හැදියාව...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි. එනම් නබිතුමන්ද තමන්ගේ පැමිණිම මිනිසා තුළ හොඳ හැදියාවක් ඇතිකිරිමයි




    “හැදියාව” යන වචනය නිරන්තර කතාබහට ලක්‌වන්නකි. එය ඉංග්‍රීසි බසින් ඨදදා ඊරුedසබට යනුවෙන් දැක්‌වේ. එක්‌ එක්‌ පුද්ගලයන්ගේ හැදියාවන් වෙනස්‌ය. ඒ සඳහා විශේෂම හේතුව ඔවුන් සිටින පරිසරයයි. එනම් ඔවුන්ගේ දෙමාපියන් කතාබහ කරන විලාසය, පාවිච්චි කරන වචන ශිෂ්ට නම් ළමයින්ගේ කතාබහත් ශිෂ්ටයි. වැඩිහිටි ගෞරවය ආරක්‌ෂා වන පරිසරයක්‌ නම් පුංචි ළමයින්ද වැඩිහිටි ගෞරවය රකිනවා. එමෙන්ම ආගම දහම පිළිබඳ නැඹුරුවක්‌ ඇත්නම් ඒ තුළින් මනා සංවරභාවයක්‌ සෑම ජීවිතයකටම ලැබෙනු ඇත. යම් කිසිවෙකු මෙවැනි යහපත් පරිසරයක ජීවත් වේ නම් ඒ පුද්ගලයා හික්‌මුණු කෙනකු වනු ඇත. එවැනි අය උඹ, තෝ, වරෙන්, පලයන් ආදී වචන ද පාවිච්චි නොකරනු ඇත. එයට හේතු නම් එම පරිසරයේ එවැනි වචන පාවිච්චිය නොමැති නිසාය. තම ආගම දහමට යොමු වීමෙන් ඒ පුද්ගලයා සන්සුන් වූ මනසක්‌ ඇති කෙනකු වනු ඇත. ඒ නිසා උදේ සවස වන්දනා කිරීම සඳහා කාලය යොදා ගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා.


    දැන් සමාජයෙන් ගිලිහී යන උතුම් සාර්ධර්මයක්‌ ඇත. එනම් වැඩිහිටියන්ට ගෞරව දැක්‌වීමයි. පුටුවක වාඩි වී සිටින විට වැඩිහිටි කෙනෙක්‌ ආවොත් ඉන් නැගිට ආචාර දක්‌වන්නේ කී දෙනෙක්‌ද… සැලකිය යුතු කෙනාට සලක්‌නන ඕන. ගරු කරන්aන ඕන කෙනාට ගරු කරන්න ඕන. විශේෂයෙන් ආගමික උතුමන්ට ගරු සත්කාර කළ යුතුමයි. යම් කෙනෙක්‌ එවැනි ගරු කළ යුතු කෙනකුට අගෞරවයෙන් සිටිනවා නම් ඒ පුද්ගලයා පිරිහුණු කෙනෙක්‌. නැතිනම් පිරිහීමට පත්වෙමින් සිටින කෙනෙක්‌.


    සමහර ස්‌ථාන තිබෙනවා කිසිම චාරයක්‌ නැති. ඒ ස්‌ථානවල සිටින ප්‍රධානියොත් එහෙමයි. වෙලාවකට වැඩක්‌ කරන්න තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියාම එළිවෙනව, රෑ වෙනවා පේන්නෙ නැහැ. ඇඳුම පැළඳුම වුවත් කිසිදු පිළිවෙළක්‌ නැත. ඇඳුම් පැළඳුම් කෙතරම් තිබුණත් ඒවා නිසි තැනට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් තමාගේ අඩුව කැපිල පෙනෙනු ඇත. විශේෂයෙන් පන්සලකට පැමිණෙන විට සුදු ඇඳුමින් සැරසී එන්න පිළිවන් නම් ඉතා යෝග්‍යය. කලු ඇඳුමක්‌ ඇඳගෙන ආවොත් එහි නොගැලපෙන භාවයද පැහැදිලිව පෙනෙනවා. සමහර කාන්තාවන් පන්සලට එන්නෙත් බාත්රූම් එකට යනව වගේ ඇඳුම් ඇඳගෙනය. එවැනි ඇඳුම් ඇඳගෙන එන අයට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවන බව නිරන්තරයෙන් අසන්නත් ලැබෙනවා. සමහර අයට මොන ඇබැද්දිය වුවත් දවසක්‌ දෙකක්‌ යන විට අමතක වෙනවා. ඒ ඔවුන්ගේ හැදියාවයි.


    එසේම, සමහරු “පිරිසිදු” කියන වචනයවත් දන්නේ නැති වගේය. දත් ටික මැදගන්න, ඇඳුම පිරිසිදු කරගන්න, කොණ්‌ඩේ පීරගන්න, ඉන්න ස්‌ථානය පිරිසිදු කරගන්න කිසිදු වුවමනාවක්‌ නැත. ශරීරය පිරිසිදු කරගන්න, නියපොතු කපන්න කිසිම අවශ්‍යතාවක්‌ නැත. යක්‌ෂයන්ගේ, යක්‌ෂණියන්ගේ නියපොතු වගේ තියන අයත් ඉන්නවා. ඒ විතරක්‌යෑ, කොයි මොහොතක හෝ අත ඉස්‌සුවොත් කිහිල්ලෙන් හමන නෝගඳ අනෙක්‌ අයට ඉවසාගත නොහැකි වනු ඇත. ඒ නිසා තමන් නිරන්තරව අනෙක්‌ කෙනාට අප්‍රිය වන හැටියට ඉන්න එපා. එහෙම ඉන්නව නම් ඔබ කරන්නේ අන් අයට කරදරයකි. කෙටියෙන්ම ලියනව නම් තමන් නාලා පිරිසිදුව ඉන්නවා කියන්නෙ සමාජ සේවයක්‌.


    සමහර අයගේ පුදුම හැදියාවක්‌ තිබෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අයට විශේෂ වූ පුරුද්දක්‌ ලෙස ඉන්න තැන කෙළ ගැසීම දැක්‌විය හැකිය. මිදුලේ වුවත්, පාරේ වුවත්, බස්‌ හෝල්ට්‌ එකේ වුවත්, බස්‌ ස්‌ටෑන්ඩ් එකේ වුවත් කොතැනක වුවත් කතා කරමින් ඉන්න ගමන් එතනම කෙළ ගහනවා. මෙතන කෙළ ගැසීම හොඳ නෑ නේද… අනෙක්‌ අයට පෑගෙයි නේද කියල කිසිම සිතක්‌ ඇති වන්නේ නැත. උදේ පාන්දරක බලන්නකෝ පාරේ තොටේ හැම තැනම කෙළ ගහල හරියට සනත් ජයසූරිය හතරේ පාරවල් හතර පැත්තට ගහන්න වගේ හැරුණු හැරුණු පැත්තට කෙළ ගහනවා. සමහර අවස්‌ථාවල පසුපසින් එන අයටද කෙල වදින අවස්‌ථා ඇත. විශේෂයෙන් උදේ පාන්දර පාරෙත්, බස්‌ හෝල්ට්‌වලත්, බස්‌ ස්‌ටෑන්ඩ්වලත් අඩිය තියන්න බැරි තත්ත්වෙට පත්වෙනවා. බුලත් කෙළ පාරවල්ද හැමතැනම. බස්‌ එකේ යන ගමනුත් ජනේලයෙන් කෙළ ගහනවා. ආයෙ ඉතින් තවත් කෙනෙක්‌ ගැන හිතන්නේ නැත. මේවා එක්‌ එක්‌ පුද්ගලයන් ඇබ්බැහි වී ඇති දේවල්ය. මෙයින් වළකින එක අමාරු දෙයක්‌ නොවේ. සිංගප්පූරුව වැනි රටවල්වල පාරේ කෙළ ගැසීම තහනම්. කෙළ ගහල අහු වුණොත් දඩ. ඒ නිසා ඒ රටවල් පිරිසිදුවට තබාගෙන තිබෙනවා.


