හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්‌, බතක්‌, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්‌ ඇසෙනු ඇත.

"සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක්‌ බඳිමු ද?"

කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.
fishies.jpg

ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස්‌ මාංශ නොවළඳන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක්‌ වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.

ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර.

හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?

ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුදගයෙක්‌ නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස්‌ පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි.

ඔබ මෙවන් අවබෝධයක්‌ ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක්‌ බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක්‌ වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න.
Spicy%20fried%20sprats%20with%20lemon-246313.jpg

සසර නැවත මව්කුසක්‌, බිත්තරයක්‌ තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය.


"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක,
මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්,
වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට
පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
අනුනටද අනුකම්පා කෙරේවා!
වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!
තමා තමාටම පිහිටකොට ගනිත්වා.."

images+(40).jpg

ඉරිදා දිවයින
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඇත්තටම හොඳ වැඩක්. මේ වගේ දේවල් අන්තර්ජාලය හරහාත් ප්‍රසිද්ධ කරන්න උත්සහ කරන්න ඕනා තව තවත්.

අපි අවට තියෙන හැම දේකින්ම අපිට යම් තරමකට ප්‍රඥාවක් තියෙනවානම් භාවනා කමටහන් ගන්න පුළුවන්. නමුත් ඒවායේ ඉදිරියට යද්දි මේ වගේ අදහස් පලකරන ස්වාමීන් වහන්සේලාගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා.