~~//...හායි හස්‌බන්ඩ් අංකල්...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...හායි හස්‌බන්ඩ් අංකල්...!!!

වසර 3 ක් රට සිට ආ බිරිය සැමියාට අංකල් කියලා..!!!:shocked::oo::baffled::rofl:

MoNsl.jpg


24-02-2012 ලංකාදීප -කරුවලගස්වැව ජයරත්න වික‍්‍රමආරච්චි

වසර තුනක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කොට සිය නිවසට පැමිණි දා තම සැමියාට ”අංකල්” යැයි කියා ආමන්ත‍්‍රණය කළ කතකගේ පවුල් ජීවිතය අනූනවයෙන් බේරුනාලූ.
තරුණ දෙදරු මවක වූ මෙම කාන්තාව සිය සැමියාට එසේ ආමන්ත‍්‍රණය කර ඇත්තේ ඇය එදින නිවසට පැමිණෙන විට රැගෙන ආ බඩු පෙට්ටියක් වාහනයෙන් බිමට බෑම සඳහා කි‍්‍රයාකළ අවස්ථාවේ දී බවද පැවසේ.
මෙහි සිටි කීප දෙනෙකු එක්වී එම බඩු පෙට්ටිය බිමට බෑමට සුදානම් වූ අවස්ථාවේදී එතෙක් පසෙක වී සිටි සැමියාද එහි කෙළවරකට අත තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ ”අනේ අංකල්ට බෑ ඉන්න මං අල්ලනැයි” කියා එය වළක්වා ඇති බිරිය ඒ සඳහා ඇය ඉදිරිපත්වී ඇත. මේ අවස්ථාවේ දී පිරිස ඉදිරියේ ලජ්ජාවටත්, කෝපයටත් පත් එම පුද්ගලයා අවුරුදු තුනට තමන්ගේ මිනිහත් අමතක වුනාදැයි අසමින් ශබ්ද කෝෂය හිස් කළාලූ.
මෙහිදී ඊට මැදිහත්වූ කීපදෙනකු නිසා පසුව සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකිවී තිබේ. සැබෑවටම මෙය එම කාන්තාව හිතාමතාම කළ දෙයක් නොවන බවද සිදුවී ඇත්තේ වසර තුනක් නොසෑහෙන සේ මතට ඇබ්බැහිවූ මෙම පුද්ගලයා නිතර දකින අයකුට හැර වෙනත් අයකුට හඳුනාගත නොහැකි තරමට වෙනස්වී සිටීම බව ගැමියෝ කියති. බිරිය එවූ සල්ලිවලින් ඔහු වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ ගමේ කසිප්පු මුදලාලි ළඟලූ.
 

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අඩෝ සිරා සීන් 1ක් ද බන්??? පිස්සු ගෑනියෙක් නේ??? මිනිහ ඉන්නවට වැඩිය හොදි පු* පොලවෙ ගහගෙන මැරෙනවා!!!:angry::angry:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අඩෝ සිරා සීන් 1ක් ද බන්??? පිස්සු ගෑනියෙක් නේ??? මිනිහ ඉන්නවට වැඩිය හොදි පු* පොලවෙ ගහගෙන මැරෙනවා!!!:angry::angry:
    ගෑනිට බැනල වැඩක් නැහැ.
    මෙහෙම තමයි ඇතැම් පිරිමි.
    ගෑනි රට ගිහින් දුක් මහන්සියෙන් හම්බකරන ඒව අරක්කු තැබෑරුම් වලට වියදම් කරල, ළමයින්ටත් උගන්නන්නෙ නැතුව පිස්සු කෙලිනව..