
,
හාල් කිරියා
මඳක් බැදගත් හාල් පිටි 130g
කලු සීනි / දුඹුරු සීනි / රතු සීනි - 200g
උකු පොල් කිරි 130ml
වතුර 250ml
එනසාල් කුඩු ටිකක්
බැද ගත් මාදුරු ටිකක්
ලුණු සවල්පයක්
ඕනෑ නම් බැදපු කජු ටිකක් හෝ තල ඇට ටිකක්
-පොල් කිරි, වතුර, සීනි, හාල් පිටි, ලුණු බාජනයක දමා දිය කර ගන්න.
(මේ කිරි, වතුර දාන ප්‍රමාණ හරියටම මනින්න ඕන නෑ. * සීනි වුණත් රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්.)
-දැන් ලිපේ (මඳ ගින්දරේ) තබා හැඳි ගාන්න. ඉක්මනින් ඝන වී ගෙන එන නිසා දිගටම හැඳි ගාන්න.
-ඝනවී එන විට එනසාල් කුඩු, මාදුරු, කජු දමා දිගටම හැඳි ගාන්න.
-එකට ගුලියක් වගේ හැදී ගෙන එන විට හැන්දට ටිකක් අරගෙන අල්ලලා බලන්න.
(ඇඟිල්ලේ ඇලෙන්නේ නැති ගතියට ඇවිල්ලා නම් පදම හරි.)
-දැන් මිශ්‍රණය තැටියක දමා තුනී කර කෑලි කපා ගන්න.
*දාන සීනි වල පාට අනුව හෝ පැණි ප්‍රමාණය අනුව හෝ හාල් පිටි වල පාට අනුව කිරියා වල පාටත් වෙනස් වෙනවා.
කටට රසට