හැකින්(ග්) මුල සිට සරලව.....
මේ දවස් වල ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙන එකක් තමයි තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් ජීමේල් යාහූ එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් තමන්ගෙ බ්ලොග් එක හැක්වෙලා කියන කතාව. ඒ වගේම ගොඩක් අය ඉගෙන ගන්නත් උනන්දු මාතෘකාවත් තමා මේ හැකින් කියන්නෙ.මොකද මම දැකල තියෙනව ගොඩක් ෆෝරම් වල තියෙනව ජීමේල් යාහූ එහෙමත් නැත්නම් ෆේස්බුක් හැක් කරන්න සොෆ්ට්වෙයාර් දෙන්න කියල ඉල්ලල තියෙනවා. ඉතින් මම හිතුවා අද ඔයාලට කොහොමද යාහූ ජීමේල් ෆේස්බුක් එකවුන්ට් එකක් හැඛ් කරන්නෙ කියල. හොඳට පුරුදු උනොත් ඔයාලත පුලුවන් මම මේ කියල දෙන ක්රමෙන් වෙබ් සයිට් එකක ඇඩ්මින් එකවුන්ට් එකත් හැක් කරන්න. ඉතින් වැඩි කතා ඕනෙ නෑ නෙ. අපි කෙලින්ම බහිමු වැඩේට.
මේ වැඩේට අපිට ඕන පොඩි ටූල් ටිකක්. බයවෙන්නෙපා.මේව දැනටමත් ඔයාල ගාව තියෙනවා. අපිට වැඩි මහන්සියක් නැතුව වැඩේට බහින්න පුලුවන්.මෙන්න මේව තමා ඕන කරන්නෙ.
දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඔයාලට හැක් කරන්න ඕන කෙනාගෙ යූසර්නේම් එක හරි එහෙමත් නැත්නම් ඒ අදාල ඊමේල් ඇඩ්රස් එක හොයා ගන්න එක. මේක ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්නෙ. ඊලඟට තමා අමාරුම වැඩේ. ඒ තමයි මේ හැක් කරන්න යන එකවුන්ට් එකට අදාල පාස්වර්ඩ් එක හොයාගන්න එක. දැන් මේ ටික කරල ඔයාලට මහන්සිත් ඇතිනෙ. එහෙනම් මේ තේක බීල ඉන්නකෝ. අපි ඊට පස්සෙ බලමු කොහොමද පාස්වර්ඩ් එක හොයාගන්නෙ. ප්රොග්රැමින් දන්නෙ නැති කට්ටිය බයවෙන්නෙපා අපි කොහොමද කෝඩ් ලියන්නෙ අපි ඕව දන්නෙ නෑනෙ කියල. බයවෙන්නෙපා මම කාටත් තේරෙන විදිහට තමා වැඩේ කියල දෙන්නෙ. එහෙනම් ඉතින් බය නොවී අපි බහිමු වැඩේට. ආ අමතක උනානෙ, මේ තේක බීල ඉන්න. නැත්නම් ඇල් වෙයි.
දැන් තමා වැඩේ ඉතුරු ටික. ඒ කිව්වෙ පාස්වර්ඩ් එක හොයා ගන්න එක. මේක තමා ලේසිම කොටස. ඔයාලට කරන්න තියෙන්නෙ ඕගොල්ලො අර කලින් ඊමේල් එක හොයා ගත්තනෙ හැක් කරන්න ඕන එකවුන්ට් එක අයිති කාරයගෙ. ඒ මනුස්සයට වැඳල හරි කමක් නෑ පොඩ්ඩකට පාස්වර්ඩ් එක ඉල්ල ගන්න. එච්චරයි. වැඩේ සිම්පල්. දැන් ඉතින් යූසර්නේම් පාස්වර්ඩ් දෙකම තියෙනවනෙ.හැක් කරපු එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න. ඔයාලට මේ ක්රමේ අනුගමනය කරල ලේසියෙන්ම ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතියගෙ එකවුන්ට් එක ලේසියෙන්ම හැක් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අත්හදා බලල කියන්නකෝ.

- වැඩකරන තත්වයේ කම්පියුටර් එකක්. මේක තරමක් වේගවත් වන තරමට වැඩේ ලේසියි.
- ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්

Last edited: