සත්තු හදන්න අකමැතියි මම, මගේ පොඩි අවුලක් තියෙනවා සත්තු එහෙම කූඩු කරලා ඇති කරනවා දැක්කම මම මගේ පොඩි කාලේ එක්ක කල්පනා කරලා බලනවා. අම්මා තාත්තා උනත් මට පුදුම නිදහසක් දුන්නේ, අනන්තවත් දුවලා පැනලා ආතල් එකේ හිටියා කොටු වෙලා මුල්ලකට වෙලා ඉන්න උනේ නෑ කිසිම වෙලාවක, ඕනි දෙයක් කරන්න නිදහස තිබ්බා. ඉතින් එහෙම එකේ මම මොකටද සත්තු කොටු කරලා හදන්නේ කියලා මට හිතෙනවා.