හැම වයස්ගත පිරිමියෙක්ම ‘දුබල’ නැහැ - විශේෂඥ &a

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හැම වයස්ගත පිරිමියෙක්ම ‘දුබල’ නැහැ - විශේෂඥ &a

    හැම වයස්ගත පිරිමියෙක්ම ‘දුබල’ නැහැ - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    පිරිමින් කාන්තාවන් මෙන් වයසට නොයන බවටත් සමහර පිරිමින්ට ජීවිතාන්තය දක්වාම දුබල තාවයකින් තොරව තමන් ගේ ජීවිතයේ සියලු කටයුතු කර කියා ගත හැකි බවටත් ඇතැම් වියපත් පිරිමින්ට තරුණ කතුන් ගේ ආකර්ශනය පවා හිමිකර ගත හැකි බවටත් සමාජයේ පොදු මතයක් තිබෙනවා. මානව විද්‍යා විෂය
    ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද ගවේෂණ සිදු කරන විද්වතෙකු වන ළමා රෝග සහ ආසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මේ ගැන ලක්බිම පුවත්පතට අදහස් දක්වා ඇත.

    කාන්තාවන් වයසට යන මුත් ජීවිතාන්තය දක්වාම පිරිමින් වයසට නොයන , දුබල නොවන කතාව ඇත්තක්ද?

    සම්පූර්ණයෙන් නොවුණත් ඒ කතාවේ අර්ධ සත්‍යයක් තිබෙනවා; කෙනෙකු වියපත් වීමත් සමඟ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ය‍මෙකුගේ ශරීර ශක්තිය ක්‍රමයෙන් හීන වන්න, දුබල වන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් වයස අවුරුදු පනහෙන් පසුව කාන්තාවක මුහුණ දෙන ආර්ථවහරණය (Menopause) නම් තත්ත්වයෙන් පසුව දරුවකු බිහි කිරීමේ හැකියාව කාන්තාව කෙරෙන් ඉවත් වෙනවා; වියපත් කාන්තාවකට බිහිවන දරුවා අංග සම්පූර්ණ නිරෝගී දරුවකු නොවීම මත ස්වභාව ධර්මයෙන්ම ඔවුන්ට ඒ තහංචිය පමුණුවා තිබෙනවා. නමුත් පිරිමියකු ගේ තත්ත්වය ඊට සපුරාම වෙනස්. ජානමය වශයෙන් සහ දියවැඩියාව ආදී අන්තරා සර්ග පද්ධතිය (Endocrine System)කෙරෙහි බලපාන කායික රෝග තත්ත්වයක් හෝ මානසික අවපීඩන තත්ත්වයක් නොමැති නම් වයස අවුරුදු අසූවේ පිරිමියකුට වුවත් කාන්තාවක ගැබ් ගැන්වීමේ යම් හැකියාවක් තිබෙනවා. කාන්තාවන්ට උරුම වන තත්ත්වය අර්ථවහරණය නමින් හැඳින්වෙන නිසා පිරිමින් සම්බන්ධ ඊට ඉඳුරාම වෙනස් තත්ත්වය සරල සරදමකට අනුව පැවසෙන්නේ Mennopause යනුවෙන්. එහි අදහස Men + No + Pause; එනම් පිරිමින්ට ‘නැවතීමක් නැත’ යන්නයි.

    තත්ත්වය එහෙම වුණත් සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන් තුළ බොහෝ වියපත් පිරිමින් කෙරෙහි විශේෂ ආකර්ශනයක් ඇති වන්නේ නැහැ නේද?

    ඒක ශිෂ්ටාචාරගත සමාජය ලක්ෂණයක්. නමුත් අපි ශිෂ්ටාචාරයෙන් ඔබ්බට ගිය ප්‍රාථමික සමාජ සහ මිනිසා ශිෂ්ටාචාර ගත වීමට පෙර තත්ත්වයන් විමසා බැලුවොත් පිරිමියකු කෙරෙහි කාන්තාවගේ සිත ඇදී යාමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ ඔහුගේ බාහිර පෙනුම, පෞරුෂය, කටහඬ, ක්‍රියාකාරකම් වගේ දේවල් මිස වයස නෙවෙයි; ඒ අනුව වියපත් වුණත් බාහිර වශයෙන් දුබල පෙනීමක් නොමැති පිරිමින් කෙරෙහි කාන්තාවන්ගේ සිත් ස්වභාවිකව ඇදී යා හැකියි. ඔය ස්ත්‍රී පුරුෂ වයස් පරතරය කියන එක පසුකාලීනව මිනිසුන් විසින් තනාගත් ශිෂ්ටාචාර ලක්ෂණයක් විතරයි.

