1858 වසරේ අගෝස්තු 3 වන දින එවකට ආණ්ඩුකාරවරයාව සිටි සර් හෙන්රි වෝඞ් විසින් මංගල පස් පි`ඩැල්ල කැපීමෙන් ආරම්භ වූ ලංකාවේ දුම්රිය ගමනාගමනය අද වන විට වසර 150කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. ලංකාවේ පළමු දුම්රිය ගමන කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදුවන්නේ 1864 වර්ෂයේදීයග බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් විසින් ලංකාවේ කඳුකර ප‍්‍රදේශවල 1845 පමණ වන විට පුළුල් ලෙස ව්‍යාප්ත කර තිබූ කෝපිල තේ වැනි අපනයන භෝගවල අස්වැන්න කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කිරීම පහසුකර ගැනීම සඳහා ඉංග‍්‍රීසි පාලකයන් විසින් මෙරටට දුම්රිය ප‍්‍රවාහන පද්ධතිය හඳුන්වා දෙනු ලැබීය.
කැළණි වැලි දුම්රිය මාර්ගය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ඉදිකිරීම සිදුවන්නේ 1900- 1902 අතර කාලයේදීය. මෙම දුම්රිය මාර්ගය 1903 වන විට අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා ඉදිකර ඇත. කැළණි වැලි දුම්රිය ලෙස අදටත් හඳුන්වනු ලබන සබරගමුව දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා ඉදිකිරීම අවසන් කර ඇත්තේ 1912දීය. මෙම දුම්රිය මාර්ගය 1919 වන විට රත්නපුර සිට ඕපනායක දක්වා දීර්ඝ කර තිබේග මේ අනුව වර්තමානය වන විට අත්හැර දමා ඇති කැළණි වැලි දුම්රිය මාර්ගයට අයත් ගොඩනැඟිලිල පාලම්ල බෝක්කු ආදී සියල්ල අවම වශයෙන් වසර 100ක් වත් පැරණි පුරාවිද්‍යා ස්මාරක වේ.
කැළණි වැලි දුම්රිය අතීතයේදී පුංචි කෝච්චිය යන අනවර්ථ නාමයෙන් ද හඳුන්වා ඇත. මෙය මෙසේ හඳුන්වා ඇත්තේ මෙම දුම්රිය අඩි 2 අඟල් 6 ක රේල් පීලි අතර පරතරයකින් යුත් පටු ආමාන දුම්රියක් (narrow gauge ) වූ නිසාවෙනි. මෙම දුම්රිය ධාවනය සඳහා බලය සපයා ඇත්තේ ගල් අඟුරු දහනයෙන් බලගැන්වෙන වාෂ්ප එන්ජිමකිග කැළණි වැලිය ආරම්භ වූ 1900 - 1904 කාලයේදීම ලංකාවේ ආරම්භ වූ අනෙක් පටු ආමාන දුම්රිය මාර්ගය වන්නේ නානුඔය සිට රාගල දක්වා ඉදිවූ දුම්රිය මාර්ගයයි.
1937 පමණ වන විට මෙම දුම්රිය මාර්ගය කොළඹ සිට අවිස්සාවේල්ලල කුරුවිටල රත්නපුරය හරහා ඕපනායක දක්වා මගී ප‍්‍රවාහනය හා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා භාවිතා කර ඇත. මෙවකට මෙම මාර්ගය හා සම්බන්ධව වතු වේදිකා 11ක් තිබි ඇත. එම වේදිකා ඔස්සේ වැවිලිකරුවන් විසින් කෝපිල තේල කුරුඳු වැනි අපනයන නිෂ්පාදන දුම්රියට පටවා කොළඹ ට ප‍්‍රවාහනය කර ඇත. එසේම එවකට නාවින්නේ පිහිටා තිබුණු පොහොර ගබඩාවේ සිට රත්නපුරය දක්වා වගාවන් සඳහා අවශ්‍ය පොහොර ල කෘෂි උපකරණල වෙඩි බෙහෙත් වැනි දෑ ප‍්‍රවාහනය කර ඇත්තේද මෙම දුම්රිය මගිනි. පසු කලක නාවින්න ප‍්‍රදේශයේ ආහාර දෙපාර්තමේන්තුවට අයත් ගබඩා පවත්වාගෙන ගොස් ඇති අතර එම ගබඩාවල ඇති පරිප්පු පිටි වැනි වියළි ආහාර ද්‍රව්‍ය සබරගමුව වෙත ප‍්‍රවාහනය කර ඇත්තේ ද මෙම දුම්රිය මාර්ගය උපයෝගී කරගනිමින්ය. 1937 වන විට ඕපනායක දක්වා තැපැල් සේවා පවත්වාගෙන යාම සඳහාද කැළණි වැලි දුම්රිය යොදාගෙන ඇත. කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉන්ධන ප‍්‍රවාහනය සිදුකර ඇත්තේ බේස්ලයින් පාර දුම්රිය ස්ථානය මුල් කරගනිමින්යග බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ තිබූ තෙල් ටැංකිවලට කොලොන්නාවේ සිට ඉන්ධන ගෙනැවිත් පිර වූ පසු එම ඉන්ධන දුම්රිය මගින් යටියන්තොට හා ඕපනායක දක්වා ප‍්‍රවාහනය කර ඇත.
මෙසේ පවත්වා ගෙන ආ කැළණිවැලි දුම්රිය මාර්ගයට ද 1942 වන විට දෙවන ලෝක යුද්ධයේ බලපෑම දැඩි ලෙස දැනෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහජන යහපත වෙනුවෙන් පවත්වාගෙන ගිය යටියන්තොට අවිස්සාවේල්ල කොටස වසා දමා එම රේල් පීලි සහ අනෙකුත් දෑ කැළණි වැලි මාර්ගයේ අනෙකුත් ප‍්‍රදේශවල ප‍්‍රයෝජනයට යොදාගෙන ඇත.
1956 වන විට කැළණි වැලි දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරයි. මෙයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මහා මාර්ග ප‍්‍රවාහන සේවා ආරම්භ වීමත් සමඟ දුම්රියට තරගකාරී පසුබිමක් නිර්මාණය වීමයි
කැළණිවැලි දුම්රිය මාර්ගයේ අභාග්‍ය සම්පන්නම යුගය උදාවන්නේ 1970 පමණ වන විටය. මෙයට බලපෑ ප‍්‍රධානම කරුණු අතර මහා මාර්ග පද්ධති නවීකරණය වීමට සාපේක්ෂව කැළණි වැලි මාර්ගය නවීකරණය නොවීමල කැළණි වැලි මාර්ගයේ ධාවනය වූ එන්ජින්ල මැදිරි හා ගැල් සදහා අවශ්‍ය අංගෝපාංග ලෝකයේ කිසිම රටක නිෂ්පාදනය නොවීමල මහා මාර්ගවලින් ගමන් කිරීමට වඩා වැඩි කාලයක් දුම්රියෙන් ගමන් කිරීමට ගතවීම වැනි දෑය.1970 පමණ වන විට රත්නපුරයේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවත්වාගෙන ගිය ලොරි රථ උපයෝගි කරගනිමින් සිදුකරන ලද භණ්ඩ ප‍්‍රවාහන සේවාද කැළණි වැලි දුම්රිය මාර්ගයේ ආදායම් පහත වැටීමට හේතුවී ඇත.
මෙම දුම්රිය මාර්ගයේ ආදායම් බිඳ වැටීම හේතුවෙන් දුම්රිය සේවාව පරිහානියට පත්වීම පිළිබඳව සොයා බලා එය න`ගාසිටුවීමේ අරමුණින් එවකට පැවැති රජය මගින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරියකුගේ මූලිකත්වයෙන් අධික්ෂණයක් සිදුකර ඇත. මෙම කාර්ය සඳහා ඔහුට සහාය වීම සඳහා එවකට ප‍්‍රවාහන අධිකාරීවරයෙකුව සිටි I. S. ප‍්‍රනාන්දු මහතා යොදවා ගන්නා ලදී. නමුත් අවාසනාවකට එම වාර්තාවේ නිර්දේශය වී ඇත්තේ කැළණිවැලි දුම්රිය මාර්ගය පාඩු ලබන්නක් බැවින් වසා දමන ලෙසටය. මේ අනුව 1977 දී ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය වසා දමන ලදීග මෙම දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය වන කාල වකවානුව වන විට එය යුනෙස්කෝව විසින් ලෝක උරුම දුම්රිය මාර්ගයක් ලෙස ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ බවද කියැවේ.