    ඒ වගේම ටොපියක්‌ කෑවොත් ටොපි කොළේ බිමට දානවා. වෙනත් කෑමක්‌ බීමක්‌ වුවත්, එහි කොළ කෑලි මාළුපිනිත් එක්‌කම පාරට වීසි කරනවා. බලන්නකෝ, ලංකාවේ ප්‍රධාන නගරය කෙතරම් අලංකාරද කියල. අපේ මැති ඇමැතිවරු දේශපාලනඥයෝ විදෙස්‌ රටවලටත් යනවනේ. ඒ යන වෙලාවෙ මතක්‌ වෙන්නේ නැද්ද, අයියෝ කොළඹ නගරයවත් පිරිසිදු නගරයක්‌ බවට පත්කරන්න ඕන කියලා. වෙනත් රටවල මිනිස්‌සු ලංකාවට ආවම මෙහි කොලොම්පුරේ ශ්‍රියා දකින කොට මොනව හිතෙනවැද්ද? කොළඹ ඕල්කට්‌ මාවත ආශ්‍රිත ප්‍රදේශය මොන තරම් අපිරිසිදුවට පත්වෙලාද? තැන් තැන්වල කූඩාරම් කෑලි, තැන් තැන්වල කුණු ගොඩවල්, හැමතැනම දුගඳ හමනවා. ඇත්තටම මේව රට හදන, රට හදන්න දඟලන අලුගුත්තේරුවන්ට පේන්නේ නැද්ද? ලංකාවේ ප්‍රධාන නගරය මෙසේ අප්‍රසන්නව තිබෙන විට ලැ-ජාව කාටද හිමිවෙන්නේ.:dull:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මතට තිත” වැඩසටහන ආරම්භ කළ පළමු කාලය තුළ ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්පානය කිරීම බොහෝ දුරට අවම විණි. නමුත් දැන් සුපර් මාර්කට්‌වල, බස්‌ හෝල්ට්‌වල, බස්‌ ස්‌ටෑන්ඩ්වල සහ සමහර බස්‌වල රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් බසය තුළම දුම්පානය කිරීම දකින්නට ලැබෙනවා. ඔවුන්ට දිගට හරහට දඩ ගහනව නම් නීති යළිත් ක්‍රියාත්මක වේවි. සමහරු සිගරැට්‌ පත්තු කරගෙන සතර දිසාවටම දුම් වළලු අරිනවා. අනෙක්‌ අය ගැන කිසිදු තැකීමක්‌ නැත.:angry:

    ඒ වගේම කිවිසුන් යන විට (කැස්‌ස) හෝ ඈනුම් යන විට අතින් හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කළ යුතුය. එහෙත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ කහින විට ජරාස්‌ ගාල මුළු ස්‌ථානයේම කෙළ පවා විසිරෙන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. අනෙක්‌ මිනිස්‌සු ගැන අංශු මාත්‍රයකවත් අවධානයක්‌ නැත. කිවිසුම් යැමෙන් ඒ ශරීරවල ඇති විෂ අනෙක්‌ පුද්ගලයන්ට ප්‍රවේශ වන්නට පිළිවන්. ඒ නිසා එවැනි අවස්‌ථාවන්වලදී ශිෂ්ට සම්පන්නව කටයුතු කරන්න.:D


    සමාජයේ ඒ ඒ ස්‌ථානවලදී හැසිරිය යුතු ආකාරයක්‌ ඇත. මිනිසාට ඒ විශේෂතාවන් දැන හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුමයි. එසේ නැතිනම් අනෙක්‌ සත්ත්වයන්ගේ හා මිනිසුන්ගේ වෙනසක්‌ දකින්න විදියක්‌ නැහැනේ. තමන් කතා කරන වචන කතා කරන විලාසය, ශබ්ද පාලනය ආදී හැමදෙයක්‌ම දැනගත යුතුය. එසේ නොවුණහොත් අනිත් අය ඔබට කට වාචාලයා කියන්නත් පිළිවන්.


    තමාගේ වාහනය කොහේ හෝ තැනක නවතා දැමීමේදී අන් අයට අවහිරයක්‌ නොවන සේ එය කළ යුතුය. බොහෝ විට දකින්නට ලැබෙන්නේ තම වාහනය අනෙක්‌ කෙනාගේ වාහනය ගන්නට නොහැකි ආකාරයට නවතා තැබීමයි. සමහරු ගේට්‌ටුව අවහිර වන සේ වාහන නතර කර තබනවා. ඒ වගේම ප්‍රධාන මාර්ගවල ද සමහරක්‌ පිස්‌සු නටන ආකාරය දකින්නට ලැබෙනවා. මේ සෑම දේකින්ම කියා පාන්නේ අනුන් ගැන තුට්‌ටුවකටවත් මායිම් නොකරන නිසාය. අන් අයගේ අවශ්‍යතා දැනගෙන අනෙක්‌ අයගේ පහසුව සිතන පතන පරිසරයක සිටියා නම් එවැනි ආකාරයේ ආත්මාර්ථකාමී වන්නේ නැත. :nerd:



    ඒ වගේම අපේ සමහර දෙනා බණ ශාලාවකට හෝ වෙනත් ස්‌ථානයකට හෝ ගියාම එම ස්‌ථානයේ ඇතුලේ කෙතරම් ඉඩ තිබුණත් වාඩි වෙන්නේ දොරකඩ අහුරාගෙනය. ඒ අයට කොහෙත්ම සිතන්නට ඔලුවක්‌ නැහැ. එතනින් යන එන්නන්ට බාධාවක්‌ බව වැටහෙන්නේම නැත.