    ඒත් ශිෂ්ටාචාරයෙන් තොර වන්නේ ම්ලේච්ඡ වනචාරීන් සහ තිරිසන් සතුන් නේද?

    ඔව්; විශේෂයෙන් වානර ආදී බුද්ධිය මුහුකුරා ගිය සතුන් අතර පවා; ගැහැණු සතුන් තුළ සෙසු වානරයන් අභිබවා එහි සිටින වඩාත් ශක්තිමත් වානරයා කෙරෙහි විශේෂ ඇල්මක් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබනෙවා. ඩෙස්මන්ඩ් මොරිස් වැනි ලේඛකයන් තමන්ගේ කෘති මගින් මේ තත්ත්වය කදිමට විස්තර කොට තිබෙනවා.

    නමුත් වර්තමාන සමාජයේ ඇතැම් තරුණ කාන්තාවන් මුදල් තණ්හාව මත බොහෝ වියපත් පිරිමින් ඇසුරු කරන හා විවාහ කර ගන්නා අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා.

    ඒක අපට බාහිරින් පේන තත්ත්වයක් විතරයි; ඒ හැරුණු කොට කිසියම් තරුණ කාන්තාවක් බොහෝ වියපත් පිරිමියකු ඇසුරු කිරීමට හෝ විවාහ කර ගැනීමට සැබෑ හේතුව වටහා ගැනීමට නම් ඇය මනෝ විශ්ලේෂණයකට ලක් කළ යුතුයි. නමුත් වර්තමාන සමාජ පුරුෂාර්ථ අතර මුදලට ඉහළම තැනක් හිමිවීම මත කාන්තාවක පිරිමියකු කෙරෙහි ඇළුම් කිරීමට ධනයත් ප්‍රධාන සාධකයක් විය හැකියි; ‘සල්ලි ගස්වල හැදුණොත් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි.’ යනුවෙන් සමහර ත්‍රිරෝද රථ පිටුපස පවා සඳහන් වන්නේ වර්තමානයේ බලය ඇති කර ගැනීමට සහ පවත්වා ගෙන යාමට ධනය ප්‍රධාන සාධකයක් වන නිසයි.

    එතකොට ඒ කාන්තාවන් ඇළුම් කරන්නේ ඒ පිරිමින් සතු ධනයට නෙවෙයිද?

    මා කලින් කී අන්දමට පිරිමියකු‍ගේ බාහිර ස්වරූපය, පෞරුෂය, කටහඬ, ගතිගුණ, හැසිරීම් ආදිය මත ඔවුන් ගොඩ නඟා ගෙන ඇති පෞරුෂයට වර්තමානයේ ‘ධනය’ 'කීර්තිය' කියන සාධකයකත් සෘජුවම බලපානවා; ඒ නිසා වඩාත් නිවැරදි විදිහට කිවහොත් කාන්තාවන් වයස පවා නොතකා පිරිමියකු ගේ ධන බලය, කිර්තිය, සමාජ තත්ත්වය ඇතුළු ඉහත ඉහතකී පෞරුෂ ලක්ෂණ වලට ඇළුම් කිරීමේ ස්වභාවික නැඹුරුවක් තිබෙනවා.

    නමුත් එය සමාජ සදාචාරයට පටහැනි නේද?

    සමාජ සදාචාරය කියන්නේ පොදු සමාජීය යහපැවැත්ම තකා මිනිසා විසින් නිර්මාණය කොට ගත් එකක්. නමුත් එය සමාජයෙන් සමාජයට සහ කාලයෙන් කාලයට සාපේක්ෂයි. ඒ අනුව අප සමාජයේ වුවත් වර්තමානයේ පවතින සදාචාර මට්ටමේ යම් වෙනසක් වීමේ හැකියාවක් තිබෙනවා.

    ඒත් එය සදාචාර බිඳ වැටීමක් නේද?

    එය බිඳ වැටීමක් තමයි. නමුත් අපට එසේ කිව හැක්කේ නූතන සමාජ, සංස්කෘතික පදනමේ සිට පමණයි.

    දමයන්ති ගමගේ (ලක්බිම)
     
    • Like
    Reactions: THE HUNTER

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නාකි විසේ ගෙටත් උසේ ...... (ඔං වික්ටර් අන්කල් අයියට නෙවෙයි කිව්වේ ඈ ....)
     
    • Like
    Reactions: Ithika mithika