හැම කෙනාම කියවිය යුතු ලිපියක්...
මව්බිමේ සරසවි දූ පුතුන් වෙත සෙනෙහසින් ලියමි
ඕස්ටේ්රලියාවෙන් ලංකාවට ආ හසුන
ශ්‍රී ලංකාවේ සරසවිවල ඉගෙනුම ලබන සියලුම දූ පුතුන් වෙත මේ ලිපිය ලියා එවන මම ඕස්ටේ්රලියාවේ ජීවත්වන නැන්දා කෙනෙක්. පසුගිය කාලයේ සරසවි අරගල උග්‍රව තිබියදී ඔබ අමතන්නට සිතුවත්, ඒ අදහස කල් දැමුවේ කෝප ආවේගයෙන් දැවෙන තරුණ හදවත් තරමක් සිසිල් වීමට කාලය දිය යුතු නිසයි. මම මේ ලිපියෙන් "පුතාලා" කියා අමතන්නෙ දූලා පුතාලා දෙගොල්ලන්ටම.
මම මේ ලිපිය ලියන්නෙ ලෝකයේ ධනවත් රටක සිට ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න හා අරගල දිහා බලමින්. හැබැයි මම බලන්නෙ ධනවාදී ආකල්පයකින් නෙමෙයි. යථාර්ථවාදී ආකල්පයකින්. ඒ නිසා ආවේගශීලී මනසකින් නොව, මදක් හෝ සන්සුන් කරගත් මනසකින් මේ ලිපිය කියවන මෙන් මම ඉල්ලා සිටිනවා.
මුලින්ම මම පුංචි සිදුවීමකින් කතාව පටන් ගන්නම්. පසුගිය වසරේ ඔස්ටේ්රලියානු සංචාරක සමාගමක් මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා සවාරියකට මමත් එක්වුණා. ඒ, යුද්ධය නිසා කාලයක් අපට තහනම් වී තිබුණු පෞරාණික ස්ථාන කීපයක් දැක බලා ගැනීමේ අදහසින්. සංචාරය නිමව අපි කොළඹට පැමිණියේ 2009 අගෝස්තු 11 වැනිදා. එදා කොළඹ නගරයේ පැවැත්වුණ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක්. අපට රැකියා දියව්" කියා රජයට බලකරමින් පදික වේදිකාවේ කරන උද්ඝෝෂණයක්.
අපේ කණ්ඩායමේ සුද්දන්ට දැනගන්න අවශ්‍ය වුණා සිය ගණනක් තරුණ පිරිස් රැස්වෙලා මොකක්ද මේ කරන්නෙ කියලා. මම කාරණේ පැහැදිලි කළහම මොකක්ද දන්නවද සුද්දොa කිව්වේ.
ඔය වැඩේ අපේ රටේ පටන්ගත්තොත් ඔක්කොම මිනිස්සුන්ට ඉන්න වෙන්නේ පාරේ. මෙහෙම කිව්වේ බංගලිදේශයේ හෝ ඉතියෝපියාවේ මිනිස්සු නෙමෙයි. බොහො දෙනා පාරාදීසයක් යෑයි කියන ඔස්ටේ්රලියාවේ පුරවැසියො. මෙහිම ඉපිද හැදී වැඩී ඇත්ත ඇති හැටියට දකින මිනිස්සු. හුඟක් ධනවත් රටවල යථාර්ථය තමයි ඒ.
උපාධියට - රැකියාවට කියා සංකල්පයක් මේ රටවල නැහැ. අමාරුවෙන් රැකියාවකට ගියත්, විශ්‍රාම යනතුරු ඒ රැකියාවෙ රැඳී ඉන්න ලැබෙයි කියන විශ්වාසෙකුත් නැහැ. මේ රටවල රැකියා අහිමිවීමේ අවදානමත් හුඟක්ම වැඩියි. රැකියා ඉල්ලමින් පාරට බහිනවනම්, ඔස්ටේ්රලියාවෙ හැම මිනිහෙකුටම පාරෙ ඉන්න වෙන බවට අර සුද්දා අනතුරු ඇඟෙව්වෙ ඒකයි.
ලෝකයේ ධනවත් රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලැබෙනව කියලද පුතාලා හිතන්නෙ? එහෙම ලැබෙන්නෙ ඉතාම ඉහළ සමත්කම් පෙන්වා ශිෂ්‍යත්ව දිනාගත් අතළොස්සකට පමණයි. අනෙක් හැම ශිෂ්‍යයෙක්ම මුදල් ගෙවා ඉගෙනගත යුතුයි. රැකියාවක් ලැබුණු පසු ගෙවීමේ ක්‍රමයට ඔවුන්ට ශිෂ්‍යාධාර ලැබෙනවා. නමුත් ඒ මුදල අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් නැහැ. මේ රටවල හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ම අර්ධකාලීන රැකියාවල නිරත වෙන්නෙ ඒ නිසා.
ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ හැම රටකම සරසවි ජීවිතය කටුකයි. එංගලන්තයෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගාස්තු තුන් ගුණයකින් වැඩිකිරීමට එරෙහිව මහා ශිෂ්‍ය විරෝධතාවන් දියත්වුණු හැටි පුතාලා පසුගිය දිනවල රූපවාහිනියෙන් දකින්න ඇතිනෙ. ඒ දකිනකොටවත් ඔයගොල්ලන්ට හිතුනෙ නැද්ද ගාස්තු නොගෙවා සරසවි අධ්‍යාපනයක් ලැබීම වාසනාවක් කියල? ඒ දුර්ලභ වාසනාවෙන් මීට වඩා ප්‍රතිඵල ලැබිය යුතුයි කියල?
පසුගිය කාලයේ මෙල්බර්න් නුවර මගේ සේවා ස්ථානයට ඇමරිකානු උපදේශිකාවකගේ සේවය ලබාගත්තා. එකී තනතුරට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද ඇති කිසිවකු ඔස්ටේ්රලියාවෙන් සොයාගන්නට බැරිවීම නිසයි ඇමරිකාවෙන් මේ කාන්තාව "ආනයනය" කරන්නට සිදුවුණේ. අද අපේ කාර්යමණ්ඩලය සමග සුහද වන විට අපට දැනගන්නට ලැබුණා ඇය දණහිස් ආබාධයකට නොකඩවා ප්‍රතිකාර ලබන්නියක් බව. මේ ආබාධයේ සුලමුල කියද්දී තමයි ඇගේ ශිෂ්‍ය ජීවිතයේ කටුක අද්දැකීම් අපට දැනගන්නට ලැබුණෙ.
මෙතැන් සිට අපි ඇය මේරි කියා හඳුන්වමු. තමන්ගෙ උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයන්නට මේරි වයස අවුරුදු දාසයේ සිට පුරා පහළොස් වසරක් කම්හලක සේවය කළාලු. ටින් මාළු කම්හලක ශීත කාමරයෙහි ඇය දිගමට සේවය කර තිබෙන්නෙ. සම් මස් විනිවිද යන කටුක සීතලෙන් පීඩා විඳිමින්, රාත්තල් 50 ක් බරැති මාළු බඳුන් ඔසවා එහා මෙහා කිරීමයි ඇගේ රැකියාව. පුතාලා පොඩ්ඩක් හිතන්න. දාසය හැවිරිදි සියුමැලි තරුණියකට ඒ තරම් කටුක රැකියාවක යෙදෙන්නට වීම මොනතරම් අසාධාරණද?
ඉතින් මේරිගේ දණහිස් ආබාධය ඇතිවුණේ මේ අසාධාරණයට එරෙහිව පෙළපාලි ගොස් පොලිසියෙන් ගුටිකාලහෙම නොවෙයි. උසස් අධ්‍යාපනයක් ලබාගැනීමේ අභිලාෂය මුදුන්පත් කරගැනීමට ඒ අසාධාරණය සමග පහළොස් වසරක් ඔට්ටුවීම නිසා. සරසවි අධ්‍යාපනයට අවශ්‍ය මූලික මුදල් සොයා ගැනීමට ඇය මුල් වසර දෙක එම කම්හලේ පූර්ණ කාලීනව සේවය කළා. එසේ ඉතිරිකරගත් මුදලින් සරසවියට ඇතුළු වූ මේරි ඊළඟට වසර ගණනාවක් ගතකර ඇත්තේ අර්ධකාලීනව සරසවි අධ්‍යාපනය ලබමින් හා අර්ධකාලීනව කම්හලේ සේවය කරමින්.
අපේ දුප්පත් ලංකාවේ සරසවි සිසුන්ට පූර්ණකාලීනව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබුණත්, ධනවත් රටවල බොහෝ සිසුන්ට ඒ වාසනාව නැහැ. ඔවුන් සරසවියත් රැකියා ස්ථානයත් අතර දුව පනිමින් මහා යුද්ධයක් කරමිනුයි අධ්‍යාපනය ලබන්නෙ. ඔවුන්ට දේශපාලනයේ යෙදෙන්න අවකාශ නැත්තෙ ඒ නිසා.
අර්ධකාලීනව අධ්‍යාපනය ලැබූ මේරිට සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන්නට අවුරුදු හයක් ගතවෙලා. ඉන් පළමු පෙළ සාමාර්ථයක් ලැබූ ඇයට ආචාර්ය උපාධිය හදාරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඉතින් ඔබ හිතාවි ඇයට ඒ සඳහා ශිෂ්‍යත්වයක් ලැබෙන්න ඇති කියලා.
නෑ. ශිෂ්‍යත්ව ලැබෙන්නෙ හරිම සීමිත පිරිසකට. මට ලැබුණෙ දීමනාවක් විතරයි. එයින් සරසවි ගාස්තු ගෙවලා මගේ වියදම හොයාගන්න මම දිගටම ශීත කාමරේ වැඩ කළා. මේරි කියන්නෙ සැහැල්ලුවෙන්. ඇගේ පර්යේෂණ කටයුතු වලට දුර බැහැර යන්නට සිදුවූ නිසා ඇය එවර රාත්‍රී සේවය තෝරාගෙන. රාත්‍රිය කම්හලේ ශීත කාමරයේත්, දවාල ක්ෂේත්‍ර පර්යේෂණ වලත් නිරතවෙමිනුයි මේරි ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල තියෙන්නේ.