කැළණිවැලි දුම්රිය මාර්ගය ආරම්භ වූ කාලයේදීම ඉදිකරන ලද ඉන්දියාවේ ඩාජීලීන් හිමාලයන් (Darjeeling Himalayan), කල්කා සිම්ලා (Kalka Simla), නිල්ගිරි කඳුකර පටු ආමාන දුම්රිය මාර්ගය (Nilgiri Mountain Railway), යනාදිය යුනෙස්කෝව මගින් ලෝක උරුම දුම්රිය මාර්ග ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද අතර එම දුම්රිය මාර්ග ඉන්දියාවේ සංචාරක කර්මාන්තය සඳහා ඉහළ දායකත්වයක් සපයමින් වර්තමානයෙදී ද ක‍්‍රියාත්මක වේ.
කැළණිවැලි දුම්රිය මාර්ගය මෙසේ ගලවා දමා මේ වන විට වසර 40කට වඩා අධික කාලයක් ගතවී ඇති නමුත් ඉන්පසුව රත්නපුරයෙන් බලයට පැමිණි කිසිදු දේශපාලන නායකත්වයක් හෝ සිවිල් සංවිධානයක් මගින් මෙම දුම්රිය මාර්ගය නැවත ඉදිකර දෙන මෙන් ප‍්‍රබල හ`ඩක් පැවති රජයයන් වෙත ඉදිරිපත් නොකිරීම ජාතියේ අවාසනාවකි.
ප‍්‍රධාන නගරය හරහා විකල්ප මාර්ගයක් නැති අවම වශයෙන් ට‍්‍රැෆික් ලයිට් එකක්වත් නැති ලංකාවේ එකම ප‍්‍රධාන නගරය රත්නපුරයයි. ඉතිහාසය පුරාවට සෑම වසරකදීම ගංවතුරෙන් පීඩා විඳින අපේ මිනිසුන් වෙනුවෙන් රැගෙන ආ කළු ගඟ යෝජනා ක‍්‍රමයද කාලයත් සමඟ අමතකව ගොස් ඇත.
කැළණි වැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම මගින් ලැබෙන වටිනාම ප‍්‍රතිලාභය වන්නේ එමගින් රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය න`ගාසිටුවීමට ඇති සුවිශේෂී හැකියාවයි. මෙම මාර්ගය රත්නපුරයෙන් නොනැවතී ඕපනායකල බලංගොඩල බෙලිහුල්ඔය හරහා හපුතලෙන් හෝ වෙනත් කිසියම් ස්ථානයකින් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ධ කළ හැකි නම් උඩරට දුම්රිය මාර්ගය මෙන්ම සංචාරක කර්මාන්තය කෙරෙහි මෙම දුම්රිය මාර්ගයටද ඉහළ දායකත්වයක් සැපයිය හැකිවනු ඇත. බලංගොඩල කල්තොටල බෙලිහුල්ඔය ආශ‍්‍රීත ප‍්‍රදේශ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කළ හැකි දිවයිනේ පිහිටි සුන්දරම භූමි ප‍්‍රදේශ වේ.
ඉන්දියාවේ ඩාජීලීං හිමාලයන්ල නිල්ගිරි මවුන්ටන්ල කල්කා සිම්ලාල ඔස්ටේරලියාවේ කුරන්ඩා වැනි දුම්රිය මාර්ග සංචාරක කර්මාන්තයේදී පුළුල් දායකත්වයක් සපයනු ලබන කඳුකර දුම්රිය මාර්ග වේ. මේ ආකාරයේම කඳුකර දුම්රිය මාර්ගයක්ල අත්හැර දමන ලද ඕපනායක දුම්රිය ස්ථානයේ සිට බලංගොඩ බෙලිහුල්ඔය හරහා හපුතලේ දෙසින් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ධ වන ආකාරයට ඉදිකර ගතහැකිවේ යැයි ලියුම්කරු විශ්වාස කරයි.
