හැමෝම බලපල්ලා...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හැමෝම බලපල්ලා...

    thumb_zoom.php


    පන්ති කාමරයේ තීන්ත ගාන්න ඉල්ලූ රු. 800 හොයන්න අල්ලපු වත්තේ පොල් ඇහිලූ 13 දැරිය අත්අඩංගුවට ප්‍රේමලාල් විජේරත්න, ඉංගිරිය - එස්.ඩී. සේන

    පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම් වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරුණු පුවතක්, හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.

    පාසල් දැරිය එසේ ශරීර ඇප මත මුදාහැරියේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කිරීම හේතුවෙනි. මේ දැරිය නිවෙස අසල අරමණාගොල්ල පදිංචි කේ.පී. චන්ද්‍රසේන නමැත්තකුට අයත් වත්තෙන් පොල් ගෙඩි අටක් සොරා ගත්තේ යැයි කළ පැමිණිල්ලක් මත හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත සඳහන් ශරීර ඇපය මත දැරිය මුදාහරින ලෙස හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.

    බාල වයස්කාර පාසල් දැරියක් වූ ඇය අධිකරණයේ මේ නියමයට පාත්‍රා වූයේ සිය මව සමඟ උදේ ආහාරයවත් ලබා නොගෙන පැමිණ සිටියදීය.
    මව ගර්භාෂයේ ගෙඩියක් හේතුවෙන් අසනීපව අසරණ තත්ත්වයට පත්ව ඇති කාන්තාවක් බව අධිකරණයේදී අනාවරණය විය.

    දැරිය වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් නොමිලයේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් එක් නීතිඥයකු වූ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට කියා සිටියේ මෙය සොරකම් කිරීමේ චේතනාව මත කරන ලද්දක් නොව නැති බැරිකම නිසා සිදු කළ දෙයක් බවයි.

    රුපියල් පනස්දහසක ශරීර ඇපයක් නියම කළ අවස්ථාවේ එම දැරිය සමඟ පැමිණ සිටි මව සිය හැඳුනුම්පත රැගෙන නොපැමිණීම නිසා ඒ පිළිබඳ යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඊළඟ දිනයේ හැඳුනුම්පත ඉදිරිපත් කරන බව පවසා එම දැරියට ඇප ලබාගැනීමට කටයුතු කළ බවද නීතිඥ රොෂාන් දෙහිවල මහතා 'මව්බිම'ට පැවැසීය. දැරිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහතාද නොමිලේ පෙනී සිට ඇත. කුලී වැඩ කරමින් ජීවත්වන සිය මව සමඟ ඊයේ හොරණ අධිකරණය වෙත පැමිණි එම 13 හැවිරිදි දැරිය සහ මව ඒ වන විටද නිරාහාරව සිටි බැවින් නීතිඥවරුන් දෙදෙනා ඔවුන්ට උදේ ආහාර වේලද ලබාදී තිබේ.

    ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවැසුවේ උසාවි කටයුතු අවසන්වීමෙන් පසු තමා සහ අනෙක් නීතිඥවරයා විසින් තම මුදලින් ඔවුන්ගේ නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන දුන් බවයි.

    මේ අතර 'මව්බිම' මේ පිළිබඳ හොරණ පොලිසියේ උසස් නිලධාරියකුගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙම දැරිය ගස් නැඟ පොල් කඩන බවට අසල්වැසියන්ගෙන් නිතර නිතර පැමිණිලි ලැබී තිබුණු බවත් ඒ අනුව මෙම පැමිණිල්ල මත අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය. නඩු විභාගය ලබන 22දාට කල් තබා ඇත.
    හොරණ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :lol: itin hondai ne... million ganan horakan karanawa wageeda pol gedi 8k ussanawa kiyanne :frown: man nan kiyanne me wage aya ellum gas yawiya uthui kiyala ...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai ban a minissunta hithak papuwak nedda. a kella gas ngala pol kadanawa nam, aduma gane thamange waththe pol tika kadawagena kuliya wath denna thibbane... a minissu aken hari welak getagaha gannawane... anika meke theeranaya deela tiyenne MAHESTHRATH THUMIYAK. a wesa genitawath hithak nedda pol gedi 8k wenuwen 50,000k epa illanna... polgediyak den 50 wela ayeth...
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ai ban a minissunta hithak papuwak nedda. a kella gas ngala pol kadanawa nam, aduma gane thamange waththe pol tika kadawagena kuliya wath denna thibbane... a minissu aken hari welak getagaha gannawane... anika meke theeranaya deela tiyenne MAHESTHRATH THUMIYAK. a wesa genitawath hithak nedda pol gedi 8k wenuwen 50,000k epa illanna... polgediyak den 50 wela ayeth...
    :(
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan 50000ka sharira apayak kiyanne , salli walin thiyanna onada???800 nathi minissu 50000k kohen thiyannada???

    හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක
    හොරණ පොලිසිය

    wahi nathi hena gahapan !!!!!!!!!!!!!!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ශරීර අප බන්..ගෙවන්න ඕනේ නැහැ..නැවත වැරද්දක් කරලා අහු උනොත් තමයි ගෙවන්න ඕනේ..එත් පට්ට පව්...අසරණ පවුලක්......මේ වගේ දේවල් අහන්න ...දුකයි..අපේ මිනිස්සු ටිකක් එකතු වෙලා සංවිධානයක් වගේ හදාගෙන අසරණ මිනිසුන්ට උදවු කරන්න හැදුවනම.....අපි මේ ඉපදිලා ඉන්නවා...මෙහෙම..කන්න නැතුව කොච්චර මිනිස්සු ඉන්න්නවා ඇත්ද බන් ලංකාවේ.....තාම හරියට්ක දෙයක් කරන්න අපි තත්වෙකත් නෑ...මේවා ගැන දුකයි...හිතට.....:(:(:(:(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙම නිතිය හරියට ක්‍රියාත්මක කරන පොලිසියටත් මහා රජාටත් ......................... වේවා
     
    Last edited: