හාල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
මේ අතර වෙළඳ පොළේ සහල් මිල ඉහළ යෑම වැළෑක්වීම සඳහා සහල් මෙට්ට්රි ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.
සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95/-කටද නාඩු කිලෝවක් රුපියල් 98/- කටද සම්බා කිලෝවක් රුපියල් 103/- කීරී සම්බා කිලෝවක් රුපියල් 125/- කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
කැබිනට් මණ්ඩල තීරණය අනුව සහල් මිල පාලන ගැසට්ටුව අහෝසි වනු ඇත.
මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබු නමුත් කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත.
https://www.lankadeepa.lk/news
------ Post added on Sep 27, 2021 at 11:43 PM