩක් පැවති රජයයන් වෙත ඉදිරිපත් නොකිරීම ජාතියේ අවාසනාවකි.

    ප‍්‍රධාන නගරය හරහා විකල්ප මාර්ගයක් නැති අවම වශයෙන් ට‍්‍රැෆික් ලයිට් එකක්වත් නැති ලංකාවේ එකම ප‍්‍රධාන නගරය රත්නපුරයයි. ඉතිහාසය පුරාවට සෑම වසරකදීම ගංවතුරෙන් පීඩා විඳින අපේ මිනිසුන් වෙනුවෙන් රැගෙන ආ කළු ගඟ යෝජනා ක‍්‍රමයද කාලයත් සමඟ අමතකව ගොස් ඇත.

    කැළණි වැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම මගින් ලැබෙන වටිනාම ප‍්‍රතිලාභය වන්නේ එමගින් රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය න`ගාසිටුවීමට ඇති සුවිශේෂී හැකියාවයි. මෙම මාර්ගය රත්නපුරයෙන් නොනැවතී ඕපනායකල බලංගොඩල බෙලිහුල්ඔය හරහා හපුතලෙන් හෝ වෙනත් කිසියම් ස්ථානයකින් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ධ කළ හැකි නම් උඩරට දුම්රිය මාර්ගය මෙන්ම සංචාරක කර්මාන්තය කෙරෙහි මෙම දුම්රිය මාර්ගයටද ඉහළ දායකත්වයක් සැපයිය හැකිවනු ඇත. බලංගොඩල කල්තොටල බෙලිහුල්ඔය ආශ‍්‍රීත ප‍්‍රදේශ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කළ හැකි දිවයිනේ පිහිටි සුන්දරම භූමි ප‍්‍රදේශ වේ.

    ඉන්දියාවේ ඩාජීලීං හිමාලයන්ල නිල්ගිරි මවුන්ටන්ල කල්කා සිම්ලාල ඔස්ටෙ‍්‍රලියාවේ කුරන්ඩා වැනි දුම්රිය මාර්ග සංචාරක කර්මාන්තයේදී පුළුල් දායකත්වයක් සපයනු ලබන කඳුකර දුම්රිය මාර්ග වේ. මේ ආකාරයේම කඳුකර දුම්රිය මාර්ගයක්ල අත්හැර දමන ලද ඕපනායක දුම්රිය ස්ථානයේ සිට බලංගොඩ බෙලිහුල්ඔය හරහා හපුතලේ දෙසින් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ධ වන ආකාරයට ඉදිකර ගතහැකිවේ යැයි ලියුම්කරු විශ්වාස කරයි.

    බලංගොඩ බෙලිහුල්ඔය බෙරගල හරහා හපුතලේට දුම්රිය මාර්ගයක් ඉදිකිරීම කළ නොහැක්කක් ලෙස ඉදිරිපත් කරනු ලබන ප‍්‍රධාන තර්කයක් වන්නේ බෙරගල හරහා හපුතලේ දක්වා ඇති අතිශය බැවුම් මාර්ගයක දුම්රියක් රැගෙන යා නොහැකි බවයිග බෙරගල පිහිටියේ මුහුදු මට්මේ සිට අඩි 3400 ක් උසිනි. හපුතලේ නගරය අඩි 4695 ක් උසින් පිහිටා ඇත. ලොව බෑවුම වැඩිම දුම්රිය මාර්ගයක් ලෙස සලකනුයේ ස්විට්සර්ලන්තයේ පිලාටස් දුම්රිය (Pilatus Railway) මාර්ගයයි. පිලාටස් නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්වමේ සිට අඩි 6801 ක් ඉහලිනි. මෙම දුම්රිය මාර්ගයේ ආනතිය 480 ක් පමණ වන්නේ යැයි කියනු ලබයි. මේ අනුව බෙරගල හරහා හපුතලේට දුම්රිය මාර්ගයක් ඉදිකිරීම කළ නොහැක්කක් නොවේ.

    පැරණි කැළණි වැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම මගින් කුරුවිට හා ඒ අවට ප‍්‍රදේශයද සංචාරක පුරවරයක් ලෙස දියුණු කිරීමට අවකාශ සැලසේ. රත්නපුර නගරය එහි ඓතිහාසික වටිනාකම ඔප්නැංවෙන අයුරින් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ දියුණු කර දුම්රිය මාර්ගයද නගරය හරහා රැගෙන යාමෙන් මහනුවරල මාතලේල මාතරල බදුල්ල වැනි නගර මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගන්නා අභිමානවත් සුන්දර නගරයක් බවට පත් කළ හැක.


    bada3-4.jpg

    පැරණි කැළණි වැලි දුම්රිය මාර්ගයේ ප‍්‍රධානම දුම්රිය නැවතුම්පළ වූයේ රත්නපුර දුම්රිය ස්ථානයයි. අතිතයේ ශ‍්‍රී ලංකාව විදේශිකයන් අතර වැඩිපුරම ජනප‍්‍රිය වී ඇත්තේ රත්නපුරය නිසයි. ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් අතීතයේ Cerendib ලෙස හඳුන්වන ලද දූපතේ රත්නපුර (The Gem City) නගරය පිළිබඳව සිය සංචාරක අවධානය නිතැතින්ම යොමු කරනු ඇත. රත්නපුර හා ඒ අවට ද සංචාරය සඳහා සුදුසු ස්ථාන ඕනෑ තරම් පවතී.

    සමන් දේවාලය හා එතිහාසික පොතගුල් රජමහා විහාරය පිහිටා ඇත්තේ රත්නපුර නගරය ආසන්නවමය. පැරැන්නන් සිරිපා කරුණා කරන ලද ඓතිහාසික මාර්ගය රත්නපුර ගිලිමලේ මාර්ගයයි. රත්නපුර සිට වේවැල්වත්ත හරහා බලංගොඩ දක්වා ඇති මාර්ගය ඉතාම සුන්දර දියඇලි ගණනාවක්ම නැරඹිය හැකි අතිරමණිය කඳුකර ගමන් මාර්ගයකි. වර්තමානය වන විට දේශීය සංචාරකයන්ගේ අවධානයට මෙම ප‍්‍රදේශය බෙහෙවින් ලක්ව ඇත. අළුපොළ ඇල්ලල දෙහෙන ඇල්ලල මාපලාන ඇල්ල ඇතුළු සුන්දර දියඇලි ගණනාවක් රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ගමන් ගන්නාවිට නැරඹිය හැක. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෞතුකාගාරය (ඇහැලේපොළ වලව්ව) මෙන්ම ලංදේසීන් හා පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි ගණනාවක්ම රත්නපුර නගරයේ පිහිටා ඇත.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    රත්නපුර ප‍්‍රධාන දුම්රිය ස්ථානය පසුකරමින් පැරණි දුම්රිය මාර්ගයේ ඉදිරියට ගමන් කළවිට වර්තමාන රත්නපුර කලවාන මාර්ගයේ පිහිටි දෑල දුම්රිය ස්ථානය හමුවේ. එහි සිට කලවාන වැද්දාගල මාර්ග පිවිසුම ඔස්සේ ලෝක උරුමයක් වන සිංහරාජයට ඇත්තේ කිග මීග 35 ක පමණ දුරකි. ගාල්ලල හික්කඩුවල කළුතර වැනි මුහුදුබඩ ප‍්‍රදේශවල සංචාරය කරනු ලබන විදේශිකයන්ට මේ වන විට කාපට් අතුරා සකසා ඇති අළුත්ගම සිට මතුගම හරහා දිවෙන මාර්ගය ඔස්සේද කලවාන හරහා සිංහරාජයට පිවිසිය හැක. නැතහොත් අධිවේගී මාර්ගය ඔස්සේ දොඩංගොඩ මතුගම කලවාන හරහා ද පැමිණිය හැක. එසේ සිංහරාජය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට දෑල දුම්රිය ස්ථානයට පැමිණ ලියුම්කරු විසින් යෝජනාකරනු ලබන බලංගොඩ බෙලිහුල්ඔය හපුතලේ මාර්ගය ඔස්සේ ඇල්ලල හපුතලේල නුවරඑළිය වැනි ප‍්‍රදේශවල සංචාරය කළ හැකිවේ.

