තදින් සවි කරලා තියන ඉස්කුරුප්පු ඇණයක් ගලවන්න නම් ඔබට අවශ්‍ය, ඔබ එය දවසකට පැයක් ඇණය බුරුල් වෙන පැත්තට කරකනවා. ඊට පස්සෙ ඉතිරි පැය විසි තුනම ඇණය අපහු තද වෙන පැත්තට කරකනවා. ඇණය කවදාවත් ගලවන්නට හැකි වෙයිද ?
මේ වගෙයි ඔබ නිවන් අවබෝධයට වීර්යය කිරීම. දවසකට පැයක් දෙකක් විදර්ශනා භාවනාවක් කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්මය විමසනවා. නමුත් ඉතිරි පැය විසි තුනම නිත්‍ය, සුඛ, ආත්ම සංඥාවෙන් මුලා වෙනවා.
එහෙම නම් ඔබ කටයුතු කරන්නේ ඔබට නිවන ගොඩාක් දුරයි.
හැම මොහොතකම ත්රිලක්ෂණය දකින්න. අනිත්‍ය බව, දුක් බව , අනාත්ම බව දකින්න.
හිතන්න නෙවෙයි..
දකින්න....
එය දැකිය හැකියි.
මන්දයත් එය හැම මොහොතකම ක්‍රියාත්මක වෙන නිසා. හැම මොහොතකම ක්‍රියාත්මක් වෙන එකම සත්‍ය එය නිසා. එය දකින්න.. ඒ දෙය හිත හිතා වෙහෙසෙන්න ඕන දෙයක් නෙවෙයි.. ඒක තමයි පවතින දෙය. අනිත්‍ය.. දුක... අනාත්මය.. ඒක ප්රකටව පෙනෙන්නේ නැත්තේ ඔබේ සිත නීවරණයන්ගෙන් වැහිලා.. අඳුරු වෙලා. මෝහයෙන් වැසිලා.. නිත්‍ය, සුඛ, ආත්ම කියන බොරුවෙන් වැහිලා..
ධර්මය බබලන මේ ක්ෂණ සම්පත්තියක, ඒ මෝහ අන්ධකාරයෙන් වැසිලා ඔබ කවර නම් සතුටක්ද සොයන්නේ...!