හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

    අපරාදෙ කියන්න බෑ ශෝක් කතාව. ඇස පිනවනවා. රොබරියක් ගැන සීන් එකක් තියෙනේ. හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්.

    රොබරිය දෙන්නේ මෙහෙමයි.

    මුන් මාස ගානකට කලින් එකතුවෙනවා.ඊට පස්සේ ප්ලෑනක් ගහනවා දියමන්ති වගයක් උස්සන්නම්. (මෙතන වෙනම කතාවක් තියෙන්නේ, ඒක දැනගන්න ෆිල්ම් එක බලන්න )
    දියමන්ත තියෙන සේප්පුව කතා නායකයගේ තාත්ත හඩපු එක නිසා ඔක්කොම විස්තර දන්නවා. ලොකු ගේමක් දෙනවා මුන් සෙට් එක. සේප්පුවට කියන්නේ ශාලිමා කියලා, මේ ශාලිමා එකට යන්න පුලුවන් හොදම් මාර්ගය තියෙන්නේ 9සී කියන හොටෙල් රූම් එකක. ඒත් මේ හොටෙල් රූම් එක ගන්න බෑ මොකද ඒ වෙනකොට පවත්වන නැටුම් තරගයක් නිසා ඒ රූම් එක වෙන් කරල තියෙන්නේ.

    ඉතින් අපේ කතා නායකයා ගහනව පොඩි ප්ලෑනක්, ඒ තමයි මුන් සෙට් එක ඒ නැටුම් තරගෙට ඉදිරිපත් වෙන එක. පස්සේ කොපුටර් ජිල්මාර්ට් එකක් දාල කොහොම හරි රූම් එක ගන්නවා.

    දැන් වැඩේ හරි. දැන් තියෙන කේස් එක තමයි ශාලිමා එක වටේ තියෙන ලේසර් ෆීල්ඩ් එකයි, රූම් එකෙන් ඇවිත් ශාලිමා එකට ඇතුල් වෙන තැන තියෙන බිත්ටියෙ තියෙන දොරටුවයි.

    මේ ශාලිම එකට ඇතුල් වෙන්න පිලුවන් දෙන්නෙකුට විතරයි. එක්කෙනෙක් තමයි දුශ්ටයා අනෙකා තමයි දුශ්ටයගේ පුතන්ඩියා.
    මේ පුතන්ඩියා වගේ පෙනුමක් තියෙන එකෙක් ඉන්නවා අපේ හොර රැල අතරේ. මුන් කරන්නේ ඌව දුශ්ට පුතා වගේ අන්දලා ශාලිමා ඇතුලට යවලා ඇතුලෙන් අර බිත්තියෙ තියෙන දොර පාදන එකයි. (මේක කරන හැටිත් ෆිල්ම් එකෙන්ම බලන්න.)

    ඔන්න වැඩේ පටන් ගන්නවා, හොරු දෙන්නේක් අර රූම් එකේ ඉදන් ශාලිම එකට බඩ ගානවා. දුශ්ට කොලුව වගේ එකා ශාලිම එකට ඇතුලු වෙලා බිත්තියෙ තියෙන දොර පාදල රූම් එකේ ඉඳන් ආව හොරු දෙන්නව ඇතුලට අරගෙන ආපහු යනවා.
    ඊට පස්සෙ අපේ කොපූටර් කොලුවා කොහොම හරි ලේසර් ෆීල්ඩ් එක අයින් කරනවා.
    කොහොමහරි සේප්පුවේ උගුල කඩල ඇතුලට යනවා. දියමන්ති ටික ගන්නවා. හදිසියෙම සේපුවේ දොර ලොක් වෙනවා. මුන්ට යන්න බැරිවෙනවා. (ප්ලෑනෙම කොටසක්) ඔන්න දැන් ශාලිමවේ ඔක්සිජෙන් එන්න තියෙන බටය මාරු කරනවා වතුර බටයක් එක්ක, දැන් ශාලිමාව වතුරෙන් පිරෙනවා, මුන් දෙන්නා ටික ටික උඩ යනවා වතුරත් එක්ක. එහෙම ගිහින් මුදුනටම ආවම වහලෙ රවුමට පුපුරන ද්‍රව්‍ය දාල පුපුරවනවා. එහෙම හැදෙන හිලෙන් මුන් දෙන්න ශාලිමාවෙන් ඉවත් වෙනවා. මුන් මුකුත් උනෙ නෑ වගේ රටින් පනින්නයි කල්පනාව. ඒත් කල්ලියේ හිටපු කෙල්ල නටන්න ඕනේ නිසා තරගයෙ නැවතිනවා. අනිත් උන් ටිකත් එනවා. හොදට නටනවා. වැඩේ කියන්නේ තරගෙට එන්න කලින් මුන්ට අතක්වත් තාලෙට වන්න ගන්න බෑ. ඒත් අන්තිම නැටුම දෙනව කොර වෙන්න. මම හිතන්නේ රොබරිය සාර්ථක උන නිසා ඒ මොරාල් එකෙන්ම නටන්න ඇති. කොහොම හරි මුන් තරගුනුත් දිනලා දියම්න්තීත් අරගෙන යනවා.

    ඔන්න කතාව කෙටියෙන්


    දැන් බලන්න මුන් මාස ගානක් තිස්සේ කරපු දේවල්,
    *මාස ගානක් ශාලිමා ආකෘතියක් එක්ක පුහුනුවිම් කලා
    *නැටුම් ඉගෙන ගත්තා
    *නැටුම් විනිසුරුවන්ව බ්ලැක්මේල් කලා
    * නැටුම් තරගය හැක් කලා
    *හොටෙල් රූම් හැක් කලා
    *රූම් එකෙ ඉදන් ශාලිමාවට බඩ ගෑවා
    *හොර දුශ්ට කොලුවගේ කොපිය හැදුවා
    *ශාලිම සිකියුරිටි සිස්ටම් එක හැක් කලා

    අම්මෝ වැඩ ගොඩයි.

    දැන් මේක බලද්දි මගේ ටිකිරි මොලේට දැනුන දෙයක් තමයි මේ හොරකම කරන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙ නෑ කියන එක.

    ඔන්න මෙහෙමයි, දැන් මුන් දෙන්නෙක් ශාලිමා ඇතුලේ ඉඳන් වතුරත් එක්ක උඩට ගිහින් වහලේ පුපුරවලා එලියට ගියානේ.ඇයි මුන්ට බැරි උනේ වහලෙ පුපුරවලා එතනින් ශාලිමා එකට ඇවිත් දියමන්ති ටික අරගෙන යන්න?:rofl:
    එච්චර ලේසි ක්‍රමයක් තියෙද්දි ඇයි මුන් හෙන විගඩමක් නැටුවේ?
    :P

    ඔෆිස් එකේ අද ටිකක් කම්මැලි බන් ඒකයි පිස්සු ත්‍රෙඩ් එකක් දැම්මේ.ගනන් ගන්න එපා හොදේ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපෝ ඔව් කිසි වැඩක් නැති ෆිල්ම් එකක්.
    හිතන්න දෙයක් තිබ්බා:rofl:
    uba kiyana widihata kalanam film1 5minutes walin iwara wenawane yako
    :growl::growl::rofl::rofl::frown::frown::P:P:angry::angry::angry:
    ඒකත් ඇත්ත තමයි සහෝ. ෆිල්ම් එක දික් කරගන්න සහ සින්දු ටික ඔබාගන්න කලා වෙන්න පුලුවන්:rolleyes:
    :lol: Kisi thrill ekak nane malli oyage method eke :( mokakda oka? ona kenekta karanna puluwan..shah ruk khan wa ganna oneda ehenam? :angry:

    කබයක් දිගේ ශාරුක් කන්නන්ගර පහල ඇවිත් දියමන්ති ටික අරන් යනකොට තියෙන ගතිය කොහොමද?
    :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar63803_8.gif
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම බලපු chaterma ෆිල්ම් 1ක් බන්,මොංගල් සීන් වැඩි...ඊයේ මන් බැලුව baby කියලා අක්ෂයගේ 1ක්..එකනම් සුපිරි..අන්න ෆිල්ම්
     
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම බලපු chaterma ෆිල්ම් 1ක් බන්,මොංගල් සීන් වැඩි...ඊයේ මන් බැලුව baby කියලා අක්ෂයගේ 1ක්..එකනම් සුපිරි..අන්න ෆිල්ම්
    trailer eka nam patta. DVDscr ekak tiyenawa. down wenna damma balamuku:D
     
    • Like
    Reactions: kellsupun

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    bollywood ෆිල්ම් 1කට හම්බ උන හොදම imbd rank 1ක මේකට හම්බ උනේ..9.5..දැන් තියන dvdscr 1kanam වැඩක් නැහැ බං

    අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015)
    එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො 2015 ජනවාරි 23 ප්‍රදර්ශනය ආරම්භ කරපු ආක්ෂේ කුමාර් ගේ අලුත්ම ෆිල්ම් එක Baby හැමදාම තියනවා වගේ රැල්ලට ගියපු සින්දු, නැටුම් පිරිච්ච ෆිල්ම් එකක් නෙමේ,වෙනස්ම විදිහේ ක්‍රියාදාම ෆිල්ම් එකක් “තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න නෙමේ, රට වෙනුවෙන් අන්තිම හුස්ම පොද වෙනකම්ම ජිවත් වෙලා රට රැකගන්න උත්සහ දරන රහස් නියෝජිතයෙකුගේ කථාවක්“,තමන්ගේ රට රැකගන්න මොන විදිහේ උනත් කැප කිරීමක් කරන්න සුදානම් තරුණ පියෙකුගේ කථාවක්,”අජය” අජය කියන්නේ හමුදාවේ ඉදලා මේ “බේබි” කියන අවුරුදු 5 ක තාවකාලික පදනකම සිටින ඉංදියාවට එරෙහිව නැගීසිටින ත්‍රස්තවාදීන් නතර කරන්න උත්සහ දරන සංවිධානයේ සමාජිකයෙක්.ඔවුන් අවුරුදු 4 ක් ක්‍රියාකාරී සංවිධායක් විදිහට දැනට රැඳිලා ඉන්නවා,මේ ඔවුන්ගේ අවසන් වසර.
    ඇමරිකාවට එරෙහිව ඔසාමා බිල්ලාඩන් වගේ තමා ඉන්දියාවට මොහොම්මද් රෙහෙමාන් කියන්නේ,කොහොමහරි ඉංදියාව තුල විනාශයක් කරන්න මාන බලන ලක්ෂ්කර් කියන ත්‍රස්ත සංවිධානයේ නායකයා, ඔහුව අල්ලා ගැනීමට තියා ළඟටවත් යන්න හැකියාවක් කිසිම අයෙකුට ඇත්තෙත් නැ, ඔහුගේ සහයක IM කණ්ඩායමේ සමාජිකයා තමා”බිලාල් ඛාන්,”හැබැයි ඔහු ප්‍රහාරයක් එල්ල කරන්න ගිහින් අහු වෙලා දැන් ඉන්නේ ඉන්දියානු හිරභාරයේ,රෙහෙමාන් මාන බලන්නේ බිලාල් ඛාන්ව හිරෙන් නිදහස් කරගෙන ඉන්දියාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න මේ ප්‍රහාරය ගැන දැනගන්න බේබි සවිධානය මෙම ප්‍රහාරය නතර කරන විදිහ තමා මේ සිනමා නිර්මාණයේ දිවයන්නේ. සහ බේබි සංවිධානයේ අවසන් වසර මේක,ඔවුන්ට ස්ථාවර සංවිධානයක් විදිහට රැදෙන්න නම්,ඔවුන් සාර්ථක වීමත් අත්‍යාවශ්‍යයි.
    එහෙනම් බලමු නේද,තරුණ පියෙක් තමන්ගේ දරුවන් ගැනවත් නොසිතා තමන්ගේ රට බේරාගැනීමට දිවි පරදුවට තබා සටන් කරන විදිහ..සහ බේබි සංවිධානයට සිදු කිරීමට වෙන කැපකිරීම් ඔවුන් රට ආරක්ෂා කරන අතරතුරදී. ද්‍රෝහිවීම්,පරාජයන්,ජයග්‍රහණයන් මේ සියල්ල අතරින් තමන් සතු සියල්ලම කැපකරමින් රට රැකගන්න උත්සහ දරන බේබි සංවිධානයේ කථාව… :P :P
    දැනට අන්තර්ජාලයේ තියන හොඳම වීඩියෝ පිටපතට තමා අපි මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ. මේ පිටපත බලන්න අකැමති අය ඉන්නවනම් හොඳ පිටපතක් එනකම් ඉවසලා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි යාවත්කාලින කරන්නම්.මේ රූපරාමු ටික බලලම ඉන්නකෝ 1, 2, 3 මේ ෆිල්ම් එකට අංකන දත්ත පිටපත හදලා දුන්නු සමීර චතුරංග සහොටත් බොහොම තුති,
    එහෙනම් මම යනවා, හැමෝටම සුභ දවසක්,බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය!! යන ගමන් කොමෙන්ට් එකක් කොටාගෙන ගියාට අහිතක් හිතන්නේ නැ ඉතින් ;) :P
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    ohoma crack karanna puluwan safe ekak kohomada worlds No: 1 safe eka kiyanne.. melo rahak nathi security features thiyenne.. ohoma thiyanawa nam hama ekaama horakam karaine.. melo rahak nathi kathawak..