බලංගොඩ බෙලිහුල්ඔය බෙරගල හරහා හපුතලේට දුම්රිය මාර්ගයක් ඉදිකිරීම කළ නොහැක්කක් ලෙස ඉදිරිපත් කරනු ලබන ප‍්‍රධාන තර්කයක් වන්නේ බෙරගල හරහා හපුතලේ දක්වා ඇති අතිශය බැවුම් මාර්ගයක දුම්රියක් රැගෙන යා නොහැකි බවයිග බෙරගල පිහිටියේ මුහුදු මට්මේ සිට අඩි 3400 ක් උසිනි. හපුතලේ නගරය අඩි 4695 ක් උසින් පිහිටා ඇත. ලොව බෑවුම වැඩිම දුම්රිය මාර්ගයක් ලෙස සලකනුයේ ස්විට්සර්ලන්තයේ පිලාටස් දුම්රිය (Pilatus Railway) මාර්ගයයි. පිලාටස් නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්වමේ සිට අඩි 6801 ක් ඉහලිනි. මෙම දුම්රිය මාර්ගයේ ආනතිය 480 ක් පමණ වන්නේ යැයි කියනු ලබයි. මේ අනුව බෙරගල හරහා හපුතලේට දුම්රිය මාර්ගයක් ඉදිකිරීම කළ නොහැක්කක් නොවේ.
පැරණි කැළණි වැලි දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීම මගින් කුරුවිට හා ඒ අවට ප‍්‍රදේශයද සංචාරක පුරවරයක් ලෙස දියුණු කිරීමට අවකාශ සැලසේ. රත්නපුර නගරය එහි ඓතිහාසික වටිනාකම ඔප්නැංවෙන අයුරින් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ දියුණු කර දුම්රිය මාර්ගයද නගරය හරහා රැගෙන යාමෙන් මහනුවරල මාතලේල මාතරල බදුල්ල වැනි නගර මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගන්නා අභිමානවත් සුන්දර නගරයක් බවට පත් කළ හැක.
පැරණි කැළණි වැලි දුම්රිය මාර්ගයේ ප‍්‍රධානම දුම්රිය නැවතුම්පළ වූයේ රත්නපුර දුම්රිය ස්ථානයයි. අතිතයේ ශ‍්‍රී ලංකාව විදේශිකයන් අතර වැඩිපුරම ජනප‍්‍රිය වී ඇත්තේ රත්නපුරය නිසයි. ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් අතීතයේ Cerendib ලෙස හඳුන්වන ලද දූපතේ රත්නපුර (The Gem City) නගරය පිළිබඳව සිය සංචාරක අවධානය නිතැතින්ම යොමු කරනු ඇත. රත්නපුර හා ඒ අවට ද සංචාරය සඳහා සුදුසු ස්ථාන ඕනෑ තරම් පවතී.
සමන් දේවාලය හා එතිහාසික පොතගුල් රජමහා විහාරය පිහිටා ඇත්තේ රත්නපුර නගරය ආසන්නවමය. පැරැන්නන් සිරිපා කරුණා කරන ලද ඓතිහාසික මාර්ගය රත්නපුර ගිලිමලේ මාර්ගයයි. රත්නපුර සිට වේවැල්වත්ත හරහා බලංගොඩ දක්වා ඇති මාර්ගය ඉතාම සුන්දර දියඇලි ගණනාවක්ම නැරඹිය හැකි අතිරමණිය කඳුකර ගමන් මාර්ගයකි. වර්තමානය වන විට දේශීය සංචාරකයන්ගේ අවධානයට මෙම ප‍්‍රදේශය බෙහෙවින් ලක්ව ඇත. අළුපොළ ඇල්ලල දෙහෙන ඇල්ලල මාපලාන ඇල්ල ඇතුළු සුන්දර දියඇලි ගණනාවක් රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ගමන් ගන්නාවිට නැරඹිය හැක. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කෞතුකාගාරය (ඇහැලේපොළ වලව්ව) මෙන්ම ලංදේසීන් හා පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි ගණනාවක්ම රත්නපුර නගරයේ පිහිටා ඇත.
