හැම රටක්ම එක currency එකක් පාවිච්චි කරොත්

paulo.a

Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    bitcoin lagadima kohomath control ekak enawa, eka hodai . godak welawata issrahata crypto walin godak exchange wei.
    Bitcoin is designed in a way that it is hard or almost impossible to govern by anyone . That's why most governments are interested in making their own crypto currency.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    වෙනසක් නැ සල්ලි අච්චු ගහන එක කරන්න වෙන්නේ සෙන්ට්‍රල් බොඩි එකකින් දැන් යුරෝපේ කරනවා වගේ. එතකොට රටවල් වලට සල්ලි අච්චු ගහන්ඩ බැ.

    ඔක්කොම ඩොලර් පාවිච්චි කරනවා කියලා හිතන්ඩකෝ
    උදාහරණයක් විදිහට ඇමරිකාවේ $10000000000 වගේ තියෙයි ලංකාවේ $10ක් වගේ තියෙයි. ලංකාව කොහොමත් දුප්පත්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    රජයකට වියදම් සඳහා හිතුමතේට සල්ලි අච්චුගහන්න බැරි වෙනවා. ලංකාවේ වගේ රටකට ආදායමට වඩා වියදම් වැඩි නිසා නිකන්ම බංකොලොත් වෙනවා.
    දැනටත් බොහෝ රාජ්‍යයන් අතර ගනුදෙනු සඳහා USD තමයි භාවිතා කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම කරන්න බෑ . රටෙන් රටට මුල්‍ය රෙගුලාසි තියෙනවා .රටේ ඉන්න ජන ගහනය අනුව මුදල් තොගය වෙනස් වෙන්න ඕනේ. මේ වගේ ගොඩක් කරනා තියෙනවා.ප්‍රයෝගික නැහැ
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එහෙම කරන්න බෑ . රටෙන් රටට මුල්‍ය රෙගුලාසි තියෙනවා .රටේ ඉන්න ජන ගහනය අනුව මුදල් තොගය වෙනස් වෙන්න ඕනේ. මේ වගේ ගොඩක් කරනා තියෙනවා.ප්‍රයෝගික නැහැ
    රට ඇතුලේ නිශ්පාදනය වෙන දේවල් වල වෙලඳාමට රට ඇතුලෙ කරන්සි එකක් ඕනමයි නේද, නැත්නම් රට ඇතුලෙ මිනිස්සු භාන්ඩ හුවමාරු කරනන් ගනීවි
    උදාහරනයක් මගේ ගෙදර ගහේ කොස් තියනවා, තව කොහෙ හරි ගෙදරක ගහේ පොල් තියනවා, පොල් තියන එකාටයි මටයි දෙන්නටම ඩොලර් නැත්තං අපි දෙන්නට ගනුදෙනු කරන්න විදියක් තියෙන්න ඕනනේ, මොකද අපි දෙන්න ලඟ ඩොලර් නැති උනාට මොනවා හරි බඩු තියනවා, මේ වගේ සිටුවේශන් වලදි ලෝකල් කරන්සි එකක් තියන එක හරිම වැදගත්, නැත්තං අපි දෙන්නට කොස් පොල් හුවමාරු කරගන්න වෙනවා, එහෙම නැතුව මගේ ලඟ පොලුත් තියනවා, අරූට මගෙන් කොස් ගන්න ඕන, මට පොල් අරගෙන වැඩක් නැහැ උගේ ලඟ දෙන්න වෙන දේකුත් නැහැ. etc etc වෙනවානේ.
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රට ඇතුලේ නිශ්පාදනය වෙන දේවල් වල වෙලඳාමට රට ඇතුලෙ කරන්සි එකක් ඕනමයි නේද, නැත්නම් රට ඇතුලෙ මිනිස්සු භාන්ඩ හුවමාරු කරනන් ගනීවි
    උදාහරනයක් මගේ ගෙදර ගහේ කොස් තියනවා, තව කොහෙ හරි ගෙදරක ගහේ පොල් තියනවා, පොල් තියන එකාටයි මටයි දෙන්නටම ඩොලර් නැත්තං අපි දෙන්නට ගනුදෙනු කරන්න විදියක් තියෙන්න ඕනනේ, මොකද අපි දෙන්න ලඟ ඩොලර් නැති උනාට මොනවා හරි බඩු තියනවා, මේ වගේ සිටුවේශන් වලදි ලෝකල් කරන්සි එකක් තියන එක හරිම වැදගත්, නැත්තං අපි දෙන්නට කොස් පොල් හුවමාරු කරගන්න වෙනවා, එහෙම නැතුව මගේ ලඟ පොලුත් තියනවා, අරූට මගෙන් කොස් ගන්න ඕන, මට පොල් අරගෙන වැඩක් නැහැ උගේ ලඟ දෙන්න වෙන දේකුත් නැහැ. etc etc වෙනවානේ.
    Hmm මෙහෙමයි මචෝ අපිට ඕනේ නම් රට ඇතුළේ උණත් USD පාවිච්චි කරන්න පුළුවන් ගනුදෙනු වලට (ලිබියාව එහෙම කරා) වෙන ඕනෙම ජාත්‍යන්තර මුදල් එකක්කයක් භාවිතා කරන්න පුළුවන් හැබැයි ඒ මුදල් ඒකක අපේ පාලනයෙන් තොරයි . අපිට ඕනේ විදියට මුදල් නිකුත් කරන්න බැහැ.
    කෘතිමව අර්ථික වර්ධනයක් ඇති කරගන්න සමහර අමාරු වෙලාවල් වල මුදල් නෝට්ටු අළුතෙන් මුද්‍රණය කරනවා . වෙළඳ පොළේ සංසරණය වෙන මුදල් තොගයේ වැඩි වෙනකොට රටේ ආර්ථික වර්ධනයත් වැඩි වෙනවා කියන නියයාය උඩ . අපි පාවිච්චි කරන මුදල් ඒකකය කලාපීය එකක් හරි වෙන රටක එකක් නම් අපිට හිතෙන විදියට ආර්ථිකය හසුරුවා ගන්න බැරි වෙනවා.
    මෙහෙම තමන්ගේ මුදල් ඒකකය හසුරුවා ගෙන ජාත්‍යන්තර ගනුදෙනු වලින් උපරිම වාසියක් ගන්න රටක් හැටියට චීනය ගන්න පුළුවන් . චීන යුයාන් එකක් හැම වෙලාවෙම එකස්ත් ජනපද ඩොලර් එකේ පහෙන් එකක් විදියට විනිමය අනුපාතිකය පවත්වාගෙන යනවා . මේකෙන් චීනෙට විශාල වාසියක් තියෙනවා
     
    • Like
    Reactions: NEMISIS

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
    එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ

    සරලව පැහැදිලි කරන්න. commerce කරලා නෑ :baffled:
    ක්‍රිප්ටෝ එන්නේ එකට තමා