    මේ නිසා තම හැදියාව නිරන්තර යහපත් කරගත යුතුය. තමා තුළ තිබෙන අලුගුත්තේරු ඇබ්බැහිවීම් දැන හඳුනාගෙන අයින් කළ යුතුය. තමාගේ සැප විහරණය පමණක්‌ නොව අනෙක්‌ පුද්ගලයාගේ සැපත සතුට ගැන ද සිතා කටයුතු කරන්න. අනෙක්‌ අයට කරදරයක්‌ හිරිහැරයක්‌ වන කිසිදු දෙයක්‌ කරන්නට පෙළඹෙන්න එපා. අනෙක්‌ පුද්ගලයාගේ අවශ්‍යතාවනුත් දැන හඳුනාගෙන ජීවත් වෙන්න. එයයි උතුම් මනුෂ්‍යත්වය.:D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව නම් අන්තිමයි. ඒත් මිනිස්සු කවදාවත් වෙනස් වෙන්න නම් හිතන්නේ නෑ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජසාකල්ලාහ්හයිර්

    බාරක අල්ලාහ්...:)
    ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව නම් අන්තිමයි. ඒත් මිනිස්සු කවදාවත් වෙනස් වෙන්න නම් හිතන්නේ නෑ

    මොනා කරන්නද යාලු..කියන එක අපේ යුතු කමනේ මේක බලලා එක්කෙනෙක් වත් හැදුනොත් ලොකු දෙයක්....:):)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව නම් අන්තිමයි. ඒත් මිනිස්සු කවදාවත් වෙනස් වෙන්න නම් හිතන්නේ නෑ
    ඇමති වරුන්ගෙ හැදියාව ගන්න දෙයක් නෑ...:no:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    ඒ වගේම ටොපියක්‌ කෑවොත් ටොපි කොළේ බිමට දානවා. වෙනත් කෑමක්‌ බීමක්‌ වුවත්, එහි කොළ කෑලි මාළුපිනිත් එක්‌කම පාරට වීසි කරනවා. බලන්නකෝ, ලංකාවේ ප්‍රධාන නගරය කෙතරම් අලංකාරද කියල. අපේ මැති ඇමැතිවරු දේශපාලනඥයෝ විදෙස්‌ රටවලටත් යනවනේ. ඒ යන වෙලාවෙ මතක්‌ වෙන්නේ නැද්ද, අයියෝ කොළඹ නගරයවත් පිරිසිදු නගරයක්‌ බවට පත්කරන්න ඕන කියලා. වෙනත් රටවල මිනිස්‌සු ලංකාවට ආවම මෙහි කොලොම්පුරේ ශ්‍රියා දකින කොට මොනව හිතෙනවැද්ද? කොළඹ ඕල්කට්‌ මාවත ආශ්‍රිත ප්‍රදේශය මොන තරම් අපිරිසිදුවට පත්වෙලාද? තැන් තැන්වල කූඩාරම් කෑලි, තැන් තැන්වල කුණු ගොඩවල්, හැමතැනම දුගඳ හමනවා. ඇත්තටම මේව රට හදන, රට හදන්න දඟලන අලුගුත්තේරුවන්ට පේන්නේ නැද්ද? ලංකාවේ ප්‍රධාන නගරය මෙසේ අප්‍රසන්නව තිබෙන විට ලැ-ජාව කාටද හිමිවෙන්නේ.:dull:

    බුහාහාහාහ්හ්හ් ...ආසියාවේ ආශ්චර්ය...:D
     

    raja20

    Member
    Sep 26, 2010
    20
    13
    0
    ”එන්න අප අඩවියට එහි අප අපගේ අදහස් විශ්වාසයන් බෙදා ගනිමු ඒ සදහා මේ තැන විවෘත වේදිකාවක් කරගනිමු. මෙය යහමග සොයන අඩවියයි. මෙහි මිත්‍යාවන්ට, අන්ධභක්තියට හෝ පදනම් විරහිත පාරම්පරික සම්ප්‍රදායන්ට ඉඩ නැත. ඇත්තේ අවංකකම, විවෘතකම හා බුද්ධිය මත පදනම් ව කරනු ලබන අලංකාර තර්ක විතර්ක පමණි.”
    http://www.elakiri.com/forum/group.php?groupid=171