    දෑල දුම්රිය ස්ථානය පසුකල විට හමුවනුයේ කහවත්ත දුම්රිය ස්ථානයයි. කහවත්ත දුම්රිය ස්ථානයෙන් බැසගත් විට ඇඹිලිපිටියට හා රක්වාන හරහා දෙනියායට ගමන්කළ හැකිවේ. ඓතිහාසික සංඛපාල රජමහා විහාරය පිහිටා ඇත්තේ කහවත්තේ සිට 30 km ක පමණ දුරකිනි. කහවත්තේ සිට රක්වාන හරහා සුරියකන්දට ඇත්තේ 40 km ක දුරකි. රක්වාන සූරියකන්ද දෙනියාය පොතුපිටිය වැනි ප‍්‍රදේශ සංචාරක කලාප ලෙස දියුණු කළ හැකි මනරම් භූමි ප‍්‍රදේශ වේ. රක්වාන සිට සූරියකන්දට යන මාර්ගයේ ප‍්‍රසිද්ධ වංගු 10 මුණගැසේග සූරියකන්ද හරහා සිංහරාජය, හිමිදිරි පෙදෙස (morning site), පැට්නා වැනි වර්තමානයේ දේශීය සංචාරකයන් අතර ජනප‍්‍රිය ස්ථානවලට ළඟාවිය හැක. ඓතිහාසික මඩුවන්වල වලව්වල වවුල්පනේ හුණුගල් ගුහාව වැනි ස්ථානද සූරියකන්ද අවට පිහිටා ඇත.

    කහවත්ත පසුකළ විට පැරණි කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වන ඕපනායක දුම්රිය ස්ථානය මුණගැසේ. මෙම දුම්රිය මාර්ගය රත්නපුරයෙන් නොනැවතී ඕපනායකල බලංගොඩල බෙලිහුල්ඔය හරහා හපුතලෙන් හෝ වෙනත් කිසියම් ස්ථානයකින් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ධ කළහැකි නම් උඩරට දුම්රිය මාර්ගය මෙන්ම මෙම දුම්රිය මාර්ගයටද සංචාරක කර්මාන්තය කෙරෙහි ඇතිකළ හැකි සුවිශාල බලපෑම ලියුම්කරු විසින් ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරනු ලබන වටිනාම සංවර්ධන යෝජනාව වේග බලංගොඩල කල්තොටල බෙලිහුල්ඔය ආශ‍්‍රීත ප‍්‍රදේශයන් ද මේවන තුරු දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි අවධානයට ලක් නොවූ ලංකාවේ අතිශය සුන්දරතම භූමි ප‍්‍රදේශයන් වේ.

    බලංගොඩ කල්තොට දූවිලි ඇල්ල වනාන්තරයක් මධ්‍යයේ පිහිටි අපූරු දියඇල්ලකි. විදේශීය සංචාරකයින්ගේ අවධානය මේ ස්ථානයට තාමත් යොමුවී නොතිබීම කෙතරම් අවාසනාවක්ද යැයි සිතේ. බලංගොඩ සිට බගවන්තලාව හරහා හැටන් මාර්ගය දැනටමත් විදේශික සංචාරකයන් අතර මෙන්ම දේශීය සංචාරකයන් අතරද යම්තාක් දුරට ජනප‍්‍රියවූ මාර්ගයකිග එම මාර්ගය දෙපසද දියඇලි ගණනාවක් පිහිටා ඇත.

    කැළණි වැලි දුම්රිය මාර්ගය ඕපනායක සිට බලංගොඩල බෙලිහුල්ඔය හරහා බදුලූ දුම්රිය මාර්ගයට සම්බන්ධ කිරීමේ හැකියාව පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුවීම ඉතාම කාලෝචිත යැයි සිතේ. වර්තමානයේ දී ඇල්ලල හපුතලේ ප‍්‍රදේශ වල සංචාරකයන් විශාල වශයෙන් සැරිසරනු ලබයිග ලියුම්කරු විසින් යෝජනා කරනු ලබන දුම්රිය මාර්ග දිගුකිරිම සිදුකිරීමේ හැකියාවක් ඇතිනම් උඩරට දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා සංචාරකයන් හපුතලේ හරහා බෙලිහුල්ඔයග බලංගොඩල කල්තොට වැනි ප‍්‍රදේශවලටද ගෙන්වාගත හැකිවනු ඇත. එමගින් ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය නිතැතින්ම සිදුවේ.

    කැළණි වැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම කෙරෙහි ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයන් කතා නොකරනුයේ ප‍්‍රධාන වශයෙන්ම දුම්රිය මාර්ගයේ දැනට පදිංචිව සිටින්නන් ඉවත් කිරීමේදි ඇතිවිය හැකි විරෝධතාවය නිසාවෙනිග නමුත් දුම්රිය මාර්ගයේ පදිංචිකරුවන්ට සාධාරණයක් ඉටුවන්නේ නම් ඔවුන් ඉවත් කිරීම ගැටලූ සහගත නොවනු ඇත. අවශ්‍ය වන්නේ පක්ෂ පාට භේද නොසලකා සියලූ දෙනා මෙම අරමුණ වෙත යොමුවීම පමණි. කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේවන විට ආරම්භ කර ඇත. දුම්රිය මාර්ගයේ පදිංචිකරුවන් ඉවත් කිරීමද පියවරින් පියවර සිදුවෙමින් පවතී. එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් සියලූ දෙනාගේම කැපවීම් මතින් කළණිවැලිය යළි රුවන්පුරයට රැගෙන ඒමට හැකිවේවායැයි ලියුම්කරුගේ ප‍්‍රාර්ථනය ව.

    ගීතදේව යසරත්න


    link

    https://divaina.com/daily/index.php/visheshanga3/47069-2020-08-25-13-54-53
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1970 පමණ වන විට රත්නපුරයේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවත්වාගෙන ගිය ලොරි රථ උපයෝගි කරගනි --- : පවිත්‍රා වන්නිආරච්චිගේ මහ එකා...
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහොම වටිනා තොරතුරු රැසක් ඇති ලිපියකි.

    එලකිරිය සමග බෙදාගත්තාට බොහොම තුති.

    ඉක්මනටම රත්නපුර දුම්රිය මාර්ගය නැවත සෑදීමට බලධාරීන්ට සිත් පහල වේවා.... !!!
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    kelani weli track eka high -level ekata parallel thibba nam High-level road eke mechara traffic ekek athi wenne ne. aparade aye parak me track eka thibuna tenama double line karala kanu udin yanna yanne kottawata. cost eka wedi nisalu high-level eka pararal karanna beri.

    usb 1.5 billion wanawalu project ekata, but me train eke daily denata yanne 30,000 (train track eka yanne maradana narahenpita nugedada arunama anik area residental area nisa minisunta tran ekata enna loku kattak kanna wenawa). aparade salli. high level parrale karala track eka aye gahuwa nam laksha ganak minissunyta train eke yanna puluwan. mokada high level road eka wateta school. office, shops. universities wala laksha ganak minissu daily travel karanawa
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    1970 පමණ වන විට රත්නපුරයේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවත්වාගෙන ගිය ලොරි රථ උපයෝගි කරගනි --- : පවිත්‍රා වන්නිආරච්චිගේ මහ එකා...
    කැළණි වැලි දුම්රිය වැහෙන්න හේතුව ලොරි මගින් බඩු ප්‍රවාහනය කරන එක පමණක් නොවෙයි. වේගය අඩුකම නිසා මගීන් ගමන් නොකිරීමත් ලොකුම හේතුවක්. උදේ නමයට කොටුවෙන් පිටත් වන ඕපනායක දුම්රිය (දවසටම එකයි තිබුනේ) ඕපනායකට යනකොට රාත්‍රී හත පහුවෙනවා. මුළු දුර සැතපුම් අසූ පහයි. අර චන්ද්‍ර අනගිරත්නගේ පොතේ ලියලා තියන කවිය
    පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
    පැය හතරට එක සැතපුමෙ වේගෙන්
    කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
    දරුවෙක් බිහිවෙයි ඕපනායකින්
    කියන එක බොහෝ දුරට ඇත්තක් .
    70-77 සිරිමා බණ්ඩාරනායක රජය මේ දුම්රිය පාර වසා දැමීමට ඔවුන් බලයට පත්වූ 1970 කාලයේ සිටම දින නියම කරමින් හිටියා. නමුත් කෙසේ හෝ ඒ දිනය කල් දමමින් 1973 වන තෙක්ම දුම්රිය ඕපනායකට ධාවනය උනා. 1973 දී එක්තරා දිනයක මෙය වසා දමන බවට දින නියම කර තිබුනත්, ඒ දිනයත් කලින් දින මෙන්ම කල් දමාවි යැයි සිතාගෙන හිටියත් එදිනට අනිවාර්යයෙන්ම මේ දුම්රිය නවත්වන බව දැනගත් මගේ තාත්තා, ඊට දින දෙකකට පෙර අපිව කොටුවේ සිට ඕපනායකටත්, පසුදා උදේ දුම්රියෙන්ම ආපසු ඒමට අපිට වාසනාව උදා කර දුන්නා. ඒ කාලයේ ඕපනායක දුම්රිය පොලට විදුලි බලය වත් තිබුනේ නැහැ. විලක්කු / පන්දම් එළියෙන් සහ චිමිනි ලාම්පු වල එළියෙන් එහි වැඩ කටයුතු කළා.

    මේ ලිපිය දිවයින පත්තරේ පළවුන එකක් නිසා මේ දුම්රිය මාර්ගය වසා දැමූ අවුරුද්ද 1977 ලෙස දක්වා තිබීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. අඟහරු ග්‍රහයාගේ ගඩොල් ගැන ලියාපු පත්තරෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කෙසේ හෝ මේ දුම්රිය මාර්ගය වසා දැමීමේ නරක නාමය 1977 ජේ ආර් රජයට පවරන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එය 1973 නොව 77 දී වසා දැමූ බව මෙහි ලියා ඇති බව මගේ වැටහීමයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කැලනිවැලි දුම්රිය පාර කිට්ටුව ඉන්න එකෙක් නිසා ඕක නැති පාඩුව සෑහෙන්න දැනෙනවා..දැනට තියන අවිස්සාවෙල්ල්ලට දක්වා තියන කොටසටත් ඕකමයි වෙන්නේ...කෝච්චිය හෙමින් යන නිසා මිනිස්සු එන්නෙ නෑ.මිනිස්සු නැති නිසා කෝච්චිය හයියෙන් යන්නේ නෑ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    kelani weli track eka high -level ekata parallel thibba nam High-level road eke mechara traffic ekek athi wenne ne. aparade aye parak me track eka thibuna tenama double line karala kanu udin yanna yanne kottawata. cost eka wedi nisalu high-level eka pararal karanna beri.

    usb 1.5 billion wanawalu project ekata, but me train eke daily denata yanne 30,000 (train track eka yanne maradana narahenpita nugedada arunama anik area residental area nisa minisunta tran ekata enna loku kattak kanna wenawa). aparade salli. high level parrale karala track eka aye gahuwa nam laksha ganak minissunyta train eke yanna puluwan. mokada high level road eka wateta school. office, shops. universities wala laksha ganak minissu daily travel karanawa
    MAGLEV ehema danna berida? Dan China wala thiyanawa.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    MAGLEV ehema danna berida? Dan China wala thiyanawa.g


    China max speed eka 430kmh ne ban .lankawe length eka 431 km wage. Weda trafic eke maharagama ta Yannna 1.5hr yanawwa bus eke. Oka 30 min wage yanna train ekak thibbba nam athi ban. Balapan ekawath tama hadaganna beriwa inne. Api kawada kawada goda yaida manda
     
    • Like
    Reactions: NRTG and DjAtrocity