අද මම කාඩ් එකක් දාගන්න කියලා කමියුනිකේශන් එකට ගිහින් ඉද්දි වයසක සීයා කෙනෙක් ආවා. ඒ සීයා දැක්ක ගමන් මම අඳුරගත්තා. මොකද ඒ සීයා ඉන්නෙ අල්ලපු ගමේ පුංචි පැලක. ඒ පැලේ ඒ සීයා සීයයි ආච්චියි එක්ක එයාලගෙ මුණුපුරා ඉන්නවා. ඉස්කෝලෙ යන වයසේ.
"අනේ පුතේ ඒ දරුව නිතරම කියනවලු සීයට එයාට ඔන්ලයින් පාඩම් බලන්න හදලා දෙන්න කියලා. උන්දෑට කොහෙන්ද එච්චර වත්කමක්. පව්, අම්මා අප්පා නැති දරුවා." ඒ සීයගෙ ගෙදර ගාව නැන්දා කෙනෙක් කීවෙ එහෙම.
ඒ සීයා ඇවිල්ලා තිබ්බේ සීයගෙ හද්ද පරන චයිනීස් බටන් පෝන් එකක් අරගෙන. ඒකත් අරගෙන ආපු සීයා බොහොම අහිංසක විදිහට කමියුනිකේශන් එකේ අයියගෙන් මෙහෙම ඇහුවා.
"අනේ පුතේ මේ පෝන් එකේ ඔන්ලයින් හදලා දෙන්න පුලුවන්ද?"
මගෙ පපුව හෝස් ගාලා ගියා. මිනිස්සුන්ගෙ අසරණකම...
ටිකක් වෙලා බලාගෙන හිටපු කමියුනිකේශන් එකේ අයියා මෙහෙම කීවා.
"අනේ මේ පොඩි පෝන් වල ඔන්ලයින් යන්න හදන්න බෑනෙ සීයේ. ඒවට මේ වගේ ලොකු පෝන් ඕනේ." (අයියා අතේ තිබ්බ ස්මාට් පෝන් එක පෙන්නමින්)
"එහෙමද? මං යන්නම් පුතේ" සීයා බොහොම දුකින් යන්න හැරුණා.
"ඇයි සීයේ මල්ලිටද ඔන්ලයින්?"
"නෑ මහත්තයෝ අද ඉඳලා අරක්කු ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්ලුනේ. ඔන්ලයින් හදාගෙන බාගෙ බෝතලයක්වත් ඕඩර් කරගන්න බැලුවේ. එන්නං මහත්තයෝ."
.
