හැමදාම දකින දේවල් වල නොදන්නා දේවල්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    හැමදාම දකින දේවල් වල නොදන්නා දේවල්

    ඔන්න අද කියන්න යන්නේනම් වාහන ගැන නෙවෙයි.වාහන ගැන thread එකක් දාන්න ඕනේ.type කරන්න තියෙනවා ගොඩක්.වෙලාවක් හම්බුනා ගමන් එක දැන්නම්.එතකන් මේක බලන්ඩෝ !!!
    මේවගෙන් සමහර ඒවා උබල දන්නවත් ඇති.එත් දන්නේ නැති ඒවත් අනිවා ඇති.උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

    පෑනේ clip එකේ උඩ තියෙන හිල! ලොල්
    sub-buzz-8569-1474455183-3.png


    මේක ඉතින් අපි හැම එකාම දැකල තියෙනවනේ.ඉතින් ඕක නිකන් ආතල් එකට දාපු එකක් නෙවේ.ඇමෙරිකාවේ ළමයි 100ක් විතර ඉස්සර clip උගුරේ හිරවෙලා මැරිලා තියෙනවා.ඉතින් ඕකට විසදුමක් විදිහට තමා ඔය හිල දාල තියෙන්න.එතකොට හිර උනත් උඩට වාතය යන නිසා බේරෙනවා.

    ඕක විතරක් නෙවෙයි.දැකල තියෙනවා නේද බන් අර පෑනේ side එකෙත් චූටි හිලක් තියෙනව?එක තියෙන්නේනම් හිර වෙනවට නෙවේ.ලොල් එක තියෙන්නේ ලියද්දි පෑන ඇතුලට දිගටම වාතය සපයන්න.ඒ කියන්නේ පෑන seal වෙලානේ තියෙන්නේ උඩින්යි යටිනුයි.(ගොඩක් පෑන්)ඉතින් එහෙම වෙලා තියෙද්දී අපි ලියද්දි තීන්ත පල්ලෙහට ගලන්නනම් ඇතුලේ වාතය තියෙන්න ඕනේ .එහෙම තිබ්බේ නැත්තන් ඇතුලේ vaccum එකක් හැදිලා පල්ලෙහට තීන්ත ගලන එක නවතිනවා.ඕනේ නම් ඒ හිල වහගෙන ටික වෙලාවක් ලියල බලපන්කො




    ඩෙනිමේ පොඩි pocket එක

    sub-buzz-8761-1474457343-1.jpg


    මේ මගුල් pocket එක අපි හැම එකම දැකල තියෙනවනේ.එත් මේක මොන රෙද්දක්ද?ඇගිල්ල දන්නෙත් හෙන ගේමක් දීල.ඕක හදල තියෙන්නේ මාරු කාසි දාන්න එහෙමනම් නෙවෙයි.ඕක හදල තියෙන්නේ මුල්ම කාලේ තිබ්බ pocket ඔරලෝසු තියාගන්න.ඒ කිව්වේ අර රවුම් පොඩි ඔරලෝසු.ඔය පට්ට පරණ ෆිල්ම් වල එහෙම තියෙන්නේ.අන්න ඒවා.ඉස්සර මිනිස්සු ඕක ඩෙනිමේ ලොකු pocket එකේ ගෙන ඉදල තියෙනවා.එත් එකට අනික් බඩු දැම්මම ඔරලෝසුව කෙල වෙලා තියෙඅන්ව.ඒ හින්ද තමයි ඔය පොඩි pocket එක හදල තියෙන්නේ

    ඩෙනිමේ පොඩි යකඩ button

    sub-buzz-24417-1474452956-2.jpg


    levis ඩෙනිම් හදපු මුල්ම කාලේ පතල් අනන් මනං වල වැඩකරපු මිනිස්සුන්ගේ ඩෙනිම් වල සාක්කු ඉක්මනට ඉරිලා ගිහින් තියෙනව.ඒ උන් ඒවාට හේනට අනන් මනං දාල පුරවපු නිසයි හැමවෙලේම ඒවා අතගවෙන නිසයි.ඉතින් ඕක නවත්තන්න ඩෙනිමේ වැඩියෙන්ම ඇදීමක් එන තැන් වලට ඔය යකඩ button ගහල එකේ ශක්තිය වැඩි කරලා තියෙනවා


    tape එකේ පොඩි හිඩැස​

    sub-buzz-2685-1474550286-3.png
    sub-buzz-10988-1474460364-1.png


    පින්තුරේ දැක්කම තේරෙනවනේ.එක තියෙන්නේ මනිද්දී tape එක ලිස්සන්නේ නැතුව ඇනෙකට වගේ තද වෙලා තියෙන්න

    dashboard එකේ fuel meter එකේ තියෙන පොඩි arrow mark එක
    sub-buzz-15857-1474469823-3.png



    ඔය arrow mark එකෙන් කියන්නේ වාහනේ පෙට්රෝල්/ඩීසල් ටැංකිය තියෙන්නේ කොයි පැත්තේද කියල.පරණ වාහන වලනම් ඕක නැ .එත් අලුත් එවගේනම් එනවා අනිවා.ආයේ ඉතින් බැහැල බලන්නවත් පටලගන්නවත් ඕනේ නැනේ


    padlock එකේ යට හිල

    sub-buzz-5429-1474452358-1.png


    මේක දැකල ඇතිනේ.මේක තියෙන්නේ ඔය ඉබ්බාගේ ඇතුලට වතුර එහෙම ගියාම ඒවා ඇතුලේ එකතු නොවී එලියට ගලාගෙන යන්න.වතුර විතරක්ම නෙවේ.අපි දාන තෙල් උනත් ගලාගෙන යන්න තම එක තියල තියෙන්නේ


    නමක් කියන්න තේරෙන්නේ නැ බං

    sub-buzz-3162-1474453698-1.jpg


    ඔය original cable වල ඔය තඩි කෑලි දැකල ඇතිනේ .රුපියල 100 එවගේනම් ඕව නැ .ඕක තියෙන්නේ devices අතර electro magnetic interference එක නැති කරන්න.ඒ කියන්න අර අපි phone එකක් එහම speaker එකක් ලගට ගියාම ටර ටර ගාල සද්දයක් එන්නේ.අන්න ඒ මගුල නවත්තන්න තම ඕව තියෙනේ .හදල තියෙන්නේ ඕව අස්සට ferrate දාල.(magnetic iron oxide)

    F & J keys උඩ තියෙන පොඩි bump එක


    sub-buzz-464-1474463297-1.jpg


    ඕක තියෙන්නේ දඩ typists ලට අකුරු හොයාගන්න ලේසි වෙන්න.ඒ කියන්නේ උන් එක දිගට type කරද්දී miss උනොත් එහෙම ආයේ keyboard එක දිහා නොබලාම අකුරු ටික හොයාගන්න

    rep වෙනුවට bump දාන්න සහෝ.එතකොට තව උන් දෙයක් දැනගන්යි
    කියෙව්වට ස්තුතී.
    යමක් ඉගෙන ගත්ත යැයි සිතමි





    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :oo:වාහනයක් ගන්නද යන්නේ? Click Here

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    F & J keys and number 5 key eketh thiyenawa. ewa thiyenne andha ayata (blind) hoyaa ganna